ශ්‍රී බුද්ධ වර්ෂ 2558 අසිරිමත් සම්බුදු තෙමඟුල නිමිත්තෙන් සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම මෙය සංවිධානය කර ඇත්තේ 24 වෙනි වරටයි. මේ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අනුග්‍රහය දක්වයි. වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය, බැති ගී සරණිය, බොදු බැති ගී ප්‍රසංගය සහ දන්සැල තෙදින පුරා වෙසක් කලාපයෙහි පැවැත්වේ.
ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් සහ මහාභාරකාර එන්.එස්.ඒ.එස්. සෙනෙවිරත්න යන මහත්වරුන්ගේද සහභාගීත්වයෙන් මෙය පවත්වනු ඇත.
NDH