අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ ඇහැලේපොළ කුමාරිහාමි සැමරීමේ උත්සවය අද

    මැයි 17, 2014

    ඇහැලේපොළ කුමාරිහාමි ඝාතනය වී වසර 200ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ගුණානුස්මරණ උත්සවයක් සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පස්වරු 1.30ට පල්ලේපොළ ඇහැලේපොළ පූරාණ විහාරස්ථානයේදී පැවැත්වේ.


    එදින ම ඇහැලේපොළ කුමාරිහාමි පිළිරුව ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමද සිදු කෙරේ. උත්සවය සංවිධානය කර ඇත්තේ මාතලේ වීරවරයන් අනුස්මරණය කිරීමේ සංවිධානය විසිනි.


    ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලක්ෂ්මන් නුගපිටිය, කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්ය අනුර මනතුංග යන මහත්වරුන් සහභාගි වීමට නියමිතය.

     

    NDH/GNK-ISB dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya