අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුසියානු චිත්‍රපට උළෙල 2014 - අදත් සිනමාපට දෙකක්

    මැයි 29, 2014
    රුසියානු තානාපති කාර්යාලය, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව සංවිධානය කරනු ලබන රුසියානු චිත්‍රපට උළෙලේ දෙවැනි දිනය වන අද (29) සිනමා පට දෙකක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු සංවිධානය කොට ඇත.
     
    ඒ අනූව පස්වරු 3.00ට සංගීතඥයකු හා කිවිඳියක සමග අන්තර්ජාලය හරහා ගොඩනැගෙන ප්‍රේම සම්බන්ධයක් පිළිබඳ පැවසෙන "ලියුබව් රු" චිත්‍රපටයද, පස්වරු 5.30ට මිතෙල් සොලකෝගේ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වු "ඩෙස්ටින් ඔෆ් අ මෑන්" සිනමාපටය තිරගත කෙරේ. දෙවන ලෝක යුද්ධයේ දි ආබාධිත වූ අයකු පිළිබඳ මින් කියැවේ.
     
    ඒ අනුව ඊයේ (28) ‘බෙල්කා ඇන්ඩ් ස්ටෙල්කා මිස්චිවෝස් ලිට්ල් ෆැමිලි’ සිනමා පටය සවස 3.00ට ප්‍රදර්ශනය කෙරේ. මෙය පරිගණක සජීවිකරණ චිත්‍රපටයකි. සවස 5.30 සිට ‘ද එම්ප්‍රස් ඇන්ඩ් ද රොබර්’ සිනමාපටය ප්‍රදර්ශනය කළේය. 
     
    මෙලෙස රුසියානු සිනමා උළෙක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන්නේ වසර 20කට පසුවය. විසි වසරකට පසු පැවැත්වෙන සිනමා උළෙල නැරඹීමට ශ්‍රී ලාංකීය සිනමාලෝලින්ට රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය ආරාධනා කර සිටී. මෙම චිත්‍රපට උළෙල නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමි වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya