පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතයක් කථානායක වෙත භාර දෙයි

පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතයක් කථානායක වෙත භාර දෙයි
  • SocialShare:

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත්කිරීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ  කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා වෙත අද (25) භාරදෙන ලදී. මේ සඳහා මන්ත්‍රීවරුන් 115 දෙනෙකු අත්සන් තබා තිබේ.

2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 5 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම යෝජනා සම්මතය ගරු කථානායකවරයා වෙත භාරදී ඇත.

මෙම යෝජනා සම්මතය භාරදීමේ අවස්ථාවට  කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ,  තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර,  පාර්ලිමේන්තු මන්ත්‍රී (අචාර්ය) කෞශල්‍යා ආරියරත්න සහ  පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතිඥ) උපුල් අබේවික්‍රම යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.