අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආහාර අර්බුදයට විසඳුමක් - ජන 'දිවි නැඟුමට '' මානුෂිය පියවරක්

    දෙසැම්බර් 23, 2021

     

    ආහාර අර්බුදයට විසඳුමක් - ජන 'දිවි නැඟුමට '' මානුෂිය පියවරක්

     

    Covid-19 වසංගතය ලෝකයම ව්‍යාධියට ලක් කරමින් හා මිනිස් ජිවිත බිල්ලට ගනිමින් දෛනික ජිවිතයට ඇති කරන ලද ඍජු බලපෑමට අමතරව ලෝක ආර්ථික ව්‍යුහය කරා ව්‍යාප්ත වෙමින් එය ද අඩපණ කරමින් සිටී. මේ වන විට ලෝක ආර්ථික බලවතා ද වසංගතයත් සමඟ සටන් කරන හෙයින් දැඩි ආර්ථික පසුබෑමකට ලක්ව ඇති අතර ලෝකයේ දෙවැනි ආර්ථික බලවතා ද පවත්නා ගෝලීය අර්බුදය හමුවේ කෙමෙන් කෙමෙන් තම ආර්ථිකය නැංවීමට මහත් පරිශ්‍රමයක් නිරත වෙමින් සිටී.

    ගෝලීය වසංගතය හා ගෝලීය සාගින්න, මෙන්ම දේශගුණික අර්බුදය පැවතුන ද, අහාර නිෂ්පාදනය, බෙදා හරිම සහ පරිභෝජනය කිරීමේ ව්‍යුහය නැවත සක්‍රීය කිරීම සඳහා ලෝකය ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව පුළුල් දළ සටහන් එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව සකස් කොට තිබේ.

    ගෝලීය ආහාර සුරක්‍ෂිතතාවයේ තත්ත්වය සැළකිය යුතු ලෙස නරක අතට හැරී ඇත. අප ආහාර නිපදවන, පරිභෝජනය කරන හා අපතේ යන ආකාරය නිසා අපේ පෘථිවිය මත දැඩි පීඩාවක් එල්ල වෙමින් පවතී. එය පවතින කොරෝනා වසංගතය හමුවේ දැඩි ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදු වනු ඇතැයි ද විද්වතුන් විසින් මත පල කොට තිබේ.

    Covid-19 ලංකාවේ පැතිර යාම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය පෙර නොවීවිරු ආකාරයේ අභියෝගයන්ට ලක් ව ඇති අතර, ජනතාවට සමාජීය හා ආර්ථිකමය වශයෙන් දැඩි අභියෝගයන්ට මුහුණ පෑමට සිදුව ඇත. රජයේ ආදායම් මාර්ග සීමා වුවත්, ජනතාවට සෞඛ්‍ය පහසුකම් සැලසීම සහ කොවිඩ් මර්දන වැඩසටහන් සහ සහන කටයුතු සඳහා විශාල පිරිවැයක් දැරිය යුතු ව තිබෙන මොහොතක වුවද ඇතැමුන් විවිධ මතවාද චෝදනා එල්ල කළ ද වත්මන් රජය විසින් එකී පිඩා, දුෂ්කරතා ජනතාව කර මත පැටවීමට නොව ජනතාව ඉන් මුදවා ගැනීමේ විශාල මෙහෙවරක නිරත වී සිටින බව සැමට නොරහසකි.

    විදේශ විනිමය අවහිර වීමත්, රටේ නිෂ්පාදන හා සේවාවන් ක්‍රියාත්මක කිරීම ඇණ හිටීමත් නිසා සියලු නිෂ්පාදනවල අපේක්ෂිත අදායම අහිමිව තිබෙන විටෙක යුරෝපයේ හා ඇමරිකාවේ අපනයන වෙළඳපොළ ද මේ වන විට ශ්‍රී ලංකාවට අහිමිව තිබේ.

    එමෙන්ම, රට තුළ අතවශ්‍ය භාණ්ඩවල හිඟතාවයක් පවතින අතර ආහාර එළවලු පළතුරු මිල ද ජනතාවට දැරිය නොහැකි ආකාරයට මිල ඉහළ ගොස් ඇත. ඇතැම් ආණ්ඩු විරෝධී මතදරන්නන් විසින් හුදෙක් මෙලෙස එළවලු අහාර මෙන්ම අතවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම ආණ්ඩුවේ උවමනාවකට සිදු වන්නක් ලෙස හුවා දැක්වමින් සිටින නමුත් කුමන දේශපාලන පක්ෂයක් බලයට පත් වුවත් මෙම ඉරණම වෙනස් නොවන බව බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුතුය. ඒ අනුව ඉදිරියේ ඇති වීමට බොහෝ ඉඩ තිබෙන ආහාර අර්බුදයට විසඳුමක් ලෙස තම ගෙවතු වගා සංග්‍රාමය නැවත සක්‍රිය කිරීමේ කාලය එළැඹ තිබේ.

    වර්තමාන ආණ්ඩුවේ ද අරමුණ වී ඇත්තේ දේශීය නිෂ්පාදන ආර්ථිකයක් නැවත මේ රට තුළ ඇතිකරවිමටයි. එමෙන්ම, කාබනික ගොවිතැන මඟින් ජනතවගේ සෞඛ්‍යාරක්ෂාව සුරක්ෂිත කිරීමයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන ''සෞභාග්‍ය දැක්ම '' ප්‍රතිපත්තියේ මෙරට දේශීය නිෂ්පාදන ආර්ථිකය හා කාබනික කෘෂිකර්මාන්තයට නැඹුරු වීමේ අවශ්‍යතාවයට අනුව මේ වන විට රජය විසින් රසායනික පොහොර ගෙන්වීම ආනයනය ද සීමා කොට තිබෙන පසුබිමක වර්තමාන මුදල් අමාත්‍ය බැසිල් රජාපක්ෂ මහතා විසින් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ක්‍රියාත්මක කළ ''දිවි නැඟුම'' ආර්ථික සංවර්ධන වැඩසටහන නැවත මෙරට සක්‍රීය කිරීම කෙරහි අවධානය යොමුව තිබේ.

    එමඟින් මෙරට දිස්ත්‍රික්ක 25 තුළ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන, අලෙවි ප්‍රවර්ධන වැඩසටහන, සමාජ සංවර්ධන වැඩසටහන, ප්‍රජාමූල සංවිධාන වැඩසටහන, තොරතුරු තාක්ෂණ වැඩසටහන, පුහුණු හා ධාරිතා සංවර්ධන වැඩසටහන, මාධ්‍ය වැඩසටහන, ප්‍රජාමූල බැංකු වැඩසටහන, සමාජ සුභසාධන වැඩසටහන සමාජ ආරක්ෂණ වැඩසටහ ආදී සංවර්ධන වැඩසටහන් ආදී ප්‍රධාන සංවර්ධන වැඩසටහන් 10 ක් ක්‍රියාත්මක කරනු ලැබේ.

    විශේෂයෙන් කෘෂිකර්මය, සත්තව පාලනය, ධිවර කර්මාන්තය, භෝග වගාව, අත්කම් මැණික් කර්මාන්තය කුකුළු පාලනය, ගව පාලනය, මිමැසි පාලනය හා සම්ප්‍රදායික කර්මාන්ත කෙරෙහි සියලු අංශ සඳහා මුල්‍ය පහසුකම් සහ දැනුම මේ තුළින් ලැබිණි. ඒ අනුව දිවි නැඟුම සංවර්ධන ව්‍යාපෘතියේ විශේෂ ලක්ෂණය වන්නේ සියලු ව්‍යාපෘති පසු විපරමකට ලක් වීමත්, කුඩා කර්මාන්ත කුඩා ව්‍යවසාය ප්‍රජාවන් ඇති කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වීම මඟින් ජනතාව ඉහළට ඔසවා තබා ජාතික ආර්ථිකයට විශාල ශක්තියක්, දායකත්වයක් සැපයීමත් ය.

    ඒ අනුව, ආහාර අර්බුදයට විසඳුමක් හා ජන දිවි නැඟුමට මානුෂිය පියවරක් වශයෙන් මෙරට තුළ නැවත දිවි නැඟුම සංවර්ධන වැඩසටහන සක්‍රීය කිරීම වනාහි ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට සහ ඉදිරියේ ඇති විය හැකි ආහාර අර්බුදයට මෙරට ජනතාවට මුහුණ දීමට ඇති හොඳම විකල්පය වන අතරම ගෘහස්ථ ආර්ථික බෝග වගාව නැවත ජනගත කිරීම මඟින් දේශීය නිෂ්පාදන ආර්ථිකය නැංවීම තුළින් දිනෙන් දින ඉහළ යන ආහාර මිල සම්බන්ධව වඩා යහපත් වාතාවරණයක් ඇති කරනු නොඅනුමානය. එමෙන්ම කාලෝචිත පියවර වන්නේ ද එය බව ජනතාව අවබෝධ කර ගත යුතු ව තිබේ.

    වෙන් වෙන් වශයෙන් බෙදී, අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට මාන බලන ප්‍රයෝගකාරින්ගේ බහ ට රැවටී කුළල් කා විනාශ වනවා ද, එක්ව නැඟී සිට විසඳුමක් සොයා අනාගතය යහපත් කරගන්නවා ද යන්න බුද්ධිමත් ජනතාව තේරුම් ගෙන කටයුතු කළ යුතු කාලය එළඹ තිබේ.

     

    - කසුන්මලී ජයසේකර

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya