මෙවර එහි තේමාව හදවතින්ම හදවත සුරකිමු යන්නයි. 2020 ලෝක හදවත් දිනයට සමගාමීව හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් රැසකගේ ප්‍රධානත්වයෙන් අද දින (23) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණි.
ලෝකයේ සිදුවන මරණ වලට ප්‍රධානම හේතුව වන්නේ හෘදය හා රුධිර වාහිනී සම්බන්ධ තත්ත්වයන් වෙයි. මේ නිසා වසරකට මිනිස් ජීවිත මිලියන 17.9ක් අහිමි වෙයි. බෝ නොවන රෝග අතරින් 50%කටම හේතුව වන්නේ හෘදය හා රුධිර වාහිනී සම්බන්ධ රෝග වේ. සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වේල, ක්‍රියාශීළීබව අඩුකම, දුම්කොළ හා මත්වතුර මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය හා ජීවන රටාව ආශ්‍රිත අවදානම් සාධක මෙම අවාසනාවන්ත තත්ත්වයට හේතුවී ඇත.
මෙම තත්ත්වය පාලනය කිරීමෙන් ලෝකය පුරා අකාලයේ සිදුවන බෝ නොවන රෝග වලින් සිදුවන මරණ 83%කි. හදවත් රෝග බෝ නොවන රෝග අතර ප්‍රධාන වන අතර ඒ සදහා බලපාන ප්‍රධාන හේතුව අධි රුධිර පීඩනයයි. අධි රුධිර පීඩනය සදහා බලපාන ප්‍රධාන හේතුව ලෙස අධික ලුණු භාවිතය හැදින්විය හැකිය. ශ්‍රී ලංකාවේ ජනතාව නියමිත ප්‍රමාණයට වඩා දෙගුණයක් ලුණු භාවිතා කරයි. එසේම අධි රුධිර පීඩනයට ලබාදෙන ඖෂධ 35%ක් ජනතාව නිසි ලෙස භාවිත නොකරති. මේ අතර 30%ක් දෙනා තමන්ට අධි රුධිර පීඩනය ඇති බවවත් නොදනියි.
ශ්‍රී ලංකාවේ ජනතාව අතර අධි රුධිර පීඩනය ඇති සංඛ්‍යාව 26.5%ක් වන අතර ග්‍රාමීය ජනතාවට වඩා නාගරික වැඩිහිටියන් අධි රුධිර පීඩනය සහිතව ජීවත් වෙති. මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ජනතාවට අධි රුධිර පීඩනයේ ඇති අවදානමත් එය වළක්වාගැනීමත් පිළිබදව අවදාරණය කිරීමේ අරමුණෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය සමග එක්ව මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණි.
බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේළි මහත්මිය සිය පැහැදිලි කිරීම තුළ අවධාරණය කළේ 2016 වසරේ ලෝකයේ මරණ වලින් 31%ක් හෘද රෝග වලින් සිදුවූ අතර 2025 වසර වන විට එවන් අකල් මරණ 25%ක් වැලැක්වීම ඉලක්කයක් වී ඇති බවයි. මෙවර ලෝක හදවත් දිනයට සමගාමීව හෘද රෝග වැලැක්වීමේ ජාතික වැඩසටහන අප රටෙහි සතියක් පුරා එනම් සැප්තැම්බර් 28 සිට ඔක්තෝම්බර් 02 දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ස්ටැන්ලි අමරසේකර මහතා කියා සිටියේ හෘද රේග වැඩි වශයෙන් හදුනාගත හැක්කේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල, මධ්‍යම ආදායම්ලාභී පවුල් වල සහ රටක ආදායමට සක්‍රීයවම දායක වන පිරිස් අතර බවයි. මෙලෙස හෘද රෝගීන් හමුවීම නිසා ඔවුන්ට ප්‍රතිකාර කිරීමට සිදුවීම හේතුවෙන් රටකට දැරිය නොහැකි පිරිවැයකට මුහුණදීමට සිදුවන අතර එය ඉතා අසීරු තත්ත්වයක් බවත් වෛද්‍යවරයා පැවසුවේය. එනිසා මෙම තත්ත්වය වළක්වාගැනීම ඉතාම වැදගත් බවත් ඔහු කියා සිටියේය.
2011 වසර වන තෙක් සැප්තැම්බර් මාසයේ අවසන් සතියේ ඉරිදා දින සෑම වසරකම ලෝක හදවත් දිනය සැමරූ අතර 2011න් පසු එය සෑම වසරකම සැප්තැම්බර් මස 29 වනදා සැමරීමට තීරණය වූ බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
කලුබෝවිල ශික්ෂණ රෝහලේ හෘද රෝග අංශයේ විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ මහතා කියා සිටියේ ශෘද රෝග ඇතිවීම සදහා ප්‍රධාන වශයෙන් පහසුවෙන් වෙනස් කළ හැකි සහ වෙනස් කළ නොහැකි වශයෙන් දෙආකාරයක සාධක බලපාන බවයි. ඉන් පළමුවැන්න ලෙස ඔහු පෙන්වාදෙන පහසුවෙන් වෙනස් කළ හැකි සාධක යටතට රුධිර කොලෙස්ටරෝල් මට්ටම, දුම්කොළ භාවිතය (දුම් පානය, දුම් කොළ හැපීම), මානසික සහ සමාජීය ආතතිය, පාලනය නොකළ අධික රුධිර පීඩනය, අධික බර / තරබාරුව / සුථූලභාවය (උසට සරිලන බර ඉක්මවා යාම සහ බද ප්‍රදේශයෙහි ඇතුලතින් අධිකව තෙල් තැන්පත් වීමෙන් උදරය ඉදිරියට නෙරා ඒම), සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටා (අධික තෙල්, ලුණු, සීනි, පිෂ්ඨය සහිත ආහාර ගැනීම), කායික ක්‍රියාකාරීත්වයේ මද බව, අධික ලෙස මද්‍යසාර භාවිතය ආදිය විද්‍යානුකූල වශයෙන් හදුන්වාදිය හැකි බවයි.
ඊට අමතරව වායු දූෂණය (වාහන වලින් හා කර්මාන්තශාලා වලින් පිටවන විෂ වායු සහ ඉතා කුඩා අකාබනික අංශු) මගින්ද හෘද රෝග ඇතිවීම කෙරෙහි යම්කිසි දායකත්වයක් දක්වන බවද ඔහු පැවසුවේය. දෙවැන්න වශයෙන් වෙනස් කළ නොහැකි සාධක ලෙස හෘද රෝග ජානගතව පරම්පරාවෙන් පරම්පරාවට යාම සහ බහු රෝගකාරක තත්ත්වයන් ඔහු පෙන්වා දුන්නේය.
ප්‍රජා සෞඛ්‍ය පිළිබද විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය කියා සිටියේ රට පුරා රෝහල් ආශ්‍රිතව පිහිටුවා ඇති සුව දිවි මධ්‍යස්ථාන වලින් හෘද රෝග වලට සම්බන්ධ ඇතැම් පරීක්ෂාවන් නොමිලේ සිදුකරගැනීමට ජනතාවට පහසුකම් සලසා ඇති අතර ඉන් ජනතාවට ප්‍රයෝජන ලබාගන්නා ලෙසයි.
අප රට තුළ හෘද රෝගීන් සදහා ඇති සේවාවන් පිළිබදව විස්තර කරමින් හෘද රෝග විහේෂඥවරුන්ගේ සංගමයේ ලේකම් හෘද රෝග විශේෂඥ වෛද්‍ය තිසර සමරවික්‍රම මහතා පැවසුවේ අප රටෙහි හෘද රෝග වළක්වාගැනීම සදහා ප්‍රාථමික වශයෙන් වළක්වාගැනීම සහ ද්විතීයික වශයෙන් වළක්වාගැනීම ලෙස ක්‍රම දෙකක් පවතින බවයි. එමෙන්ම අධි අවදානම් මට්ටමේ සිටින රෝගීන් වෙනුවෙන් රෝහල් තුළ පරීක්ෂණ කිහිපයක් ඇති බවයි. ද්විතීයික මට්ටමේ සිටින රෝගීන්ටද පුනුරුත්ථාපනය කිරීමේ සායන සහ හෘද රෝග සදහා එම් ආර් අයි පරීක්ෂණ ලෙස පරීක්ෂණ පවති බවත් ඔහු පැවසුවේය.
හදවතෙහි අගය පිළිබද තව තවත් දැනුවත් වූ පසුබිමක නිරෝගී ජීවන රටාවක් තුළින් හදවතින් හදවත සුරැකීමට අපි සැවොම දායක වෙමු..
සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.