අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් 19 හමුවේ ඖෂධ භාවිතා කළ යුත්තේ කෙළෙස ද? ඖෂධ භාවිතයට පෙර නිසි ලෙස දැනුවත් වෙමු

    අගෝස්තු 27, 2021

    කොවිඩ් 19 හමුවේ ඖෂධ භාවිතා කළ යුත්තේ කෙළෙස ද? ඖෂධ භාවිතයට පෙර නිසි ලෙස දැනුවත් වෙමු

    වත්මන් කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ බොහෝ දෙනෙකුට ඖෂධ භාවිතය සම්බන්ධයෙන් ගැටලු රාශියක් මතුවෙනවා.  එම ගැටලු පුද්ගලයන් සදහා ප්‍රධාන වශයෙන්  දෙයාකාරයෙන් ම බලපානවා. ඒනම්,

    01. කොවිඩ් 19 වසංගතය සදහා භාවිතා කළ හැකි ඖෂධ මොනවාද?

    02. කොවිඩ් 19 වසංගතය හමුවේ ඔබට ඇති අනෙකුත් රෝග සදහා ඖෂධ භාවිතා කළ යුත්තේ කෙලෙසද?

    මෙම කාරණා ද්විත්වයට ඉතාමත් නිරවුල් පැහැදිලි කිරීමක් (25) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබද මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය විසින් සිදුකළා.

    දැනට ලැබී ඇති දත්ත අනූව කොවිඩ් 19 රෝගය මර්දනය කිරීම සදහා භාවිතා කළ හැකිද යන්න සොයාබැලීමට ඖෂධ රාශියක් පිළිබදව පර්යේෂණ සිදු කරන අතර තවමත් එලෙස කොවිඩ් මර්දනය සදහා සුදුසු කිසිම ඖෂධයක් හමුවී නැහැ..

    කොවිඩ් 19 වැළැක්වීම සදහා ඉතා කාර්යක්ෂම සහ සුරක්ෂිත එන්නත් වර්ග කිඑහිපයක් ලෝකයේ සහ අප රට තුළ භාවිතා වන අතර කොවිඩ් වැළැක්වීමට මෙන්ම කොවිඩ් වෛරසය මගින් ඇතිවන සංකූලතා සහ මරණයට පත්වීම අවම කරගැනීම සදහා මෙම එන්නත් වර්ග අතරින් ඔබට ලබාගත හැකි කුමන හෝ එන්නත මාත්‍රා 02ම ලබාගැනීම වැදගත් වනවා. එන්නත් මාත්‍රා දෙකම ලබාගත්තද අනෙකුත් සෞඛ්‍යාරක්ෂණ ක්‍රම සුපුරුදු ලෙස භාවිතයත් අනිවාර්යයෙන්ම සිදුකළ යුතුයි.

    බටහිර වෛද්‍ය ක්‍රමයන්ට අනූව සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදී ඇති මාර්ගෝපදේශ අනූව කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වලදී ලබාදෙන ඖෂධ කිහිපයක් පවතිනවා. රෝගීන්ගේ ප්‍රතිශක්තිය වර්ධනයට උපකාරී වෙතැයි අනුමාන කරන ඖෂධ ලෙස විටමින් D, විටමින් C හා Zinc වැනි මූලද්‍රව්‍ය වලින් ප්‍රතිශක්තිකරණය වැඩිවෙතැයි පවතින දත්ත අනූව අනුමාන කළ හැකියි.

    විටමින් ගතයුතු නියමිත මාත්‍රාවන්ගෙන් ලබාගැනීමෙන් අතුරු ආබාධ ඇතිනොවෙන අතරම මේවා සාමාන්‍ය පුද්ගලයන්ද ඖෂධහලකින් ලබාගෙන භාවිතා කිරීම ගැටලුවක් වන්නේ නැහැ. මෙම දිනවල සමාජ මාධ්‍ය හරහා ඇතැම් මිල අධික ඖෂධයන් කොවිඩ් මර්දනය සදහා සුදුසු බවට ප්‍රචරයන් සිදුවනවා. ඒවැනි ව්‍යාජ ප්‍රචාරයන්ට හසුනොවන ලෙස මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින අතරම ඉතා විශාල වශයෙන් මුදල් ගෙවාගෙන ප්‍රචාරණය මත ඒවා ලබාගැනීම නුසුදුසු යැයිද අවධාරණය කරනවා.

    කොවිඩ් 19 සදහා මතුවන රෝග ලක්ෂණයක් වන උණ සදහා උණ අඩුකිරීමට මෙන්ම වේදනා නාශකයක් ලෙස පැරසිටමෝල් ඖෂධය නියම කරනවා. නියමිත මාත්‍රාවෙන් එය භාවිතා කිරීම වැදගත්. වැඩිහිටියන් සදහා දවසකට තුන් වතාවක් පෙති දෙක බැගින් ලබාගැනීම සුදුසු වුවත්, පැය 06කට පළමුව ඒය නැවත ගැනීම සුදුසු වන්නේ නැහැ..

    පැරසිටමෝල් ඖෂධය දරුවන්ට ලබාදීමේදී දරුවාගේ බර අනූව ලබාදීම වැදගත්. දරුවාගේ බර කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 10ත් 15ත් අතර ප්‍රමාණයක් එනම්, දරුවාගේ බර කිලෝ 10ක් නම්, මිලිග්‍රෑම් 100-150ත් අතර පැරසිටමෝල් ලබාදීම සුදුසු වෙනවා. දරුවන් සදහා පැරසිටමෝල් සිරප් වශයෙන් පවතින අතර කිලෝ 10ක් පමණ බර දරුවෙකුට තේ හැන්දක ප්‍රමාණයක් (125mg) වරකට ප්‍රමාණවත්. පැරසිටමෝල්ට් වලට අමතරව වෙන කිසිම ඖෂධයක් උණ අඩුකිරීමට හෝ ඇගපත රිදීම සදහා භාවිතා නොකළ යුතුයි.

    ඉබියුබ්‍රෝෆන්, ඩයික්ලෝෆෙනැක්, මෙෆනොලික් ඇසිඩ් වැනි ඖෂධ නිසා රුධිර වහනයක් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. එම ඖෂධ ලබාගැනීම අනුමත නොකරනවා. කොවිඩ් ආසාදනය වූ විට නාසයෙන් සොටු දියර ගැලීම, උගුර කැසීම වැනි රෝග ලක්ෂණ සදහා ඇන්ටිහිස්ටමීන් වර්ගයේ ඖෂධ ලොරැටිඩීන්, ෆ්ලෙක්සො පෙනඩීන් ක්ලෝෆෙනරමීන් වැනි ඖෂධ වෛද්‍යවරයෙකුගේ අනුමැතිය සහිතව ලබාගත හැකියි.

    රෝහල් වලදී කොවිඩ් 19 නිසා නියුමෝනියාව හැදුණු විට නොයෙකුත් ප්‍රතිජීවක ඖෂධ ලබාදෙනවා. ඇසිත්‍රොමයිසීන් ඖෂධය සාමාන්‍යයෙන් කොවිඩ් 19 රෝගය මර්දනයට උපකාරී වන බවට පමයක් පැවතුණා. නමුත් එය කොවිඩ් 19 සදහා පමණක් භාවිතා කරන්නේ නැහැ. කොවිඩ් 19 නියුමෝනියාව සෑදී දෙවනි වර පෙනහලු වලට බැක්ටීරියා ආසාදනයක් ඇතිවිය හැකියි. එවැනි දෙවැනි වර නියුමෝනියා තත්ත්වයක් බැක්ටීර්යා ආසාදිත නියුමෝනියාවක් පැමිනි අවස්ථාවක පමණක් ප්‍රතිජීවක ඖෂධ ලබාදීමක් සිදුකරනවා. අනවශ්‍ය පරිදි ප්‍රතිජීවක ඖෂධ ලබාදීම අනුමත කරනනේ නැහැ. ඒමගින් ප්‍රතිජීවක ඖෂධ වලට ප්‍රතිරෝධය ඇතිවිය හැකියි. ඒය විශාල ගුටලුවක් විය හැකියි. ප්‍රතිජීවක ඖෂධ ලබාදෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයක් හටගතහොත් පමණයි. නිවසේදී අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීමෙන් වළකින්න. ඒමගින් අතුරු ආබාධ ඇතිවිය හැකියි.

    ඩෙක්සොමෙක්සෝන් වැනි ස්ටෝරොයිඩ කාණ්ඩයේ ඖෂධ දැනට සොයාගෙන ඇති පරිදි කොවිඩ් නියුමෝනියාව සමග සයිටොකයිට්ස් ස්ටෝම්ස් තත්ත්වය ඇතිවන විටෙක එය පාලනය සදහා ලබාදෙනවා. මෙය නිවසේදී කිසිලෙසක භාවිතා කිරීම සුදුසු වන්නේ නැහැ. ඒමගින් ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඒමනිසා රෝගය වැළදුණු මුල් කාලයේදී ස්ටීරොයිඩ් වැනි ඖෂධ ලබාගැනීමෙන් කොවිඩ් 19 රෝගී තත්ත්වය උත්සන්න විය හැකියි. ප්‍රෙඩ්නිසිලෝන් වැනි ඖෂධ ද අනවශ්‍ය ලෙස භාවිතා නොකළ යුතුයි. ඒවා භාවිතා කළ යුතු වන්නේ රෝහලකට ගොස් කොවිඩ් 19 නියුමෝනියා තත්ත්වය වැළදී ඇතිද යන්න අවබෝධ කරගනිමින් වෛද්‍ය අනුමැතිය සහිතවයි.

    රෝහල් වල රුදිර කැටිගැසීම අඩු කරීමට ඉනොක්සිෆරීන් වැනි ඖෂධ ලබාදෙනවා. එය එන්නතක් වශයෙන් ලබාදෙන අතර නිවසේදී එය ලබාදෙන්නේ නැහැ. රුධිර කැටිගැසීම අඩු කිරීම සදහා ඇතමුන් භාවිතා කරන හෘද රෝගීන් සදහා ලබාදෙන ඖෂධයක් වන ඇස්ප්‍රීන් නැමති ඖෂධය සාමාන්‍යයෙන් භාවිතා නොකරන පුද්ගලයින් කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ඒය ලබාගැනීමට පෙළඹී ඇති බව වාර්තා වෙනවා. එය කෙසේවත් සිදු නොකළ යුතුයි. රෝගියෙකුට ඇස්ප්‍රීන් ලබාදීමක් සිදුවන්නේ අවශ්‍යතාවයක් මත පමණයි.

     

    ඉහත පහැදිලි කළ ඖෂධ පමණක් කොවිඩ් 19 රෝගීන් සදහා වෛද්‍යවරුන් විසින් වෛද්‍ය උපදෙස් මත නියම කරනවා.

    ඊට අමතරව කොවිඩ් 19 වැළදුණු රෝගියෙකුට ඇති නිදන්ගත රෝග සදහා ඖෂධ භාවිතයේදීද ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. ඔබ දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග වැන රෝග සදහා ඖෂධ ලබාගන්නවා නම් ඒම ඖෂධ නොකඩවා දිගටම භාවිතය මෙන්ම ඖෂධ අවසන් වීමට ප්‍රථම ගෙනැවිත් තබාගැනීම මෙම වකවැනුවේදී අත්‍යවශ්‍යයි.

    මෙම රෝග උත්සන්න වුවහොත් ඔබට රෝහල් ගතවීමට සිදුවිය හැකියි. මෙමම දින වල රෝහල් වල කොවිඩ් රෝගීන් අධික බැවින් රෝහල්ගතවීමේදී කොවිඩ් අවදානමක් පවතිනවා. එබැවින් ඔබට නිදන්ගත රෝග පවතී නම් කොවිඩ් වැළදුණහොත් එයින් අසාධ්‍ය තත්ත්වයට පත්වීම වැඩි විය හැකි බැවින් රුධිර පීඩනය, රුධිරයේ සීනි ප්‍රමාණය, හෘද රෝග වැනි තත්ත්වයන් පාලනය කරගැනීමට තමන්ට නියම කර ඇති පරිදි නිදන්ගත රෝග සදහා වන ඖෂධ මෙම අවස්ථාවේදී නිසිලෙස භාවිතය කොවිඩ් සංකූලතා වලින් ආරක්ෂා වීමට වැදගත් වනවා.

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අපි නිසිලෙස දැනුවත්වී ඖෂධ භාවිතා කරමු.ඒමගින් අසීරු අවස්ථා රැසක් මගහරවාගත හැකිවනු ඇත.

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya