බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට නව ලේකම්වරයකු පත් කෙරේ

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට නව ලේකම්වරයකු පත් කෙරේ
  • SocialShare:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්. පී. සේනාධීර මහතා පත් කරනු ලැබ ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඩබ්ලිව්. පී. සේනාධීර මහතා වෙත අද (05) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනැමිණ.‍