අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ඒඩ්ස් දිනය- අසමානකම් දුරුකර ඒඩ්ස් පරදවමු

    දෙසැම්බර් 01, 2021

    ලෝක ඒඩ්ස් දිනය සෑම වසරකම දෙසැම්බර් 01 වන දින යෙදී තිබේ.

    මෙවර ජාත්‍යන්තර ඒ්ඩ්ස් දිනයේ තේමාව අසමානකම් දුරුකර ඒ්ඩ්ස් අවසන් කරමු. වසංගත පරදවමු යන්නයි. HIV ඒ්ඩ්ස් පිළිබදව දැනුවත් කිරීම, කොන් කිරීම සහ වෙන් කොට සැලකීම් පිටුදැකීම මෙන්ම ආසාදිතයින්ට සහාය වීම මෙම දිනයේ අරමුණ වේ. HIV ආසාදිතයන්ගේ ජීවන තත්ත්වය ඉහල නැංවීම සදහා ලෝක ඒ්ඩ්ස් දිනය ඉතා වැදගත් වෙයි. මෙවර ලෝක ඒඩ්ස් දින තේමාව මගින් ලොව පුරා ඒ්ඩ්ස් මෙන්ම අනෙකුත් වසංගත රෝග ඇති කරන ප්‍රධාන සාධකය ලෙස හදුනාගෙන ඇති අසමානතා අවසන් කිරීමේ දැඩි අවශ්‍යතාවය ඉස්මතු කරයි.

    HIV සමග ජීවත් වන පුද්ගලයින්ට සහ HIV අධි අවදානම් කාණ්ඩ සදහා සිදුවන වෙනස්කම් සමාජයේ HIV රෝගය බෝ වීමේ අවදානම වැඩි කරන අතර HIV සමග ජීවත් වන පුද්ගලයින් ඒඩ්ස් ආශ්‍රිත රෝග හේතුවෙන් මිය යාමේ හැකියාවද වැඩි කරයි.

    ප්‍රමාණවත් ලෙස දේශපාලන අවධානය යොමු නොවීම, ප්‍රමාණවත් නොවන සෞඛ්‍ය ප්‍රතිපාදන, රටෙහි පවතින ඇතැම් නීති පද්ධතීන්, කොන් කරන ලද කණ්ඩායම් වලට සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම වළක්වන අතර රටේ HIV සත්කාර සේවා වල ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ ප්‍රධාන බාධකයක් ලෙස ක්‍රියා කරයි.

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් HIV ආසාදනයට අඩු ප්‍රමුඛතාවයක් ලැබී ඇති අතර කොවිඩ් ආශ්‍රිත සංචරණ සීමා කිරීම් HIV පරීක්ෂණ සදහා සෘණාත්මක බලපෑමක් ඇතිකර ඇත. වසංගතය ආරම්භයේ සිට ලොව පුරා මිලියන 79.3ක ජනතාවකට HIV ආසාදනය වී ඇත. මිලියන 36.3ක් ඒඩ්ස් ආශ්‍රිත රෝග වලින් මිය ගොස් ඇත. 2020 අවසන් වන විට මිලියන 37.7 ක ජනතාවක් HIV සමග ජීවත් වන අතර ඒම වසරේ නව ආසාදන මිලියන 1.5ක් හදුනාගෙන ඇත.

    ශ්‍රී ලංකාවේ HIV ව්‍යාප්තිය අඩු රටක් වුවද HIV ආසාදිත රෝගීන්ගේ නව හදුනාගැනීම් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. කෙසේ වෙතත්, 2020 දී HIV ආසාදන 363ක් වාර්තා වී ඇති අතර ඒය 2019 දී වාර්තා වූ රෝගීන් 439 ට වඩා විශාල පහත වැටීමකි. මෙම පහත වැටීමට හේතුව බොහෝ විට කොවිඩ් 19 තත්ත්වය හමුවේ පැනවූ සංචරණ සීමාවන් නිසා HIV පරීක්ෂණ කටයුතු වලට සිදුවූ බලපෑම විය හැකිය.

    පිරිමි සමලිංගික සබදතා පවත්වන්නන් අතර HIV වාර්තා වීමේ මෑතකාලීන සැළකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙයි. නව HIV රෝග විනිශ්චයන්ගෙන් බහුතරයක් පිරිමින් වන අතර ස්ත්‍රී පුරුෂ අනුපාතයෙන් 1: 5 වේ.

    HIV සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු කරුණු...

    1. අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් වල යෙදෙන ඕනෑම අයෙකුට HIV වැළදීමේ අවදානමක්

     ශ්‍රී ලංකාවේ HIV සම්ප්‍රේෂණයේ ප්‍රධාන ක්‍රමය වන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් වේ. නමුත් පිරිමින් සමග ලිංගිකව ඒක්වන පිරිමින්ට, ලිංගික ශ්‍රමිකයින්ට, මත්ද්‍රව්‍ය ඒන්නත් කරන පුද්ගලයින්ට, වෙරළාශ්‍රිත ශ්‍රමිකයින්ට, සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට සහ බන්ධනාගාර වල සිටින පුද්ගලයින්ට

    ඔවුන්ගේ විශේෂිත ඉහල - අවදානම් හැසිරීම් රටාවන් නිසා HIV වැළදීමේ අවදානම වැඩි විය හැක. HIV ආසාදනයට ගොදුරු වීමට ඇති වැඩි අවදානම හේතුවෙන් තරුණයින් සහ සංක්‍රමණික සේවකයින් කෙරෙහි විශේෂ අවදානයක් යොමු කළ යුතුය.
     ශ්‍රී ලංකාව තුළ HIV පරීක්ෂණ සහ සත්කාර සේවා රට පුරා ස්ථාපිත කරන ලද ලිංගාශ්‍රිත රෝග සායන 41ක් මගින් සපයනු ලැබේ.
     රෝග විනිහ්චය වැඩිදියුණු කිරීම සදහා ජාතික වැඩසටහන මගින් ක්ෂණික HIV පරීක්ෂණය සහ ස්වයං HIV පරීක්ෂණ හදුන්වා දීමෙන් HIV පරීක්ෂණ සදහා වැඩි අවස්ථාවන් ලබාදෙන ලදී.

    2. පවතින ප්‍රතිකාර හේතුවෙන් HIV ආසාදනය, පාලනය කළ හැකි දීර්ග කාලීන රෝගී තත්ත්වයක් බවට පත්ව ඇත.

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya