පළමුවන බිම්ස්ටෙක් තරුණ සමුළුව ආරම්භ වෙයි

 පළමුවන බිම්ස්ටෙක් තරුණ සමුළුව  ආරම්භ වෙයි
  • SocialShare:

බිම්ස්ටෙක් සාමාජික රටවල තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ විවිධ හැකියාවන් ආර්ථික සහ සමාජීය සංවර්ධනය සඳහා යොදා ගැනීම අරමුණු කරගත් පළමු තරුණ සමුළුව ඊයේ (08දා) ඉන්දියාවේ අහමදාබාද් හි දී ආරම්භ විය.

ඉන්දියාවේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය මන්සුඛ් මන්දාවියා, තරුණ කටයුතු සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රක්ෂා ඛාඩ්සෙ, ගුජරාටි ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී භුපේන්ද්‍ර රජ්නිකාන්ත් පටේල්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් (නැගෙනහිර) ශ්‍රී ජයදීප් මසුම්බර් යන අයගේ ප්‍රධානත්වයෙන් අහමදාබාද්හි ගාන්ධි මන්දිර්හිදී මෙම සමුළුව ආරම්හ කෙරුණි.
එම අවස්ථාවට බිම්ස්ටෙක් රටවල් හත නියෝජනය කරමින් සහ ඉන්දියාවේ මයි භාරත් ස්වේච්ඡා සංවිධානය නියෝජනය කරමින් තරුණ තරුණියන් රැසක් එක්ව සිටියහ.

සමුළුව ආරම්භ කරමින් ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ ඉන්දියාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය මන්සුඛ් මන්දාවියා මහතා ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවේ ආර්ථික සහ සමාජීය සංවර්ධනයට තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම විශාල බලපෑමක් සිදුකරමින් ඇති බවයි. ඉන්දියාව තරුණයින් සවිබලගැන්වීමට කටයුතු කරමින් සිටින ආකාරය ද අමාත්‍යවරයා මෙහි දී පැහැදිලි කළේය.

අනතුරුව සමුළුව ඇමතූ ගුජරාටි ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී භුපේන්ද්‍ර රජ්නිකාන්ත් පටේල් මහතා බිම්ස්ටෙක් රටවල් අතර සහයෝගීතාව වර්ධනය කරගනිමින් , එක්ව කටයුතු කරමින්, තරුණ හැකියාවන් ද උපයෝගී කරගත් සංවර්ධනයක් කරා ගමන් කළ හැකි බවත්, ඒ සඳහා වර්තමාන තාරුණ්‍ය සතු කාර්‍යභාරය ද පැහැදිලි කළේ ය.

ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ , අහමදාබාද් හි පැවැත්වෙන මෙම පළමුවන බිම්ස්ටෙක් තරුණ සමුළුවට සහභාගී වීම සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් පෙරේදා (07) ඉන්දියාව බලා පිටත් වූහ. "තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල්කරණය තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමට සහ යහපාලනයට යොදා ගැනීම " තේමා කරගත් මෙම සමුළුව පෙබරවාරි 10 වෙනිදා දක්වා පැවැත් වේ.

මෙම ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය මඟින් ප්‍රචාරය කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ ලබාදෙන සහයෝගය බෙහෙවින් අගය කරමු.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.