අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අදෘශ්‍යමාන ග්ලෝකෝමාව පරදවමු.. ලෝකය දීප්තිමත්ය - ඔබේ පෙනීම සුරකින්න...

    මාර්තු 08, 2021

    ලෝක ග්ලෝකෝමා දිනය සෑම වසරකම මාර්තු මස 12 වනදාට යෙදෙන අතර මෙවර ලෝක ග්ලෝකෝමා සතිය වශයෙන් මාර්තු 07 සිට 13 දක්වා නම්කර ඇත. මෙවර ලෝක ග්ලෝකෝමා සතියෙහි තේමාව වන්නේ ලෝකය දීප්තිමත්ය - ඔබේ පෙනීම සුරකින්න යන්නයි.

    ලෝක ග්ලෝකෝමා සතිය නිමිති කරගනිමින් මාධ්‍ය සාකච්ඡාවක් අද දින (08) කොළඹ ජාතික අක්ෂි රෝහලේදී පැවැත්වුණු අතර ඒ් සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් බෝ නොවන රෝග විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි කුමාරතුංග මහත්මිය ඇතුළු වෛද්‍යවරුන් රැසක් සහභාගී වූහ.

    ග්ලෝකෝමාව යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ජනයා සදාකාලික අන්ධභාවයට පත්කරන ප්‍රධානතම රෝගී තත්ත්වයකි. ග්ලෝකෝමාව මගින් ක්‍රමයෙන් දෘෂ්ථි ස්නායුවට හානිකිරීමෙන් ඔබගේ පෙනීම සොරා ගනී. ඇසෙන් අප දකින දේ නිවැරදිව හදුනාගැනීම සදහා ඇසේ සිට මොලයට සන්නිවේදනය ලබාදෙන්නේ දෘෂ්ඨි ස්නායුව මගිනි. ඒනම් දෘෂ්ඨි ස්නායුවට හානි වීම යනු ලෝකය දකින දෙනෙත් වල පෙනුම තැනි වීමයි. ග්ලෝකෝමාව යනු මෙම දෘෂ්ඨි ස්නායුවේ අදෘශ්‍යමාන, නිහඩ මාරයා වේ.

    ලොව වයස අවුරුදු 40ට වැඩි ජනගහනයෙන් 2 – 3% ප්‍රමාණයක් ග්ලෝකෝමාවට ගොදුරු වන බව සංඛ්‍යාලේඛන දත්ත මගින් තහවුරු වී ඇත. ශ්‍රී ලංකාව තුළ ග්ලෝකෝමා රෝගයේ ව්‍යාප්තිය කෙතරම් දුරකට බලපා ඇත්ද යන්න පිළිබද ප්‍රමාණවත් දත්ත තවමත් අප සතුව නොමැති නමුත් ජාතික මට්ටමේ සමීක්ෂණයකට කෙටුම්පත් මේ වන විටත් සකස් වී ඇති අතර, නුදුරු අනාගතයේදී ඒය ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වෙයි.

    සාමාන්‍ය ව්‍යවහාරයේ බොහෝ අය ග්ලෝකෝමාව යන්නෙන් අදහස් කරන්නේ ඇසෙහි පීඩනය වැඩිවීම යන්නයි. නමුත් ඇසෙහි අධික පීඩනයක් නොමැතිව වුවද ග්ලෝකෝමා රෝගී තත්ත්වය තිබිය හැක. ඇසේ පීඩනය වැඩි අයෙකුගේ පීඩනය වැඩි වන්නට නොදී මනාව පාලනය කිරීම මගින් දෘෂ්ඨි ස්නායුවට වන හානිය ඉන් ඔබ්බට නොයා වළක්වාගත හැක. ග්ලෝකෝමාව මගින් දෘෂ්ඨි ස්නායුවට වන හානිය මැඩපවත්වා දෘෂ්ඨිය ආරක්ෂා කරගැනීමට පාලනය කරගත යුතු මෙන්ම පාලනය කළ හැකි ඒකම සාධකය වන්නේ ඇසේ පීඩනයයි. ග්ලෝකෝමාව ඔ්නෑම අයෙකුට ඇතිවිය හැකි වුවද රෝගී අවදානම් වැඩිකරන සාධකයන් කිහිපයක් හදුනාගෙන ඇත. ඒනම් ඔබගේ වයස අවුරුදු 40ට වැඩි නම් අවදානම වැඩිවෙයි. වයස වැඩිවත්ම තවදුරටත් ඒම අවදානම වැඩි වෙයි. පවුලේ අයෙකුට ග්ලෝකෝමාව පවතී නම්, අවිදූර දෘෂ්ඨිකත්වය පවතී නම්, දියවැඩියාව පවතී නම්, ඇසට අනතුරක් සිදුව ඇතිනම්, දීර්ඝකාලීනව භාවිතා කරන ස්ටෙරොයිඩ, උපත් පාලන පෙතා වැනි ඖෂධ භාවිතා කරයි නම්, අධි රුධිර පීඩනය, හෘද වාහිනී රෝග තත්ත්ව පවතී නම් ඔබ අවධානම් සහිත පුද්ගලයෙකි. ඔබ ඒලෙස අවදානම් කාණ්ඩයන්ට අයත් වේ නම් වහාම ග්ලොකෝමා සදහා ඇස් පරීක්ෂා කරවාගන්න.

    ග්ලෝකෝමා රෝගය සම්බන්ධව ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සුවිශේෂී කාර්යයභාරයක් ඉටුකරයි. ග්ලෝකෝමා රෝගය හදුනාගැනීම සදහා සාමාන්‍ය ජනතාව පරීක්ෂාවට ලක්කරමින් සෑම වසරකම ග්ලෝකෝමා සතිය නිමිති කොට ගෙන ජනතාව විශාල සංඛ්‍යාවක් ඒකවර පරීක්ෂාවට ලක්කිරීම සහ වසර පුරාම රටතුළ ව්‍යාප්ත වී තිබෙන අක්ෂි ඒ්කක වලින් ජනතාව පරීක්ෂාවට ලක්කිරීම මෙමගින් සිදුකරයි. ග්ලෝකෝමා රෝගය පිළිබද ජනතාව දැනුවත් කිරීම මෙන්ම දේශන ලිඛිත සහ විද්‍යුත් මාධ්‍ය භාවිතයෙන් මෙය සිදුකරයි. රෝගය පිළිබදව ජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

    මාර්තු 10 වන බදාදා පෙරවරු 08.30ට ලිප්ටන් වටරවුමෙහි ග්ලෝකෝමාව පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya