අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක දුම්කොළ නිවාරණ දිනය අදයි- දුම්කොළවලින් ඈත්වී සෞඛ්‍ය සම්පන්න වෙමු!

    මැයි 31, 2021

    සෑම වසරකම මැයි මස 31 වනදාට යෙදී ඇති ලෝක දුම්කොළ නිවාරණ දිනය අදයි.. මෙවර ලෝක දුම්කොළ නිවාරණ දිනයේ තේමාව වන්නේ Quitters are winners, අතහැර දිනමු යන්නයි.

    දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතා කරන්නන් බිලියන 1.3 ක් ලොව පුරා වාසය කරන අතර එයින් සියයට අසූවක්ම වාසය කරන්නේ දියුණු වෙමින් පවතින සහ දරිද්‍ර රටවල් වලයි. අප රටෙහිද දුම්වැටි භාවිතය බුලත් විට හැපීම සහ වෙනත් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයන් භාවිතය ආදී විවිධාකාරයෙන් දුම්කොළ නිෂ්පාදන භාවිතයෙහි සුලභතාවයක් දැකිය හැක.

    එනම් සෑම වැඩිහිටි පුද්ගලයන් තිදෙනකුගෙන් එක් අයකු යම්කිසි දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයන් භාවිතා කරයි. සෑම පාසැල් යන වයසේ දරුවන් දෙදෙනකුගෙන් ම එක් අයකු නිෂ්ක්‍රීය දුම්පානයට (passive smoking ) ලක්වේ. රටේ අනාගතය භාරගැනීමට සිටිනා දරුවන් සෞඛ්‍ය සම්පන්නව ආරක්ෂා කරගැනීම සෑම වැඩිහිටියෙකුගේම යුතුකමකි. මේ සියලු දෙනාම කොරෝනා ඇතුළු වෙනත් පෙණහලු ආශ්‍රිත රෝග, බෝවන රෝග සහ බෝනොවන රෝග වලට ලක්වීමේ අවදානම ඉතා ඉහළය.

    මෙවර ලෝක දුම්කොළ නිවාරණ දිනයට සමගාමීව දුම්කොළ වලට ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමට උපකාරක සේවාවන් ලබාදීමට සෞඛ්‍යය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකය දැනටමත් ක්‍රියාකාරීව කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒ්කකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේළි මහත්මිය රජයේ නිළ පුවත් වෙබ් අඩවියට සදහන් කළාය.

     

    දුම්කොළ වලින් මිදීමට ඔබගේ කාර්යභාරය කොටස් දෙකකින් යුක්ත වෙයි. ඒනම් පළමු කාර්යය වන්නේ පළමුව ඔබ දුම්කොළ වලින් මිදී තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සපයා ගැනීමයි. දෙවනුව අප සමාජය දුම්කොළ වලින් මුදවාගෙන එයින් වන සමාජ හානියට එරෙහිව සටන් කළ යුතුය.

     

    දැනටමත් දුම්කොළ නිෂ්පාදන වලට ඇබ්බැහි වූවන් සඳහා සේවාවන් කිහිපයක් ලංකාව තුළ ක්‍රියාත්මක වේ. 1948  දුරකථන අංකය ඔස්සේ දුම්කොළ නැවැත්වීම සඳහා උපදෙස් ලබා දෙන Quit line සේවාව ඉන් එකකි. තවත් සේවාවක් වන්නේ බෝ නොවන රෝග ඒකකය විසින් රජයේ රෝහල් වල ස්ථාපනය කර ඇති සුවදිවි මධ්‍යස්ථාන හා සම්බන්ධව පැවැත්වෙන දුම්කොළ නිවාරණය සඳහා උපදෙස් ලබා දීමේ සේවාවයි.

     

    වෙනත් අයෙකු දුම් බීමට නිරාවරණය වීමේදී ඇතිවන සෞඛ්‍ය අවදානම නිෂ්ක්‍රීය දුම් දුම් පානය (second hand smoking) ලෙස නම් කරයි. මෙය දුම්බීම හා සමාන අවදානමකි. ඔබ නිෂ්ක්‍රීය දුම්පානයෙන් වැළකීමට නම් අප සමාජයෙන් දුම්කොළ තුරන් කළ යුතුව ඇත. ඔබට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමා හා එක්ව ඒ සඳහා ගත හැකි පියවරයන් සාකච්ඡා කළ හැකිය.

    දුම්කොළ කර්මාන්තය වනාහි සිය වසක් පුරාවට දේශ සීමාවන් බිඳ දමමින් පැතිරගිය ඉමහත් සෞඛ්‍යය අවදානමකි. බෝ නොවන රෝග ද එලෙසම දේශසීමාවන් බිඳගෙන පැතිර යන සෞඛ්‍ය අවදානම් ගොන්නකි. කොරෝනා යනු මෑත කාලයේ දී දේශසීමාවන් බිඳගෙන පැතිර යන වෛරස් ආසාදනයකි. මෙම සෞඛ්‍ය අවදානම් වල බොහෝ සමානතා ඇති අතර ඒ්වා එකක් මත එකක් පාලනය වේ. මේවා එක්ව ගත් කල සෞඛ්‍ය අවදානම වඩා වැඩිවේ. එනිසාම මෙම තත්ත්වය “Syndemic” තත්ත්වයක් ලෙස හැඳින්වේ. විද්‍යාත්මකව මේ පිළිබඳ හදාරා නිසි පියවරයන් ගැනීමෙන් මෙම සෞඛ්‍ය අවදානම් සියල්ලම මුලිනුපුටා දැමිය හැකිය.

    ඒසේනම් සිතන්න.. දුම්කොළයකට ඔබගේ සෞඛ්‍ය සම්පන්න භාවය බිදදැමීමට භාර කරනවාද? නිසි දැනුවත්භාවයෙන් අප අවට සමාජයත් දුම්කොළ විසෙන් ගළවාගනිමු.. වගකිවයුතු පුරවැසියන් වශයෙන් දුම්කොළ භාවිතයෙන් ඈත්වෙමු..

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya