ලෝක ආහාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කළ පොහොර මෙට්‍රික් ටොන් 30 ක් කෑගල්ල දිස්ත්‍රික්කයට

ලෝක ආහාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කළ පොහොර මෙට්‍රික් ටොන් 30 ක් කෑගල්ල දිස්ත්‍රික්කයට
  • SocialShare:

2024/25මහ කන්නයේ වී වගා කරන ගොවීන් වෙත නොමිලේ ලබාදීම සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කරන ලද MOP පොහොර මෙට්‍රික් ටොන් 30ක් කෑගල්ල දිස්ත්‍රික්කයට ලැබී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව් . සරත් සුමනදාස මහතා සදහන් කරයි.


ඒ අනුව මෙම පොහොර තොගය බැමිණිවත්ත ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගබඩා කර ඇති අතර හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 55 ක් බැගින් ලබාදීමට කටයුතු කරයි.
මේ වන විට අදාළ ගොවි සංවිධානවල නියෝජිතයින් වෙත මෙම පොහොර නිකුත් කරමින් පවතී.