බන්ධනාගාරගත රැදවියන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් අවධානය

බන්ධනාගාරගත රැදවියන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් අවධානය
  • SocialShare:

බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට  අවශ්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු බවත්  බන්ධනාගාරගතව සිටින  පුද්ගලයෙකුට අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඒ අනුව කටයුතු කරනවා හැර සමාජයේ ජීවත්වෙන වෙනත් අයට  මෙන් හඩනගා ඉල්ලීම් කිරීමේ හැකියාවක් නොමැති  බවත් අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් ක‍ළේ , ඊයේ (05) පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු  පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

එහිදී නව බන්ධනාගාර සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව  එහි ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබදව සාකච්ඡාවක් ද අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

බෝගම්බර බන්ධනාගාරයේ සිටි රැඳවියන් විතැන් කිරිමේ ව්‍යාපෘතිය යටතේ එම බන්ධනාගාරයේ සිටි රැඳවියන් විතැන් කිරීමේ කටයුතු 2007 වසරේදී ආරම්භ කර ඇති අතර මේ වන විට රැඳවියන් 2500ක් පමණ පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි. එම සංඛ්‍යාව රැඳවිය හැකි පිරිසට වඩා දෙගුණයක් පමණ වේ.

එය රැඳවියන්ට මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ටද එය විශාල ගැටළුවක් වී ඇති අතර රැඳවියන්ගේ අයිතිවාසිකම් ද ආරක්ෂා කිරීම වගකීමක් වන බැවින් නව බන්ධනාගාර ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස අධිකරණ අමාත්‍යතුමා අධිකරණ අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා -

මෙවර අයවැයෙන් මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිරි කටයුතු සඳහා රුපියල් මිලියන හාරසියයක මුදලක් වෙන් කර තිබෙනවා. 2028/12/31 වන දින මෙම ව්‍යාපෘතිය අවසන් කලයුතු වුවද  එදිනට පෙර එහි වැඩ කටයුතු අවසන් කිරීම පිලිබදව අවධානය යොමු කරන ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. එමෙන්ම මේ ඉදිකිරීම් කටයුතුවලට කිසියම් පුද්ගලයෙකු හෝ රෙගුලාසියකින් බාධා එල්ල වන්නේ නම්  අධිකරණ අමාත්‍යවරයා වශයෙන් මට හෝ අමාත්‍යාංශයේ ලේකම්තුමියට දන්වන්න. ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමට අපි කටයුතු කරනවා. පසුගිය කාලයේ  මේ රටේ සිටි පාලකයින් නිසි  තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් රට ආපස්සට ගියා. නමුත් නිවැරදි තීන්දු තීරණ ගැනීම තුළින්  රට ඉදිරියට ගෙන යාමේ හැකියාව පවතින බව අපි විශ්වාස කරනවා වගේම අපේ රජයේ ප්‍රතිපත්තිය එයයි.

පසුගිය වසර දෙක තුළ රාජ්‍ය ආයතන නිසි පරිදි වැඩ නොකිරීම සම්බන්ධයෙන් නිලධාරීන්ට දොස් නොපවරන බවත්, එහෙත් පවතින මූල්‍ය සම්පත් කළමණාකරණය කරමින් මෙම වසරේ සිට රජයේ කටයුතු සිදු කරන ලෙසත්, 2028 දෙසැම්බර් 31 වන දින බන්ධනාගාර සංකීර්ණයේ ඉදි කිරීම් අවසන් කළ යුතු වුවද ඊට පෙර එහි වැඩ අවසන් කිරීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.