ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත.
මාසයක් පුරා පැවැති රාමසාන් උපවාසය අවසන් කර නව සඳ දැකීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන් ඊදුල් ෆීතර් උත්සවය හෙවත් රාමසාන් දිනය සමරණු ලබයි.
ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් අනතුරුව එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර වැදගත්ම අවස්ථාවක් වේ.
පුරා මාසයක් දිනපතා හිරු නැගෙන්නට පෙර සිට හිරු බැස යනතුරු නිරාහාරව සිට ඉස්ලාම් බැතිමතුන් උපවාස සීලය රැකීමට කටයුතු කළ අතර මෙය ආත්ම දමනය කෙරෙන පුණ්‍ය කාලයක් මෙන්ම අනෙකාගේ බඩගින්න, දුක සහ අවශ්‍යතා තේරුම් ගන්නා කාලයක් ලෙසයි සැලකෙන්නේ.
රාමසාන් මාසය තුළ උදාවන ලයිලතුල් කදිර් නම් රාත්‍රියේ ශුද්ධ වූ අල් කුර්ආනයේ වැකි පහළ වූ බවට ඉස්ලාම් බැතිමතුන් විශ්වාසයි.