මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී පාද වන්දනා සමය නිමා වේ

    මැයි 15, 2014

    මේ වසරේ ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (14) අවසන් වූ අතර ශ්‍රී පාද මළුවේ තැන්පත් කර තිබූ සමන් දේව ප්‍රතිමාව, සධාතුක කරඬුව සහ දේවාභරණ අද (15) අලුයම ශ්‍රී පාද මළුවේ සිට හැටන් නල්ලතන්නිය මාර්ගය ඔස්සේත්, රත්නපුර, පලාබද්දල මාර්ගය ඔස්සේත් වැඩම කරවීමට නියමිතය.


    ඒ අනුව අද (15) රාත්‍රියේ සිට පසුදා අලුයම දක්වා නල්ලතන්නි බෞද්ධ මධ්‍යස්ථානයේ දී පිරිත් සජ්ඣායනයක් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

    පිරිත් සජ්ඣායනයෙන් පසුව සමන් දේව ප්‍රතිමාව, සධාතුක කරඬුව සහ දේවාභරණ විශේෂ පෙරහරකින් පැල්මඬුල්ල, ගල්පොත්තාවල රජමහා විහාරයට වැඩම කරවනු ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya