මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලාභ ලබමින් අප්ඩේට් වන එප්පාවල පොස්පේට්

    මාර්තු 03, 2021

     මින් වසර 50 කට පෙර මෙරටින් සොයාගත් අමිල දායාදයක්

     

    මෙරට අනගි , අමිල සොබා සම්පත් අතර එප්පාවල පොස්පේට් නිධිය වටිනා වස්තුවකි . පොලොවෙන් මතු වූ පිරිසිදු පාෂාණයක් වන මෙහි වෙනත් අපද්‍රව්‍ය අඩුවීම සුවිශේෂීයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ප්‍රදේශයේ පිහිටා ඇති මෙම පොස්පේට් නිධියෙහි භූමි ප්‍රමාණය හෙක්ටයාර 22 ක් බව සදහන් වුව ද එම ප්‍රමාණය ඉක්ම වූ වපසරියක මෙම
    පාෂාණය ව්‍යාප්තව ඇතැයි විශ්වාස කෙරේ. දැනට ගණන් බලා ඇති පරිදි මෙම භූමියෙන් ලබා ගත හැකි සමස්ත පොස්පේට් ප්‍රමාණය ටොන් මිලියන 60 ක් බව කියැවේ. මෙම මහා සොබා සම්පත සොයාගෙන මේ වසරට හරියටම වසර 50 ක් සපිරේ. ලංකා පොස්පේට් සමාගම ආරම්භ කර ඇත්තේ භූමිය සොයාගෙන වසර 20 කට පමණපසුවයි. ඒ අනුව එප්පාවල පොස්පේට් සමාගමේ ඉතිහාසය වසර 30 කි.

     දැනට සිදුවන නිෂ්පාදනය

    නිධියෙන් කපා ගන්නා පස් වලින් පොස්පේට් පාෂාණය වෙන් කරගෙන ඒවා අඹරා කුඩු බවට පවත්කිරීමෙන් “ රොක් පොස්පේට් ,, පොහොර නිෂ්පාදනය කිරීම මෙම සමාගම තුල දැනට සිදුවේ. එම පොහොර ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ බහුවාර්ෂික භෝග සඳහායි. අනෙකුත් භෝග වගාවන්ට මෙය යෙදීම සිදු නොවන්නේ රොක් පොස්පේට්කඩිනමින් ජලයේ දිය නොවන ස්වභාවයක් පැවැතිම හේතුවෙන්. සාමාන්‍යයෙන්බහුවාර්ෂික භෝග සඳහා පොහොර යෙදීමේ දී අනෙකුත් පොහොර වර්ග සමග රොක්පොස්පේට් මිශ්‍ර කර යෙදීම තුලින් ඉහළ ප්‍රතිලාභ ලැබේ. මීට අමතරව කොම්පෝස්ට්පොහොර සැකසීමේ දී එහි ගුණාත්මක බව වැඩිදියුණු කිරීමට රොක් පොස්පේට්භාවිතයට ගැනීම සිදුවේ. දැනට මෙම සමාගම තුල දිනකට රොක් පොස්පේට් ටොන් 250ක් පමණ නිෂ්පාදනය කරයි. ශ්‍රී ලංකාව තුල රොක් පොස්පේට් සදහා පවතින ඉල්ලුමසපුරාලීමට සමාගම තුල සිදුවන නිෂ්පාදන ප්‍රමාණවත් බව එම සමාගමේ වත්මන්සභාපති ඉංජිනේරු අනිල් රණසිංහ මහතා කියා සිටී.

     වින්ද පාඩු හා ලබන ලාභ

    වසර ගණනාවක් පාඩු ලබමින් තිබූ පොස්පේට් සමාගම වසර 4කට පසුව වාර්තාගත මෙහෙයුම් ලාභයක් ලබාගෙන තිබේ. කොරෝනා සමයේ දී මාස දෙකක කාලයක් සමාගම වසා තැබීමට පියවර ගත්ත ද වෙනත් වසර වලට සාපේක්ෂව රොක් පොස්පේට් නිෂ්පාදනය 2020 වසරේ දී වැඩි වී තිබේ. පෙර වසරවල වාර්ෂික නිෂ්පාදනය ටොන්45000 ක් පමණ වුවත් එය පසුගිය වසරේ දී ටොන් 52000 දක්වා වැඩි වී තිබේ. එලෙසටොන් 7000 කින් පමණ නිෂ්පාදනය වැඩිකරගෙන ඇත්තේ කොරෝනා හේතුවෙන් මාස දෙකක් සමාගම වසා තැබීමට ද සිදු වූ පසුබිමකයි. එමෙන්ම පොස්පේට් අලෙවිය දවෙනත් වසරවලට සාපේක්ෂව 2020 වසරේ දී සියයට 15% කින් පමණ වැඩි වී තිබේ.ගබඩාකර තිබූ රොක් පොස්පේට් ද සමග ගිය වසරේ දී අලෙවිකර ඇති පොහොරප්‍රමාණය ටොන් 53000කි. එයින් ඉපයූ මුදල රුපියල් මිලියන 93 ක්. මේ හරහා වසරහතරක් මුළුල්ලේ පාඩු ලබමින් තිබූ මෙම සමාගම 2020 වසරේ දී වර්තාගත මෙහෙයුම් ලාභයක් ලබා ඇතැයි සමාගමේ සභාපතිවරයා කියයි. මින් පෙර රොක් පොස්පේට්ටොන් එකක් නිෂ්පාදනය කිරීම සදහා රුපියල් 11500 ක් පමණ වැය වී තිබේ. එහෙත්ටොන් එකක් අලෙවිකර ඇත්තේ රුපියල් 11000 ක මුදලකටයි. එම තත්ත්වය තුල සිදුව ඇත්තේ පාඩු ලැබීමකි. එහෙත් මෙහි නිෂ්පාදන පිරිවැය අඩුකරමින් වසරක් තුලකෙමෙන්
    ලාභ ලබන මට්ටමකට පැමිණ තිබීම සතුටට කරුණකි.

    මෙලෙස ලාභයක් සටහන් කිරීමට හැකිව ඇති ප්‍රධානතම හේතුවක් ලෙස පාලනාධිකාරිය පෙන්වා දෙන්නේ වත්මන් පාලන තන්ත්‍රයෙන් අනවශ්‍ය දේශපාලන අතපෙවීම් වෙනුවට මනාව මෙය පවත්වා ගැනීමට දේශපාලන සහය ලබාදීම බවයි. විශේෂයෙන් වත්මන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම කර්මාන්ත නගා සිටුවීමට දක්වන උනන්දුව මල්ඵල ගැන්මෙමින් පවතින බව පොස්පේට් සමාගමෙන් දඔප්පු වෙමින් පවතින බව පොස්පේට් සභාපතිවරයා කියා සිටී. උසස්වීම් පිලිබදව , නවපත්කිරීම් පිලිබද බල කිරීම් දැන් මෙහි නැහැ. ,  නිසි කළමනාකාරීත්වයක් තුලින් සියල්ලයහපත් කිරීම කල හැකි බවට හොඳම සාක්ෂියක් වන්නේ එප්පාවල පොස්පේට් සමාගමකෙටි කාලයක් තුල මෙවන් ප්‍රගතියක් අත්කර ගැනීමයි.

     පොස්පේට් සමාගමේ අලුත් බලාපොරොත්තු

    මෙරට පොහොර නිෂ්පාදනය සදහා ට්‍රිපල් සුපර් පොස්පේට් ආනයනය කිරීමට වසරකට රුපියල් බිලියන 8ත් 10ත් අතර මුදලක් වැය වේ. එම ක්‍රියාදාමය නවත්වා සාමාන්‍ය බෝගවගාවන්ට යෙදීමට හැකිවන පරිදි සිංගල් සුපර් පොස්පේට් මෙරටම නිෂ්පාදනය කිරීමපොස්පේට් සමාගමේ ප්‍රධානතම බලාපොරොත්තුව වී තිබේ. ඒ ඇරුණු කොටකෙටිකාලීන ඉලක්ක හැටියට දිනකට දැනට නිෂ්පාදනය කරන ටොන් 250 ක රොක්පොස්පේට් ප්‍රමණය තවත් ටොන් ටොන් 150කින් වැඩිකිරීම නුදුරේදීම ඉටුකර ගැනීමඅපේකෂාවයි. විශේෂයෙන්ම 2022 වසරේ දී ටොන් 66000 ක් නිපදවිමේ බලාපොරොත්තුවපවතී. එමෙන්ම ඉදිරියේ දී බහු වාර්ෂික බෝග සදහා පමණක් භාවිත කරන රොක්පොස්පේට් වලට අමතරව සාමාන්‍ය බෝග වගාවන්ට යෙදිය හැකි සිංගල් සුපර්පොස්පේට් නිපදවීමේ අරමුණින් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට හා යන්ත්‍ර සුත්‍ර සවිකිරීමට සැලසුම් කර තිබේ. එයට සක්‍යතා අධ්‍යයන මේ වන විටත් සිදුවන අතර එම

    කර්මාන්ත ශාලාව ද ආරම්භ කිරිමෙන් පසුව රොක් පොස්පේට් වාර්ෂික නිෂ්පාදනය ටොන් දෙලක්ෂ පනස්දහසක් දක්වා වැඩිකිරීමට සිදුවේ. එම ඉලක්කය සපුරාගත හොත්මෙරට සාමාන්‍ය බෝග වගාවට යෙදීම සදහා සිංගල් සුපර් පොස්පේට් අවශ්‍යතාවසපුරාලිය හැකියි.

    එමෙන්ම ගොවියාට අඩු මුදලකට පොහොර ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම ද ඉදිරියේ දී නිර්මාණය වනු ඇති. දැනට භාවිත නොකරන යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කර භාවිතයට ගැනිමෙන් නිෂ්පාදන ධාරිතාව ද වැඩි කිරීමට බලාපොරොත්තු වේ . පොහොර නිෂ්පාදනයට අමතරව අගය එකතු කිරිමේ ක්‍රියාදාමයන් දියත් කිරීමෙන්
    සෞඛ්‍ය අංශයට , සෙරමික් ක්ෂේත්‍රයට මෙන්ම සත්ත්ව ආහාර සැකසිම් ආදියට පවා පොස්පේට් මගින් ප්‍රයෝජන ලබා ගැනිමේ හැකියාව පවතින හෙයින් ඒ පිලිබදව දපර්යේෂණාත්මක පසුබිමක් ඉදිරියේ දී නිර්මාණය වනු ඇති.මෙම නව ඉලක්ක සපුරා ගන්නා අතරතුර දී සෑම අතකින්ම මනා ප්‍රමිතියක් සහිතසමාගමක් බවට ලංකා පොස්පේට් සමාගම පත් කර ගැනිමේ උනන්දුව ද වත්මන්පාලනාධිකාරිය තුල පවතී. නුදුරු අනාගතයේ දී ම අයි.එස්.ඕ . 45000 සහ අයි.එස්.ඕ .9001 යන තත්ත්ව සහතික සමාගම වෙත ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවේ.

     

     සේවක දැනුම් වර්ධනය හා සුබසාධනය

    එප්පාවල පොස්පේට් සමාගමේ සේවය කරන පිරිස 300 කට අධිකයි. මොවුන්ගේ දැනුම හා ආකල්ප වර්ධනය උදෙසා මින් පෙර ක්‍රමවත් වැඩපිලිවෙලක් දියත්ව නැහැ. නමුත්මෑත කාලීනව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කර තිබෙන්නේ ආයතනිකනිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි කිරිමේ අරමුණෙනි. එම වැඩසටහන් සාර්ථකවක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම ඉදිරියේ දී ආයතනයේ විවිධ අංශවල නිලධාරීන්පත්කිරීමේ දී ආයතනයේ සේවය කරන පිරිස අතරින්ම ඇතැම් නිලධාරීන් පත්කරගැනීමේ අපේක්ෂාව ද පවතී. එසේ වීමට නම් නිසි අවබෝධාත්මක පරිසරයක් ඔවුන්ට පැවැතිය යුතුයි. විවිධ දැනුවත් කිරිමේ වැඩසටහන් , තොරතුරු තාක්ෂණ පුහුණු ආදියපවත්වන්නේ මෙම ඉලක්කයන් පෙරදැරිවයි. පර්යේෂණ හා සංවර්ධන අංශය දියුණු
    කිරිමේ උනන්දුවට අදාල පිරිසක් නිර්මාණය කිරීම මෙහිදී කැපී පෙනේ. එමෙන්ම ආරක්ෂාව , නවාතැන් , ඇතුළුකොට ඇති විවිධ ක්ෂේත්‍ර පදනම් කරගත්සේවක සුබසාධන අංශය ද පවතින තත්ත්වයෙන් ඔබ්බට තව තවත් යහපත් කිරීමටපටන්ගෙන තිබේ.

     ජාතික සංවර්ධනයට දායක වීමේ සුබ ලකුණු මතුවීම

    අගය එකතු කරමින් නිෂ්පාදන ධාරිතාව වැඩි කරමින් පොස්පේට් සමාගමෙන් ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සැපයීමට ගන්නා මෙම ප්‍රයත්නයන් දැනටමත් යම්මට්ටමකින් ක්‍රියාත්මක වේ. එය පොස්පේට් සමාගම සම්බන්ධයෙන් සංවර්ධනයේ සුබලකුණු පෙන්වන්නකි. මේ මහා ජාතික සම්පත නිසියාකාරව ප්‍රයෝජනයට ගතහොත්පොහොර අවශ්‍යතාවෙන් ඔබ්බට ගිය තවත් විවිධ අවශ්‍යතා සපුරා ගැනීමට එය ඉමහත්පිටුවහලකි.

    ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර
    රජයේ ප්‍රවෘත්ති නිලධාරී

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya