සංස්කෘතික මිනිසා සොයා.... තේමා කරගත් ඌව නවෝදය සංස්කෘතික කලා මංගල්‍යයේ සමාරම්භයඊයේ (29) පෙරවරුවේ බදුල්ල සේනානායක පිටියේදි ආරම්භ කෙරිණි.
මෙම වැඩ සටහන සැප්තැම්බර් 29 දින සිට ඔත්තෝබර් 05 දින දක්වා සතියක් පුරා පෙරවරු 9 සිට රාත්‍රි 10 දක්වා බදුල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. මෙම සතිය පුරාවට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, විවිධ සංවිධාන, ඌව විශ්ව විද්‍යාලය ඇතුලු ආයතන හා පුද්ගලයන් රැසකගේ සංස්කෘතික නිර්මාණ රැසකින් මෙම කලා මහෝත්සවය අලංකාර වනු ඇත.
ක්ලීන් ශ්‍රී ලංකා මහ ලේකම් කාර්යාලය, ඌව පළාත් සභාව, බදුල්ල මහ නගර සභාව, ඇතුලු රාජ්‍ය ආයතන, සිවිල් සංවිධාන එක්ව සංවිධානය කළ "ඌව නවෝදය සංස්කෘතික කලා මංගල්‍යය" බදුල්ල සේනානායක උද්‍යානය, වෙලේකඩේ පැරණි වෙළද සංකිර්ණය, බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරය, බදුල්ල කාර්මික විද්‍යාලය, බදුල්ල පුරහල යනාදි පරිශ්‍රයන්හිදි පැවැත්විමට කටයුතු සුදානම් කර තිබේ.
මෙම වැඩ සටහන නර්තන හා ගායන ප්‍රසංග, කවි මඩු, කෝලම් මඩු ඇතුලු විවිධ පාරම්පරික සංස්කෘතිකාංග, සාහිත්‍ය දේශන, පාසල් හා පෙරපාසල් දරුවන් සදහා විවිධ වැඩ සටහන්, නාට්‍ය, වීදි නාට්‍ය හා චිත්‍රපට, ජනමාධ්‍ය වැඩ සටහන්, සිංහල හා දමිළ සංස්කෘතිකාංග ඇතුලු කලා වැඩ සටහන්, වෙළෙද කුටි, විනෝද සැණකෙළි හා ප්‍රදර්ශන පැවැත්වේ.
ඌව නවෝදය සංස්කෘතික කලා මංගල්‍යය, වැවලි හා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, වෙළද වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනිදු සමන් හෙන්නායක, කිටිනන් සෙල්වරාජ්, බදුල්ල පුරපති නන්දන හපුගොඩ යන මහත්වරුන් ඇතුලු දේශපාලන අධිකාරිය, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල මහත්මිය ඇතුලු රාජ්‍ය නිලධාරීන්, ප්‍රවිණ කළාකරුවන්, ඇතුලු බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් ආරම් විය.


