අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොකක්ද මේ කොවිඩ් මර්දන එන්නත?

    පෙබරවාරි 05, 2021

    අද සිට අප රටෙහි එන්නත්කරණය ඇරඹූ Oxford-Astrazeneca නම් වන එන්නත එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ Astrazenecea සමාගම මගින් නිර්මාණය කර ලොව පුරා රටවල් අටක මේ වන විට නිෂ්පාදනය සිදුකරනවා.

    ඉන්දියන් රජයේ පරිත්‍යාගයක් ලෙස (28 )  දින අප රටට ලැබුණු එන්නත් තොගය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZenecea සමාගම මගින් නිර්මාණය කර ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන CoviShield යන නමින් වෙළඳපලට නිකුත් කරන Oxford-Astrazeneca එන්නතයි.


    වෛද්‍ය පර්යේෂණ ආයතනයෙහි වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා මෙම එන්නත පිළිබදව අපට විස්තර ලබාදුන්නා. ඔහු පවසන පරිදි එන්නතෙහි සාර්ථකත්වය පිළිබදව දීර්ඝ ලෙස පරීක්ෂණ සිදුකර ඇති අතර එහි 60% - 80% ක සාර්ථකත්වයක් පවතී.

    මෙම එන්නත දැනට ඉන්දියාවේ මිලියන 10ක් ලබාදී ඇති අතර අද සිට අප රටෙහි කොවිඩ් මර්දනයට දායක වන සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වල ඉදිරිපෙළ සාමාජිකයන්ට ලබාදෙනවා.
    ඉදිරියේදී මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එහි සාමාජිකත්වය දරන නිර්දේශිත රටවල් සදහා 20%ක ප්‍රතිශතයක් නොමිලේ ලබාදීමට අපේක්ෂිතයි.
    පුද්ගලයෙකුට හෙපටයිටීස් බී, සරම්ප වැනි එන්නත් ලබාදෙන්නේ අදාල පුද්ගලයාට එම රෝග සෑදීම වැළැක්වීමටයි. නමුත් මෙම කොවිඩ් මර්දන එන්නත ලබාදෙන්නේ ඊට වෙනස් කාරණාවකටයි.
    ඒ කියන්නේ එම එන්නත ලබාදීමේ ප්‍රධාන අරමුණ වන්නේ රෝගය උත්සන්න වීම වැළැක්වීම සහ ප්‍රජාවක් තුළදී රෝගය පැතිරීම වැළැක්වීමයි. වැඩිහිටියන්ට මෙහිදී ප්‍රමුඛතාවයක් හිමි වන්නේ රෝග ලක්ෂණයේ සංකූලතා අවම කිරීමටයි. ඒ කියන්නේ කොවිඩ් සංකූලතා අවම කරීමට වගේම මරණයට පත්වන ප්‍රමාණය අඩුකර ගැනීමටයි.

    අතුරු ආබාධ තියෙනවාද? ආසාත්මිකතා ඇතිවෙයිද? මෙය අපි කාටත් පවතින ගැටලුවක්.. ඕනෑම එන්නතක් ගැනීමෙන් පසු බොහෝ පුද්ගලයන්ට මද උණ ගතියක් වගේ
    ඇතිවෙනවා. මෙම එන්නතත් විශාල ගහණයකට ලබාදීමේදී මද උණ ගතියක් වගේ ඉතා සුළු සංකූලතා ඇතිවෙන්න පුළුවවන්.. ආසාත්මිකතා ඇතිවෙන පුද්ගලයින්ට එන්නත ලබාගැනීමෙන් පසු තත්ත්වය කෙසේ වෙයිද කියලා දැනගන්න ඕනේ නිසා හැම කෙනෙකුම එන්නත ලබාගැනීමෙන් පසු අදාල ස්ථානයේ පැය භාගයක කාලයක් රදවා තබාගන්නවා.

    එන්නතෙහි අතුරු ආබාධ පිළිබදව මෙතෙක් වාර්තා වෙලා නැහැ. පර්යේෂණ රැසක් කරලා ආරක්ෂිත බවට තහවුරු වීමෙන් පසුව තමයි අප රටෙහි එන්නත් කිරීම ඇරඹෙන්නේ..
    පුද්ගලයෙකුට මෙම එන්නතෙහි මාත්‍රා 02ක් ලබාදෙනවා. පළමු මාත්‍රාව දීලා සති 04කට පසු දෙවන මාත්‍රාව ලබාදෙනවා. covid ආසාදනය වීමේ අවධානම සැලකිය යුතු ලෙස අඩු කරන මෙම එන්නත හදිසි ප්‍රතිකාරයක් ලෙස භාවිතා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබෙනවා.

    එන්නත වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට, ගර්භනී මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට සහ දැඩි අසාත්මිකතා පෙන්වා ඇති පුද්ගලයින්ට ලබාදෙන්නේ නැහැ. ඊට අමතරව සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මගින් සෑම පුද්ගලයෙකුම එන්නත ලබා ගැනීමට ඇති යෝග්‍යතාවය සලකා බලා ඉන්පසුව එන්නත ලබා දෙනවා.

    එන්නත ලබාදීමට පෙර ආසාදිතයෙක්ද යන්න පරීක්ෂා කිරීමක් සිදුකරන්නේ නැහැ.. රෝගය කලින් වැළඳී ඇත්ද නැද්ද යන්න එන්නත්කරණය සඳහා බාධාවක් නෙමෙයි. මෙම එන්නත්කරණය සෞඛ්‍ය අංශ විසින් ඉතාම සද්භාවයෙන් යුතුව විද්‍යානුකූලව සිදුකරන බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසුවා.

    සාමාන්‍ය ජන ජීවිතය ආක්‍රමණය කරන කොවිඩ් වසංගතයට එරෙහිව සෞඛ්‍යාරක්ෂිතව සන්නද්ද වෙමින් ජීවන අරගලයට උරදෙන සුවහසක් ලාංකික ජනයාට මෙම එන්නත මගින් කඩිනමින් සුවසෙත සැලසේවා...!


    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya