අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිඹිරිය රජමහා විහාරයේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු ඇරඹේ

    මැයි 29, 2014

    ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව තිඹිරිය රජමහා විහාරයේ හා ඌව පළාත් පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පසුගිය දා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ සහ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණ.


     මොණරාගල දිස්ත්‍රික්කයේ තිඹිරිය ග්‍රාමයේ පිහිටි මෙම තිඹිරිය රජමහා විහාරය ඓතිහාසික වශයෙන් වැදගත් විහාරස්ථානයකි. මෙහි අනුරාධපුර යුගයට අයත් දාගැබක් හා මහනුවර යුගයට අයත් චිත්‍ර මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක රැසක් දැකගත හැකිය.


    සද්ධාතිස්ස රජතුමාගේ වැඩිමහල් පුතණුවන් වන “ලජ්ජතිස්ස” කුමාරයා “ගිරිකුම්භිල” නම් රම්‍ය විහාරයක් කරවූවේ යැයි මහාවංශයේ මෙම විහාරය ගැන සඳහන් වේ. මෙම තිඹිරිය විහාරස්ථානය මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට බුදු දහම හඳුන්වා දී නොබෝ කලකින් නිර්මාණය වූවක් වටා ඓතිහාසික සාධක ඇත. මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට බුදු දහම හඳුන්වා දුන්නාක් පමණක් නොව අශෝක අධිරාජ්‍යයාගේ සමයේ ඉන්දියාවේ පැවති සංස්කෘතික ප්‍රබෝධයේ විවිධ අංග ලාංකීය ජන සමාජයට හඳුන්වා දීම ද සිදු කෙරිණ.

     

    මෙම විහාරස්ථානය සතු සියලු ලේඛන රජවරුන් පිරිනමන ලද සන්නස් ආදිය 1818 දී ඇති වූ වෙල්ලස්ස කැරැල්ලේ දී සම්පූර්ණයෙන්ම විනාශ කර ඇත. කැරැල්ලට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන ලද මෙම විහාරය ඉංග්‍රීසින්ගේ අවධානයට ලක්වීම නිසා 1817 දී මෙහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගෙන යාපනය සිරගෙදර දී ඝාතනය කරන ලදී.

    මෙම සාකච්ඡාවේ දී ඌව පළාත් පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතුවල ප්‍රගතිය ද, තිඹිරිය රජමහා විහාරයේ පැරණි ධර්ම ශාලාව අලුත්වැඩියාව හා චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

    මෙම වසරේ දී මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට ද එහිදී තීරණය කෙරිණ. මෙම අවස්ථාව සඳහා තිඹිරිය පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පගුරේ ධම්මදස්සි හිමියන්, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය නන්දා වික්‍රමසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

     ECB   

    JB2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya