කොළඹ නගරය වඩාත් පිරිසිදු හා හරිත පරිසරයක් බවට පත් කිරීමේ අරමුණින් “අපි එක්ව කොළඹ පිරිසිදුව තබමු” (Together, we can keep Colombo Clean) යන තේමාවෙන් විශේෂ පිරිසිදු කිරීමේ හා රුක් රෝපණ පරිසර හිතකාමී ව්‍යාපෘතියක් පසුගියදා (06) කොළඹ ගුඩ් මාර්කට් පරිශ්‍රයේදී පැවැත්විණි.
කොළඹ නාගරික කලාපයේ හරිත සමුළුව පුළුල් කිරීම සහ පොදු ස්ථාන පිරිසිදු කර වඩාත් සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණින් සමාජවාදී රටවලින් උපාධි ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංගමය, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ රුසියානු භූගෝලීය සංගමයේ මධ්‍යස්ථානය, කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය, (Russian House in Colombo), කොළඹ මහා නගර සභාව සහ ගුඩ් මාර්කට් (Good Market) ආයතනය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා ඇතුළු දෙරටේ නිලධාරීන්, පරිසරවේදීන් සහ ස්වේච්ඡා සේවකයින් පිරිසක් එක්වූහ.


