විදේශිකයන්ට ගුවන්තොටුපළේ සිටම රියදුරු බලපත් ලබාදීම සංචාරක කර්මාන්තයට විශාල පිටුවහලක් බව ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ ඊයේ(03) කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපළේ පැවති විදේශිකයින් සඳහා ගුවන්තොටුපළේ සිටම රියදුරු බලපත් ලබාදීමේ කවුළුව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.
රියදුරු බලපත්‍රයක් හිමි ඕනෑම විදේශිකයෙකුට මෙම ස්ථානයේදී රියදුර බලපත්‍රය අලුත් කර ගත හැකි බව මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසීය. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ රජයේ නව වැඩසටහනකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, ඉදිරියේදී තවදුරටත් මෙම වැඩසටහන පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවද කීය.
මීට පෙර පැවති ක්‍රමවේදය ඔසසේ වේරහැර තිබෙන , මෝටර්රථ දෙපාර්තමේන්තුවට යාමට සිදුවූ අතර මෙම නව ක්‍රමවේදය ඔස්සේ
සංචාරකයන්ගේ කාලය ඉතිරිකර ගැනීමට හැකියාව ඇතැයිද අමාත්‍යවරයා කීය.ඩ


