ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම පාසල්වල උපදේශන ගුරුවරුන් පුහුණු කිරීමේ තෙදින වැඩමුළුවේ ආරම්භක වැඩසටහන මහියංගණය ප්‍රාදේශීය ලේකම් විමංස සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහියංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය "සම්භාෂිණි" ශාලාවේ දී පැවැත්විණි.
මෙම වැඩමුළුව සඳහා මහියංගණ කොට්ඨාශයේ ගුරුවරුන් හතළිස් දෙදෙනෙකු (42) සහභාගි වූ අතර සම්පත් දායකත්වය මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී ප්‍රියන්ත ඒකනායක මහතා සහ මහියංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී මේනකා බස්නායක මහත්මිය විසින් ලබා දෙන ලදී.
මෙම වැඩසටහන සංවිධානය මහියංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී ලක්ෂ්මි උදය කුමාරි මහත්මිය විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාවට රාජ්‍ය නිළධාරින් හා පුහුණු වැඩමුළුවට සහභාගි පාසල් ගුරුවරුන් පිරිසක් සහභාගි විය.


