ජාතික භික්ෂු පෙරමුණ ආරම්භ කර අදට(26) වසර 25ක් සපිරේ.
මේ නිමිත්තෙන් සැමරුම් වැඩසටහනක්, ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.30ට අරලියගහ මන්දරයේදී පැවැත් වේ. දිවයින පුරා සිටින භික්ෂුන් වහන්සේ පන්දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම සැමරුම් වැඩසටහනට සහභාගීවීමට නියමිතය.
ජනතා අරගලයට නායකත්වය දුන් කුඩාපෙළ හාමුදුරුවෝ ඝාතනය වන්නේ 1948අගෝස්තු 26 වැනිදායි.මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි පානදුරා වාදය ආරම්භ කරන්නේද අද වැනි දිනකයි.
සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විවිධ මෙහෙවර ඉටුකළ භික්ෂුන් වහන්සේ සිහිපත් කර, ඊ ළඟ පරම්පරාව ධෛර්යමත් කිරීමට මෙම සැමරුම් වැඩසටහන පවත්වන බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍යපාද වකමුල්ලේ උදිත හිමි පැවසූහ.


