නොවැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ කෘෂි රන් අස්වැන්න

    නොවැම්බර් 05, 2021

    ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය අවුරුදු 3000 ක් තරම් ඈත අතීතයකට උරුමකම් කියයි. ජලාශ්‍රිත ශිෂ්ටාචාරයක ආර්ථිකයේ මූලික පදනම වූයේ කෘෂිකර්මාන්තයයි. පුරාණ ශ්‍රී ලාංකේය ජනජීවිතය අයත් වනුයේ එකී පදනමටයි.


    සිංහලයන්ගේ ප්‍රධාන වගාව වී ගොවිතැන වූ අතර කෘෂිකර්මය ප්‍රධාන ආර්ථිකය මෙන් ම ප්‍රධාන ආහාර ලබාගැනීමේ මාර්ගය ද විය.ස්වයංපෝෂිත ආර්ථික රටාවකට අතීත ශ්‍රී ලාංකිකයන් උරුමකම් කීවද වර්තමානයේ ආනයනික
    නිෂ්පාදන සහ ජීවන රටාවකට මෙරට වැසියන් හුරු වී සිටී. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය දේශීයකරණයට රට නතු කරමින් තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රචලිත කිරීම සඳහා කැපවී සිටී.

    ගෝලීය කොවිඩ් වසංගතයත් පසුගිය වසර කිහිපය පුරා පැවති නියගය සහ කාලගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා එළවළු, පළතුරු ඇතුළු ආහාර සහ භාණ්ඩ මිල සීඝ්‍රයෙන් ඉහල ගොස් තිබේ. අප මුහුණ දී ඇති කොවිඩ් යනු අපට ඇති එකම අභියෝගය නොවේ. අප ජය ගත යුතු තවත් අභියෝග රැසක් ඇත. ඒ බාධක ජය ගැනීමට අපට ඇති එකම ශක්තිය, මෙරට කෘෂි ආර්ථිකය සවිබල ගැන්වීමයි.රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමට රජය කටයුතු කරමින් සිටියි.මෙහිදී අපනයන කෘෂි බෝග කර්මාන්තය නගා සිටුවීම සඳහාද රජය විශේෂ අවධානයක් යොමු කර තිබේ. අපනයන කෘෂිකර්මාන්තය ක්‍රමානූකූලව නගාසිටුවමින් මෙරට ආර්ථිකය නඟා සිටුවීම රජයේ ඉලක්කය වී තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව යමින් සෞභාග්‍යමත් දේශයක් ඇති කිරීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවද සිය දායකත්වය ලබා දීමට ඉදිරිපත් වී තිබේ. ''තුරු මිතුරු-නව රටක්''ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ජයවර්ධනපුර හමුදා මූලස්ථානය අසල අක්කර 12 ක භූමි ප්‍රමාණයකින් යුත් පුරන් කුඹුරු අස්වද්දනු ලබන්නේ එම ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙනි .

    2019 දෙසැම්බර් 30 වන දින ආරම්භ වන මෙම ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 1.7 ක දුරක් ආවරණය වන පරිදි නව හමුදා මූලස්ථානය හරහා දිවෙන මාර්ගයේ දෙපස අරලිය පැළ 170 ක් සිටුවීම සිදුකරනු ලැබිණ‍ . ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ අක්කර 12 ක අතහැරදමා තිබූ පුරන් කුඹුරු අස්වද්දන අතර එසේම ඊට සමගාමීව මී, කොබෝනීල , කරඳ වැනි පැළ 140 ක්ද රෝපණය කරන ලදී.එසේම මෙහි තෙවන අදියර යටතේ ශාරීරික ව්‍යායාම උපාංග හතරක් සහිත ශාරීරික ව්‍යායාම මංතීරුවක් ස්ථාපනය කිරීම, පොල් පැල 100 ක් සිටුවීම, මිරිදිය හා විසිතුරු මසුන් 20,000 ක් මුදාහැරීම ඇතුළු වැඩසටහන් රැසක්
    ක්‍රියාත්මක කෙරිණි.ran3

    මෙම ව්‍යාපෘතිය තවත් පුළුල් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය ඇරඹෙන්නේ ආරක්‍ෂක‍ මාණ්ඩලික ප්‍රධානි සහ යුධ හමුදාපති ජෙනරාල්
    ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුවයි. 2021 ජනවාරි 07 වන දින මෙම බලකාය ආරම්භ කරනු ලැබේ. රටේ ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීම හා ආහාරවලින් ස්වයංපෝෂිත කිරීම සදහා යුද හමුදාවේ දායකත්වය ලබාදීම අරමුණුකර ගනිමින් මෙම නව බලකාය පිහිටුවා තිබේ. යුධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රි ගේඩියර් අරෝෂ රත්නායක මහතාගේඅධීක්‍ෂණය යටතේ මෙම බලකාය ක්‍රියාත්මක වේ. යුධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය, බලඇණි 5 කින් යුක්ත වන අතර, එක් බලඇණියක් නිලධාරින් 28 දෙනෙකුගෙන් හා සෙසු නිලයන් 725 දෙනෙකුගෙන් සමන්විත වේ.

    යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය පිහිටුවා වසරකට ආසන්න කලක් ගත වී ඇති මොහොතක ඒම ගොවිපලවල් කිහිපයක නිරීක්ෂණ චාරිකාවක යෙදීමට අවස්ථාව උදා විය. මෙම නිරීක්ෂණ චාරිකාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ යුධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය ඒක්ව සංවිධානය කර තිබුණි.

    අපි පළමුව ගියේ මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි ආඩියන්කුලම් ගොවිපල නැරඹීමටයි. ගොවිපලෙහි මුළු භූමි ප්‍රමාණය අක්කර 6000කි. එයින් මේ වන විට වගා කර ඇති මුළු භූමි ප්‍රමාණය අක්කර 100කි. මෙම ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වන අතර වාර්ෂික විවිධ බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රී ලංකා යුධ හමුදාව ලබා ගෙන තිබේ. ගොවිපල ආරම්භ කිරීමට පෙර මෙම භූමිය වල් බිහිවූ භූමියකි. අද එය සශ්‍රීක ගොවිපලක් බවට පත්ව තිබේ.

    ran55

    එදා යුද්ධයෙන් අවතැන් වී සිටි ජනයා සඳහා හමුදාව විසින් සරණාගත කඳවුරු ඉදි කළේ මෙම ආඩියන්කුලම් සහ මැණික්ෆාම් ප්‍රදේශවලයි. ජාතියේ මුර දේවතාවුන් ලෙස තිස්වසරක යුද්ධයෙන් රට බේරා ගත් විරෝධාර රණවිරුවන් අද එම බිම් අස්වද්දන්නේ ඉදිරියේ මුහුණදිය හැකි ආහාර අර්බුදයෙන් ජනතාව බේරා ගැනීමටයි.

    ගොවිපලට ඇතුල් වන විටම අක්කර 50ක් පුරා ව්‍යාප්ත වූ මිරිස් වගාව අපට දැක ගත හැකි විය. අක්කර 50ක් තරමි විශාල ඉඩමක් පුරා මිරිස් වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන්නේ ප්‍රථම වතාවටයි. අපනයන කෘෂිකර්ම අමාත්‍යංශය සමග ඒක්ව ශ්‍රී ලංකා යුධ හමුදා කෘෂිකර්ම බලඇණිය මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.මිරිස් ප්‍රභේද දෙකක් මෙහි වගා කර තිබේ. MICHY1 හයිබ්‍රිඩ් වර්ගයේ දෙමුහුන් මිරිස් වර්ගය ඉන් එක් ප්‍රභේදයකි. අනෙක් මිරිස් ප්‍රබේදය නම් ගල්කිරියාගම ප්‍රභේදයයි. පළමු වතාවට මිරිස් කිලෝ 45,000ක අස්වැන්නක් මෙමගින් ලබා ගෙන ඇති අතර ඒයින් කිලෝ 7500ක් වියළි මිරිස් බවට පත් කර ගැනීමට හැකි වී තිබේ. එම වියලි මිරිස් කුළු බඩු මණ්ඩලයට අලෙවි කර ඇති අතර කුළු බඩු මණ්ඩලය හරහා සහනදායි මිලකට ජනතාවට මෙම වියළි මිරිස් මිලදී වෙළෙඳපොළෙන් මිලදී ගත හැකිය.



     

    නෙලා ගන්නා මිරිස් වියලා ගැනීමට මෙම ගබඩාව භාවිතා කරන අතර මෙහි ඉඩ පහසුකම් නොමැති වීම නිසා එළිමහනේද මිරිස් වේලා ගැනිමට සිදුව තිබේ. ලංකාවේ දැනට ඇති මහා පරිමාණ මිරිස් ගොවිපළ මෙම ආඩියන්කුලම් මිරිස් ගොවිපළයි.ගන්නොරුව පිහිටි කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයෙන් ලබා ගත් මිරිස් බීජ වලින් මෙම වගාව සිදු කර තිබේ.
     

    ආඩියන්කුලම ඉඩමේ අක්කර 30ක භූමි ප්‍රමාණයක බඩ ඉරිගු වගා කර ඇති අයුරුද අපට දැක ගත හැකි විය. බඩ ඉරිගු වගාව සඳහා විශාල මිරිස් ශ්‍රමයක් අවශ්‍ය වේ. විශාල ශ්‍රම බලකායක් සිටින යුධ හමුදා කෘෂි බලකායට බඩ ඉරිගු භෝගය පහසුවෙන වගා කළ හැකි සහ රැකබලා ගතහැකි බෝගයකි. මෙම බඩ ඉරිගු ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ සත්ව ආහාරයක් ලෙසයි. අද වන විට සත්ව ආහාර වල මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බැවින් යුධ හමුදා සත්ව ගොවිපළ සඳහා අවශ්‍ය සත්ව ආහාර නිපදවීම සඳහා මෙම බඩ ඉරිගු වගා කර තිබේ.

    මෙම චාරිකාවට මග පෙන්වූ යුධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රි ගේඩියර් අරෝෂ රත්නායක මහතා අදහස් දක්වමින් පැවසුවේ කාබනික පොහොර යොදාගෙන මෙම භෝග වගාවන් සිදු කර ඇති බවයි.
     

    '';අක්කර 1000ක භූමි ප්‍රමාණයක පොල් ගස් 64,000ක් වගා කිරීම යුධ හමුදා කෘෂිකර්ම බලකායේ එක් ව්‍යාපෘතියක් .මෙයින් අක්කර 350 ක පොල් පැල 30,000ක් මේ වන විටත් වගා කර තිබෙනවා. ඉදිරියේදී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ සහය ඇතිව කන්දකාඩු ගොවිපලේ හුදෙකලා පොල් උයනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ වන විට සමාජයේ විශාල කතිකාවතක් ගොඩ නැගී ඇති
    ,කොම්පොස්ට් පොහොර මෙට්‍රික් ටොන් 25000 ක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා. මහ කන්නය සඳහා ජාතික කාබනික පොහොර අවශ්‍යතාව සපුරාලීම සඳහා යුධ හමුදා ගොවිපලවල මෙම පොහොර නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව දේශීය සහල් නිෂ්පාදන වැඩසටහනක්ද ක්‍රියාත්මක වෙනවා. කහපැල 100000ක් වගා කිරිමේ බීජ කහ නිෂ්පාදන ව්‍යාපෘතියක් ද
    ක්‍රියාත්මකයි. මැණික්ෆාම් ගොවිපලේ කහ වගාව මගින් කිලෝ 6000ක අස්වැන්නක් ලබා ගත්තා . අවශ්‍ය ගොවීන්ට එම කහ බීජ අපි ලබා දුන්නා. මීට අමතරව මෙම භූමිය තුළම මුරුංගා පැල 20,000ක් දෙහි පැල 20,000ක් වගා කර තිබෙනවා. මෙම දෙහි වගාව අලි වැට සඳහා ස්වභාවික කටු බාධකයක් ලෙස යොදා ගන්නවා. යටි වගා ලෙස මුං, කන්කුන් වැනි වගාවන්ද තිබෙනවා.''siran2siran44

    ඉදිරියේදී කෘෂි සම්පත් මධ්‍යස්ථාන පිහිටුවීම, ශීතාගාර පහසුකම් ඇති කිරීම, මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය දියුණු කිරීම සහ ත්‍රිවිධ හමුදා කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීම වැනි දෑ සැලසුම් කර ඇතැයිද රත්නායක මහතා සඳහන් කළේය.

    යුධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්ෂණය සහ ක්‍රමවත් උපාය මාර්ගික සැලැස්මක් ඔස්සේ, කෘෂි නිෂ්පාදන ඉහල නැංවීම මෙම බලකාය පිහිටුවිමේ අරමුණ වේ.

    කන්දකාඩු, මැණික්ෆාම්, වෙල්ලම්කුලම්, ගල්කන්ද, පලටුපාන, අඩියාපුලියන්කුලම්, බලල්ල සහ නිරාවිය යන ප්‍රදේශයන්හි මෙම යුද්ධ හමුදා ගොවිපලවල් ස්ථාපිත කර තිබේ. මෙහිදී අදහස් දැක්වූ යුධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ශිරාන් වැලිගම මහතා මෙසේ සඳහන්කළේය.

     
    අක්කර 500කින් යුත් TEJC අඹ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. අඹ පැල 40,000ක් මේ වන විට වගා කර ඇති අතර ඒය 60,000ක් දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා

    ආඩියන්කුලම සහ මැණික්ෆාම් ගොවිපල නිරීක්ෂනයෙන් අනතුරුව අක්කර 150ක් පුරා විහිදුණු නිරාවිය යුධ හමුදා ගොවිපල නිරීක්ෂණය කිරීමටද අවස්ථාව උදා විය.මෙය මහවැලි අධිකාරියට අයත් භූමියක් වන අතර වාර්ෂික බලපත්‍ර ක්‍රමය යටතේ බදු පදනමට මෙම භූමිය ලබා ගෙන ඇත. මෙම ගොවිපලෙහි කුකුල් ගොවිපලවල් කිහිපයක් තිබේ. දිනකට බිත්තර 5000ක් පමණ ලබා ගන්නා අතර එම බිත්තර යුධ හමුදා සෙබළුන්ගේ දෛනික පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා භාවිතයට ගනී.

     

    අතහැර දැමූ සහ වල්වැදී පැවති වියළි කලාපයේ පිහිටි මෙම විශාල ඉඩම් , අඩු නිෂ්පාදන පිරිවැයකින්, උසස් තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් ගුණාත්මක බවින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි භූමි බවට පත් කිරීමට යුධ හමුදා කෘෂිකර්ම බලකාය අද සමත් වී තිබේ.
    ගොවිතැන අත්හැර වෙනත් වෘත්තීන්ට යොමුවීම වෙනුවට වෙනත් වෘත්තින්හි යෙදෙන්නන් පවා කෘෂිකර්මාන්තය කෙරෙහි ආකර්ශනය කර ගන්නා වැඩපිළිවෙලක් බවට යුධ හමුදා කෘෂි බලකායේ මෙම ව්‍යාපෘතිය අද පත්ව තිබේ.

    ලිව්වේ ප්‍රභාෂිණී

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya