මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඓතිහාසික සෝමාවති පුදබිමේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු ඇරඹේ

    මැයි 26, 2014

    ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පොලොන්නරු දිස්ත්‍රික්කයේ ඓතිහාසික සෝමාවතී පුදබිමේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

     

    ඒ සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 4.1කි. මෙහිදී ප්‍රධාන වශයෙන් ප්‍රාකාර බැම්මේ කොටසක් හා වාහල්කඩෙහි සංරක්ෂණ කටයුතු ද නව පුරාවිද්‍යා ස්මාරක ගවේෂණය කිරීම ද සිදුකෙරේ. ගිරිඅභය රජු විසින් දකුණු දළදාව නිධන් කර බඳවන ලදැයි විශ්වාස කෙරෙන ස්ථූපය හා ආරාම සංකීර්ණය සෝමාවතී පුදබිමෙහි දක්නට ඇත. ක්‍රි.ව. 01 වැනි සියවසේ සිට ක්‍රි.ව. 12 වැනි සියවස දක්වා මෙහි ඓතිහාසික සාධක දක්නට ලැබේ.


     මෙහි සිදුකරන සංරක්ෂණ ක්‍රියාවලිය මගින් දේශීය විදේශීය සංචාරකයින්ගේ පුරාවිද්‍යාත්මක අධ්‍යයන කටයුතු සඳහා මෙන්ම, වාහල්කඩ ප්‍රදර්ශන මට්ටමින් පවත්වාගෙන යෑම සිදුකරන ගවේෂණයන් ද අනතුරුව ස්මාරක නොවන ප්‍රදේශ හඳුනාගැනීමද අරමුණු කෙරේ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya