අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් 19 ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම රාජ්‍ය බුද්ධි අංශ පාලනයට නතුකරගෙන තිබෙනවා

    මැයි 02, 2020

    කොවිඩ් 19 ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම රාජ්‍ය බුද්ධි අංශ පාලනයට නතුකරගෙන තිබෙනවා

    කෝවීඩ් 19 පාලනය කිරීමේ මෙහෙයුම ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් කරගෙන ගියා - රාජ්‍ය බුද්ධි අංශයේ සහකාර අධ්‍යක්ෂ

    කෝවිඩි 19 පාලනය කිරීමේ මෙහෙයුමේ දී රාජ්‍ය බුද්ධි අංශය අප රටටම ආවේණික වූ, ශ්‍රී ලාංකීය අනන්‍යතාවය විදහාපාන අයුරින් ලොවටම ඉදිරියේදී කතාකළ හැකි වැඩපිළිවෙලක් නියමිත  නායකත්වය යටතේ සිදුකළ බවත්, කොවිඩ් 19 ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම රාජ්‍ය බුද්ධි අංශ පාලනයට නතුකරගෙන ඇති බවත්, ඒ පිලිබදව ජනතාවට දැඩි විශ්වාසයක් තබාගන්නා ලෙසත් රාජ්‍ය  බුද්ධි අංශයේ සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම සිල්වා මහතා ප්‍රකාශ කර සිටියි.

     

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජාතික රූපවාහිනිය සහ නාලිකා කිහිපයක් සමගාමීව සජීවීව විකාශය කළ කෝවිඩ් 19 මෙහෙයුම‌ට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යභාර්ය පිළිබද වැඩසටහනට  අද (02) උදෑසන සහභාගී  වෙමිනි.

     

    ඒහිදී සෞඛ්‍ය ප්‍රශ්නයක් හමුවේ බුද්ධි සේවයේ කාර්යයන් පැහැදිලි කළ සහකාර අධ්‍යක්ෂකතුමන් කියා සිටියේ, දේශීය හෝ ජාත්‍යන්තර වශයෙන් බලපාන සියලු ප්‍රශ්න සොයා බල ඒයට දායකත්වය දීම රාජ්‍ය බුද්ධි සේවයේ වගකීම බවත්, වත්මන් ජනාධිපතිතුමන් පත්වූ පසු රාජ්‍ය බුද්ධි සේවයේ වැඩකටයුතු ප්‍රතිසංවිධානය කර වෙනම ඒකක පිහිටවූ බවත්ය .

     

    ඒ අනූව වර්තමාන අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණය මත පරිසර ආරක්ෂාව, බලශක්ති ආරක්ෂාව, ආහාර ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව සහ පරිගණක අපරාධ ආශ්‍රිත විෂය පථය වශයෙන් රාජ්‍ය  බුද්ධි අංශයේ විවිධ ඒකක ස්ථාපිත කර පරීක්ෂණ හා විශ්ලේෂණ අංශයක්ද පිහිටුවා ඇත.

    කෝවිඩ් 19 වසංගතය පැතිරීමත් සමග ක්‍රියාත්මක වනුයේ සෞඛ්‍ය ආරක්ෂණ ඒකකයයයි. මෙලෙස අනපේක්ෂිත ලෙස සෞඛ්‍ය අංශයට මැදිහත් වීමට රාජ්‍ය බුද්ධි අංශයට සිදුවන්නේ අප රටට  අවදානමක් නොමැති මොහොතකයි.

    ඒනම් චීනයේ වූහාන් වල කෝවීඩ් වසංගතය ව්‍යාප්ත වන අවදියේ අපේ බුද්ධි අංශ හේ පිළිබදව අධ්‍යයනය අරඹනවා. මෙම අධ්‍යයනයේදී වසංගත රෝග විශේෂඥයින්ගේ හා දත්ත  විශ්ලේෂකයන්ගේ උපදෙස් මෙන්ම රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂතුමාගේ උපදෙස් මත ක්‍රියාන්විතය දියත් වනවා.

    වෛරසය චීනයෙන් යුරෝපයට ව්‍යාප්ත වන විට මෙය ලංකාවට පැමිණියොත් අප ඒයට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබදව බුද්ධි සේවාව කිහිප ආකාරයකින් සූදානම් වුණා. මෙරටින්  වාර්තාවූ පළමු රෝගිය වශයෙන් සංචාරක මගපෙන්වන්නා මාර්තු 11 වනදා සොයාගැනීමත් සමග බුද්ධි අංශ ක්‍රියාදාමය කොටස් 03කට බෙදීම සිදුවිය.

    ඒනම් හදුනාගැනීම, හුදෙකලා කිරීම සහ සමීපතමයන් හදුනාගැනීම වශයෙන්. දිවයිනේ විවිධ පළාත් වල ස්ථාපිත ඒ්කක ඔස්සේ භූමියේ විවිධ තොරතුරු තොරතුරුකරුවන් ආශ්‍රයෙන් හදුනාගැනෙනවා. අද වන විට කොවිඩ් 19 ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම බුද්ධි සේවාවේ ග්‍රහණය යටතට ගෙන ඇති බව පරාක්‍රම මහතා ප්‍රකාශ කරනවා.

    මේ වන විට රෝගීන් 689 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 161ක් සුවය ලබා පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වෙනවා. වෛරසය හේතුවෙන් මියගිය ගණන 07ක් වශයෙන්ද, දැනට රෝගය පවත්න පුද්ගලයන්ගණන 521ක්ද වශයෙන් හදුනාගෙන තිබෙනවා. වැඩිම ව්‍යාප්තියක් කොළඹින්ද 184ක් ඉන් දැනට රෝගීන් වශයෙන් 116ක්ද සිටින අතර, කලුතර 69, ගම්පහ 49, පුත්තලම 38, කුරුණෑගල 31, නුවර 16, යාපනය 16, අනුරාධපුර 14, කෑගල්ල 09, අම්පාර 05ක්ද වශයෙන් ව්‍යාප්ත වී ඇත. මෙහිදී කොළඹින් හමුවන සියලුමදෙනා කොළඹ පදිංචිකරුවන් නොව කොළඹදී ආසාදිතයින් වශයෙන් හදුනාගත් අය බවයි බුද්ධි සේවයේ සහකාර අධ්‍යක්ෂතුමන් පවසන්නේ. පිරිස් නිරෝධායනයට ලක් කිරීමේදීද රාජ්‍ය බුද්ධි අංශය විශාල මැදිහත්වීමක් සිදු වනවා.

    විදේශීය රටවල සිට පැමිණ නිරෝධායනයට ලක්වූ මුලු පිරිස 4737ත් වන අතර ඉන් 3576ක් මේ වනවිට නිරෝධායනය අවසන් කර පිටව ගොස් ඇති බවත්, 1161 දෙනෙකු තවමත්  නිරෝධායනයට ලක්වෙමින් සිටින බවත් වාර්තා වනවා.

    දේශීය වශයෙන් නිරෝධායනය වන පිරිස ගත් කල නිරෝධායනය වූ මුලු පිරිස 4923ක් ද, නිරෝධායනය අවසන් කර පිටව ගිය ගණන 1237ක් ද, මේ වන විට නිරෝදායනය වන පිරිස 3686  ලෙසයි වාර්තා වන්නේ. නිරෝධායනය සදහා පිරිස් රැගෙන යාමේදීද විශේෂ ක්‍රමවේදයන් අනුගමනය කරමින් බස්රථ වල වෙන වෙනම රැගෙනයාම සිදුකරනවා. පිටරට වල සිට පිරිස් රැගෙන  ඒ්මේදී ඒම රට වලින් පිටවීමට පෙර සිටම පිරිස් ගුවන්යානා වල වෙන වෙනම අසුන්ගැන්වීම සිදුකරනවා.

    ඒක්තරා අවස්ථාවක අප රටෙහි විදෙස්ගතව සිට පැමිණි අය සදහා තම තොරතුරු ලබාදෙන ලෙස රජය නිවේදනය කළා. ඒහිදී ඇතමුන් සිය තොරතුරු ලබා නොදුන් අතර ඒ සෑම තොරතුරක්ම
    ලබාගැනීමට බුද්ධි සේවය ක්‍රියා කළා. පසුගිය දින කිහිපයේ රෝග ව්‍යාප්තිය ඉතා වැඩිවීමක් පෙන්නුම් කල අතර රෝගීන් ව්‍යාප්තිය දින ගණන අනූව වැඩි වීමක් සිදුවිය.

    ඒනම් අවසන් රෝගීන් සියදෙනා වාර්තාවීමට ගතවූයේ දින දෙකකි. මෙයට හේතු පැහැදිලි කරමින් බුද්ධි සේවා සහකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ කොළඹ බණ්ඩාරනයක මාවතේ සහ නාවික  හමුදාවේ රෝග ව්‍යාප්තිය සමග රෝගය ව්‍යාප්තවීමේ වැඩිවීමක් පෙන්නුම් කල බවයි.

    නමුත් මේ වන විට තත්වය පාලනය වී ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. ඔහු තවදුරටත් පැවසුවේ ව්‍යාප්තිය අඩුවැඩි වීමට හේතුව රෝගීන් පොකැරු හමුවීම බවයි. ඒනම් මාර්තු 11 සංචාරක  මගපෙන්වන්නා ආසාදිතයෙකු ලෙස හමුවීමත් සමග රෝගීන් පොකුරු හමුවීම ඇරඹුණු බවත්, ප්‍රධාන පොකුරු 31ක් ද, ඉන් ප්‍රබලම පොකුරු 07ක්ද හදුනාගැනුනු බවයි.


    සංචාරක මගපෙන්වන්නාගේ පොකුර, මැණික් වයාපාරිකයා සමග හමුවූ පොකුර, විදේශයෙන් පැමිණි අයගෙන් සමන්විත පොකුර, ආගමික කටයුත්තකට සහභාගී වූවන්ගේ පොකුර, සුදුවැල්ල  ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගේ පොකුර, බණ්ඩාරනායක මාවතෙන් හමුවූ පොකුර සහ නාවික හමුදාවෙන් සොයාගත් ආසාදිතයන් පොකුර වශයෙන් මෙම ප්‍රභල පොකුරු 07  සදහන් වේ. මෙම කෝවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සදහා රාජ්‍ය බුද්ධි සේවාව Hammer and Dance න්‍යාය උපයෝගී කරගත් බව පවසන සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කලේ නිසි  ක්‍රමවේදයන් ඔස්සේ යමින් ස්වයංනිරෝධායනයට ද පිරිස් යොමු කරමින් මාර්තු 17 පමණ වන විට තත්ත්වය තරමක් පාලනය කර බවයි.

    ඒහිදී වෙන රටවල් ඉදිරියේදී රෝගය ආසාදිත වෙතැයි සහ මියයනු ඇතැයි සංඛ්‍යාත්මක වශයෙන් අනුමාන කිරීම් කලද අප රට දත්ත විශ්ලේෂකයන්ගේ සහ වෛද්‍යවරුන්ගේ දත්ත උපයෝගී  කරගනිමින් රෝගය පාලනය කල බවයි. පොකුරු හදුනාගැනීමත්, ඒවායෙහි උච්චතම තත්ත්වය පසු කිරීමත් පසු රෝගය ක්‍රමයෙන් පහල බැසීම සිදුවිය. මේ සදහා බුද්ධි අංහයේ දැඩි පාලනය  ඉවහල් විය.

    සුදුවැල්ලේ සිදුවීම ගෙන බැලීමේදී ඒහි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් හේතුවෙන් විශාල ක්‍රියාන්විතයක් සදුකිරීමට බුද්ධි සේවයට සිදුවිය. පොලීසිය යොදවා ඒම ප්‍රදේශය ලොක් ඩවුන් කලද  වැසියන්ගේ ක්‍රියාකලාපය පාලනයට අසීරු විය. ඔවුන් නිවෙස් වලට වී නොසිටීමත් තැන් තැන් වලට යාමත් හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු  කිරීමට සිදුවිය.

