මඩකලපුව දිස්ත්‍රික් මාධ්‍යෙව්දීන් සඳහා මාධ්‍ය වැඩුමුළුවක්

මඩකලපුව දිස්ත්‍රික් මාධ්‍යෙව්දීන් සඳහා මාධ්‍ය වැඩුමුළුවක්
  • SocialShare:

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ, මාධ්‍ය ආචාර ධර්ම සහ මාධ්‍ය භාවිතය පිළිබඳව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු දිස්ත්‍රික් වැඩසටහ‍න, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් අද(27) මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් විණි.

මාධ්‍ය ආචාර ධර්ම, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය සහ මාධ්‍යවේදියාගේ කාර්යභාරය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් දැනුවත්කළ අතර, 2025 අයවැය සංවර්ධන වැඩසටහන් සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් දැනුවත්කරන ලදී. වැඩසටහන අවසානයේදී මාධ්‍යවේදීන් 12 දෙනෙක් ඇගයීමට ලක්කළ අතර, මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් මාධ්‍යවේදීන් සිය ස්තුතිය පුද කළේය. මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර. මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.