අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අය වැය ගැන මැති ඇමති මත

    ජනවාරි 29, 2015
    ජනතා සහන රැසක් එක්කළ නව රජයේ අතුරු අය වැය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අද (29)  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැති ඇමතිවරු අය වැය පිළිබඳව සිය අඳහස් පල කළේ ය. 
     
    විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා-
     
    මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට හැට දෙලක්ෂයක් ජනතාව ලබා දුන් ජනවරමට අද ආර්ථික යුක්තිය ඉටු වුණා. මෙය සහන රැසක් එක් වූ අයවැයක්.
     
    ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා-
     
    පොඩි මිනිස්සුන්ගේ පැත්තෙන් හදපු ඉතාම හොඳ අයවැයක්. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ මුදල් අඩු කරලා, අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කරලා, සහන රැසක් ලබාදෙන්න මුදල් හොයා ගත් අයවැයක්.
     
     
    හිටපු අමාත්‍ය ජෙජිනෝල්ඩ් කුරේ මහතා-
     
    ජනතාවගේ සහන පැත්තෙන් හොඳ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මෙය යථාර්තයක් කිරීමට අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ජනතාව වෙනසක් අපේක්ෂා කළා. ඒ වෙනස කර තිබෙනවා. අපේ සහයෝගය ලබාදෙනවා.
     
    අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-
     
    සියලු දෙනා අත්වැල් බැදගෙන සියලු දෙනා වෙනසක් බලාපොරොත්තු වුණා. ජනතාවට ලබා දෙන බව කතාවට කිව්ව දෙයක් නොවේ සැබෑ වෙන දෙයක් බව ඔප්පු වී තිබෙනවා. විපක්ෂය හොඳ දෙයක් ලෙස දකින්නේ නෑ. අපට අවශ්‍ය පක්ෂ විපක්ෂ සියලු දෙනා අත්වැල් බැදගෙන රට ගොඩ නගන්නයි .
     
    හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා-
     
    දින සියයයේ වැඩපිළිවෙළට අපි එකඟතාවයකට පැමිණ තිබෙනවා. අපි සතුටු වෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිළ අඩුවීම පිළිබඳව. සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට පහසුකම් ලබා දී තිබෙනවා. රටේ උන්නතිය හා ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් අපි පැහැදිළි එකඟතාවයක සිටිනවා.
     
    නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා-
     
    සාමාන්‍ය ජනතාවට ඓතිහාසික දවසක්. පොඩි  මනුෂ්‍යයා රජ වූ දවසක්. මේ රටේ සාමාන්‍ය ජනතාව සුකිත මුදිත කරවීම උදෙසා, පොදු ජනතව සෞභාග්‍ය සඳහා ගෙනයෑම සඳහා අතිශය ජනතාවාදී, ප්‍රගතශීලී, සහනදායි, පියවර රැසක් දින සියය තුළ ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී තිබෙනවා.
     
     PR/DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya