මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුගේගොඩ ගංගොඩවිල පඤ්ඤෝදය මූලික පිරිවෙනේ අභිනව ධාතු මන්දිරය 25 වන දින විවෘත කෙරේ

    මැයි 22, 2014

    නුගේගොඩ ගංගොඩවිල පඤ්ඤෝදය මූලික පිරිවෙනේ අභිනව ධාතු මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය මෙම මස 25 වෙනි ඉරුදින සවස 6.50 ට යෙදෙන සුභ මොහොතින් සිදු කෙරේ.

    සර්වඥධාතූන් වහන්සේලා, සැරියුත් මුගලන් ධාතූන් වහන්සේලා සහිත සධාතුක කරඬුව එදින ප.ව. 4.30 ට බම්බලපිටිය වජිරාරාම විහාරස්ථානයේදී අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත මහ නිකායේ මහනායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ත‍්‍රිකුණාමලේ ආනන්ද මහනාමියන්ගේ පින්බර සුරතින් ලබා ගෙන රථ පෙරහැරින් විජයාරාම රජමහා විහාරස්ථානය වෙත වැඩම කරනු ලැබේ.

    එම සර්වඥධාතු කරඬුව විජයාරාම රජමහා විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ‍්‍රී අමුණුමුල්ලේ ජිනරතන නායක හාමුදුරුවන්ගේ සහභාගිත්වයෙන් එතැන් සිට පුද පූජා සහිත පෙරහැරෙන් වීථි සංචාරය කොට ගංගොඩවිල පඤ්ඤෝදය පිරිවෙන් විහාරස්ථානයට වැඩම කරවීමට නියමිතයි.

    එහිදී පුදපූජා පවත්වමින් තේවාව සිදු කොට ප‍්‍රථම මල් පහන් සහිත අෂ්ටපාන පූජාව සිදු කරනු ලැබේ.මෙම අවස්ථාවට වටගෙදර විමල බුද්ධි අනුනායක හිමි, වටගෙදර විමලසාර හිමි, කිතලගම හේමසාර නාහිමි ආදී මහා සංඝයා වහන්සේලා ඇතුළු ගිහි පිංවතුන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya