මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැක්සිකානු සිනමාවේ නියමුවා Carlos Reygadas කොළඹට

    සැප්තැම්බර් 01, 2014

    ජාත්‍යන්තර කීර්තිධර මැක්සිකානු සිනමාකරු Carlos Reygadas හෙට (02) ඇරඹෙන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලට සහභාගී විමට නියමිතය.


    සම්මාන රාශියකට හිමිකම් පෑ ඔහුගේ චිත්‍රපට කිහිපයක් මෙහිදී තිරගත කිරීමට අමතරව, චිත්‍රපට උළෙලට සමගාමී ව පැවැත්වෙන කුසලතා ප්‍රවර්ධන වැඩමුළුවේ කොටසක් ලෙස ඔහු විසින් චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳව දින දෙකක කුසලතා ප්‍රවර්ධන වැඩමුළුවක් පවත්වනු ලැබීමට නියමිතය. කෑන්ස් චිත්‍රපට‍ උළෙලේ හොඳම අධ්‍යක්ෂ Carlos Reygadas සිය බිරිඳ වන චිත්‍රපට සංස්කාරිකා Natalia Lopez සමග මෙසේ ශ්‍රී ලංකාවට පැමිණෙනුයේ ප්‍රථම වරටය.

    home tabs carlos

    Carlos Reygadas

     

    1971 දී Mexico City හිදී උපත ලද Carlos Reygadas මැක්සිකෝවේදී නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දුන්නේ ලන්ඩනයේ සන්නද්ධ ගැටුම් ගැටලු පිළිබඳ විශේෂයෙන් හදාරමිනි. ඔහු සිනමා වෘත්තියට පිවිසීමට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරන ලදී. Andrei Tarkovsky වැනි සිනමා ලෝකයේ පතාක යෝධයන්ගේ නිර්මාණ කෙරෙහි ආසක්ත වීමෙන් ඇති වූ පෙළඹවීමෙන් 1998-1999 කාලපරාසය තුළදී බෙල්ජියමේදී ඔහු විසින් කෙටි විත්‍රපට 4ක් නිර්මාණය කරන ලදී.


    පුදුම කරවන සුළු අන්තර්ගතය සහ මහානුභාව සම්පන්න සෞන්දර්යය හේතුවෙන් ජාත්‍යන්තරව ආකර්ෂණයට බඳුන් වූ සිය ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය Japon (Japan) චිත්‍රපටය රූගත කිරීම සඳහා 2000 වසරේදී ඔහු නැවත මෙක්සිකෝවට පැමිණියේය.

     

    ලිංගිකත්වය පිළිබඳ ආවක විග්‍රහයකින් යුතුව මානව අස්ථිරභාවය මනාව පිළිබිඹු කරන, සුවිශේෂී මැක්සිකානු අන්තර්ගතයන් තුළ ඉදිරිපත් කෙ‍රුණු Japan සිනමා කෘතියෙන් ලද පන්නරයෙන් නිර්මාණය කෙ‍රුණු ඔහුගේ දෙවන වෘත්තාන්ත චිත්‍රපටය වන Batalla en elcielo (Battle in Heaven, 2005), Palm d’or සම්මානය සඳහා තරග වැදුන අතර, තවත් ජාත්‍යන්තර සම්මාන රාශියක් දිනා ගනිමින් Reygadasට ම අනන්‍ය වූ සිනමා ශෛලියක් ස්ථාපිත කළේය.


    Reygadasගේ තෙවැනි සිනමා නිර්මාණය වන Stellet Licht (Silent Light , 2007) ඔහුගේ පෙ‍ර සිනමා කෘතීන් තුළ වූ හුරු පුරුදු සෞන්දර්යාත්මක තේමාවන් වෙනුවට ත්‍රාසය දනවන තේමාවක් පදනම් කරගත් අතර, එම සිනමා කෘතිය ලොවපුරා ගෞරවාන්විත සම්මාන රාශියකට හිමිකම් කියනු ලැබූයේ සමකාලීන මැක්සිකානු සිනමාවේ නියමුවා සහ ලෝක සිනමාවේ ප්‍රමුඛ සිනමාකරුවා යන කීර්තිනාමය Reygadasට හිමි කර දෙමිනි.


    අනෙකුත් මුල් පෙළ මැක්සිකානු සිනමාකරුවන්ගේ විශිෂ්ට චිත්‍රපට නිෂ්පාදනය කරමින්, 2010 වසරේ Revolucion කෙටි චිත්‍රපටයට දායක වෙමින් සහ 2012 වසරේ කෑන්ස් සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානය ඔහුට අයත් කර දුන් ඔහුගේ අති විශිෂ්ට සිනමා කෘතිය Post Tenebras Lux (2012) නිර්මාණය කිරීම තුළින් Reygadas තවදුරටත් වත්මන් මැක්සිකානු සිනමා පුනරුදයට දායකවෙමින් සිටී.

    Carlos Reygadas BND SRL

    Carlos Reygadas දිනූ සම්මාන
     

    කෑන්ස් චිත්‍රපට උළෙල

        2012 (Won) Best Director - Post Tenebras Lux
        2012 (Nominated) Palme d’Or - Post Tenebras Lux
        2007 (Won) Jury Prize - Silent Light
        2007 (Nominated) Palme d’Or - Silent Light
        2005 (Nominated) Palme d’Or - Battle in Heaven

        2002 (Won) Camera d’Or Japan
     

    විකාගෝ අන්තර්ජාතික සිනමා උළෙල

        2007 (Won) Best Feature - Silent Light

     

    මැක්සිකෝවේ Ariel සම්මාන

        2007 (Won) Silver Ariel for Best Direction - Silent Light
        2007 (Won) Silver Ariel for Best Screenplay - Silent Light

     

    SDF

    Courtesy_ http://www.iffcolombo.com/

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya