කළුතර බෝධීන් වහන්සේ ඉදිරිපිට ඔසු පැළ බෙදාදීමක්

කළුතර බෝධීන් වහන්සේ ඉදිරිපිට ඔසු පැළ බෙදාදීමක්
  • SocialShare:

සමස්ත ලංකා හෙළවෙද සංගමය මගින් සංවිධානය කළ ජනපති පදවි ප්‍රාප්තියට මාස තුනක් සපිරීම නිමිත්තෙන් දිවයින පුරා ඖෂධ පැල ලක්ෂයක් රෝපණය කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනට සමගාමීව කළුතර ජනතාව සඳහා ඖෂධ පැල හා පලතුරු පැළ තුන් දහසක ප්‍රමාණයක් බෙදාදීමේ උත්සවය පසුගියදා කළුතර ඓතිහාසික බෝධි පරිශ්‍රයේදී සිදු කෙරිණ.

සමස්ත ලංකා හෙල වෙද සංගමයේ ලේකම්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවූ මෙම වැඩසටහන එම සංගමයේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම මගින් සංවිධානය කරන ලදී.

ප්‍රදේශයේ පොදු ස්ථාන වෙත සහ සිල් සිල්ගත් උපාසක උපාසිකාවන් සඳහා ඔසුපැල හා පලතුරු පැළ රැසක් එහිදී ලබා දුන්හ.

ඔසුපැළ ලබාදීමෙන් අනතුරුව එදිනට පැමිණෙන සියලු දෙනා සඳහා කළුතර බෝධික භාරකාර මණ්ඩලය විසින් දිවා ආහාරයද සපයනු ලැබිණ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.