2030 වසරේ පොල්ගෙඩි මිලියන 4200 ක ඉලක්කයක්

2030 වසරේ පොල්ගෙඩි මිලියන 4200 ක ඉලක්කයක්
  • SocialShare:

වර්ෂ 2030වන විට පොල්ගෙඩි මිලියන 4200 ක පොල් අස්වැන්නක් ලබාගැනීමට   සැලසුම් සකස් කර ඇති බව පොල් පර්‍යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන්කළේ  අද(25)  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡවට සම්බන්ධ වෙමිනි.

උතුරු පළාතේ පලෙයිවල පොල් ත්‍රිකෝණය ආරම්භ කිරීමේ අරමුණ වන්නේ වසරකට පොල් ලක්ශයක බීජ නිශ්පදනය කිරීම බවත් , පුනරීන් සහ පුදුකුඩරිප්පුවල තවත් බීජ උද්‍යාන 2 ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන්  කළේය.

ලෝක පොල් දිනයට සමගාමීව උතුරු පොල් ත්‍රිකෝණයේ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.

සැප්තැම්බර් 2 දිනට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව, උතුරු පොල් ත්‍රිකෝණයේ වැඩසටහන උතුරු පලාතේ දිස්ත්‍රික්ක 5ම ආවරණය වන පරිදි වැඩසටහන් රැසක්

.තවද 2025  අයවැයෙන් මිලියන 500ක් උතුරු පොල් ත්‍රිකෝණයේ වගා කටයුතු සදහා වෙන්කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේය.