මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කවිතා ටැලන්ට් සම්මාන ප‍්‍රදානය අදත්

    මැයි 24, 2014
    උසස් අධ්‍යාපනය හදාරණු ලබන සිසු සිසුවියන්ගේ කලා හැකියාවන් දියුණු කිරීමේ අරමුණින් යුතුව උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන  "කවිතා ටැලන්ට්"  වැඩසටහනේ අවසන් මහා තරගයේ සම්මාන ප‍්‍රදානය කිරීමේ උත්සවයක් අද (24) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. 
     
    "කවිතා ටැලන්ට්" දමිළ මාධ්‍ය අයදුම්කරුවන් සඳහා දමිළ භාෂා මාධ්‍යයෙන් පැවැත්වුණු තරගවලදී ජයගත් අයට සම්මාන ප්‍රදානෝත්සවය අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වීමට නියමිතය. 
     
    "කවිතා ටැලන්ට්" සම්මාන ප්‍රදානයේ පළමු අදියර ඉකුත් බ්‍රහස්පතින්දා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්විණි. 
     
    කවිතා ටැලන්ට් සම්මාන ප‍්‍රදානෝත්සවය මෙවර පැවැත්වූයේ දෙවන වරටය. මේ  සඳහා සියලුම විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්  සහ උසස් තාක්ෂණ ආයතන 18කට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තරග අංශ තිහක් යටතේ සහභාගී වූහ. 
     
    උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක, අමාත්‍යංශ ලේකම්වරුන්, විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
     
     
    0223
     
     
     
    0713
     
     
     
    116
     
     
     
    126

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya