ඒ අනුව අද පස්වරු 3.30ට භූතාන් කෙටි චිත්‍රපටයක් වන "Nowhere" සහ "Rent & Grains"කෙටි චිත්‍රපට දෙක සමඟින් පස්වරු 6.30ට "Bharat Stores" ඉන්දියානු වෘතාන්ත චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ.
චිත්‍රපට උළෙල ආරම්භ වූ ඊයේ (20) පස්වරුවේ ඇෆ්ගනිස්ථාන කෙටි චිත්‍රපටයක් සහ "Sakteng Metong" භූතාන වෘතාන්ත චිත්‍රපටයද ප්‍රදර්ශනය කළේය.
චිත්‍රපට උළෙල 25 වන දින දක්වා ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සිනමා ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම චිත‍්‍රපට උළෙල සඳහා දකුණු ආසියානු කලාපීය සාමාජික රාජ්‍යයන් වන ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, පාකිස්ථානය හා ශ‍්‍රී ලංකාව ආදී රටවල චිත්‍රපට තෝරාගෙන ඇත. සාර්ක් චිත්රපට උළෙල සඳහා වෘතාන්ත හා කෙටි චිත‍්‍රපට ප‍්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන අතර සියලු චිත‍්‍රපට දර්ශන මහජනතාවට නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමිවේ.
මෙම උළෙලේදී දකුණු ආසියානු රටවල හොඳම චිත‍්‍රපට නැරඹීමට චිත‍්‍රපට ලෝලීන්ට ලැබෙන අද්විතීය අවස්ථාවක් වන අතර චිත‍්‍රපට කලා මාධ්‍යයේ නියැළී සිටින සහ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාටම මෙම චිත‍්‍රපට උළෙල නැරඹීමට පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි.
DB