විදුලි පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර - බලශක්ති අමාත්‍යාංශය

විදුලි පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර -  බලශක්ති අමාත්‍යාංශය
  • SocialShare:

මෙතෙක් පැවැති විදුලි කප්පාදුව අවසන් වන බවත් ඉතිරි ජනන යන්ත්‍ර දෙක ඉදිරි දින කිහිපය තුළ ක්‍රමයෙන් පද්ධතියට එක් කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මෙවන් තත්ත්වයක් රට තුළ නැවත ඇති නොවීමට අවශ්‍ය කෙටිකාලීන සහ දීර්ඝ කාලීන පියවර ගෙන ඇති බවත් ඒවා කඩිනමින් සිදුකිරීමට කටයුතු කරන බවත්  එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම මෙම කාලය තුළ විදුලි පාරිභෝගික ජනතාවට සිදුවූ අපහසුතාවය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන අතරම, එම කාලය තුළ තත්ත්වය තේරුම්ගෙන ඉවසීමෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විදුලි පාරිභෝගික ජනතාවට බලශක්ති අමාත්‍යාංශය කෘතඥතාවය පල කරයි.

මේ වන විට නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ද  ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යමණ්ඩලය විසින් කටයුතු කර ඇත. මෙම හදිසි අවස්ථාව තුළ වෙහෙස නොබලා කටයුතු කළ සහ සහයෝගය ලබාදුන් ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යමණ්ඩලය සහ වෘත්තිකයන්ටද බලශක්ති අමාත්‍යාංශය කෘතඥතාවය පළකරයි. 

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.