     

    ඒඅනූව Hammer and Dance න්‍යාය පරිදි ඒම පිරිස බුද්ධි සේසාවේ ග්‍රහණයට ගනිමින් නිරෝධායනයට ලක්කිරීම සිදුවිය. ඒසේ නොකලා නම් රෝගය රට තුළ සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවීමටද ඉඩකඩ  තිබුණි. මෙලෙස අටලුගම, බණ්ඩාරනායක මාවත අදී ප්‍රදේශයක් ම බුද්ධි සේවාවේ ග්‍රහණයට නතුකරගනිමින් රෝග ව්‍යාප්ති පාලනය සිදුකෙරෙනවා.

    නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙනයන පිරිස් පීසීආර් පරීක්ෂණයන්ට භාජනය කෙරෙන අතර වර්තමානය වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලින් සහ ඒම ප්‍රදේඝ වලින් වාර්තාවෙන  රෝගීන් ප්‍රමාණය බින්දුව වී ඇති බවත් බුද්ධි සේවා සහකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරනවා. ඒ අනූව බුද්ධි සේවාව ලබාදෙන තොරතුරු මත නිවැරදි යාන්ත්‍රණයේ තීරණ ගනිමින්, රෝගය අදාල  භූමියෙන්ම හදුනාගෙන වළක්වාගැනීමට නායකත්වයට ඉතාමත් පහසු වී තිබෙනවා.

    බණ්ඩාරනායක මාවතෙන් අප්‍රේල් 15 රෝගය හදුනාගෙන අප්‍රේල් 28 වන විට සම්පූර්ණ පාලනය කිරීමක් සිදුකර ඇති අතර ඉන් ඒහාට කසිදු රෝගීන් වාර්තා වීමක්ද මෙතෙක් සිදුවී නැත. මෙම  යාන්ත්‍රණයේදී සෞඛ්‍ය වෛද්‍ය කෙෂ්ත්‍ර, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ශ්‍රී ලංකා පොලීසිය, යුධහමුදාව, නාවික හමුදාව යන  සියලුදෙනාගේ දායකත්වය සහ කාර්යභාර්ය ඉතාම වැදගත් වූ බවත් මෙහිදී තීරණ ගැනීමට අවශ්‍ය පසුබිම රාජ්‍ය බුද්ධි සේවය සකසා දුන් බවත් සහකාර අධ්‍යක්ෂවරයා විශේෂයෙන් පවසයි.

     

    නාවික හමුදාවට රෝගය ව්‍යාප්ත වීම පිළිබදවද අදහසු දැක්වූ සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ,

    සුදුවැල්ල සිද්ධියේදී නාවික හමුදා සෙබලුන් යොදවමින් ආරක්ෂක වලල්ලක් දියත් කල බවත් ආරක්ෂක අංශ වලට අවනත නොවූ සුළු පිරිසක් නිසා ඇතැම් අවස්ථා වල නාවික හමුදා  සෙබලුන්ට ඔවුන් අසලට යාමට සිදුවූ බවයි. ඒහිදී ඒම සෙබලුන්ට රෝගය බෝවී ඒම සෙබලුන් වැලිසර නාවික හමුදාවේ විදුලි කාර්මික අංශයේ කෙනෙක් සමග සම්බන්ධව කටයුතු කිරීමෙන  රෝගය ව්‍යාප්ත වන්නට ඇති බවයි. නමුත් වර්තමානයේ ඒය බුද්ධි සේවාවේ පාලනයට නතුව ඇත.

    අප්‍රෙල් 07 න් පසු නාවික හමුදාවේ වසංගතය පැතිරීමත් සමග කදවුරේ 2000ක් පමණ සිට ඇති අතර ඉන් 800ක් පමණ නිවාඩු ගොස් සිට ඇත. අනතුරුදායක ප්‍රමාණය වශයෙන් 254ක්  හදුනාගැනෙන අතර පැය කීපයක් තුළ රාජ්‍ය බුද්ධි සේවය සිය ක්‍රියාන්විතයෙහි නිරත වෙමින් අදාල පිරිස් සිය ග්‍රහණයට නතුකර ගන්නවා.

    ඉතා කෙටි කාලයක් තුළ නාවික හමුදා සෙබලුන්ගේ සියලු විස්තර ලබාගන්නා රාජ්‍ය බුද්ධි සේවයට පොලිස්පතිතුමාගේ මැදිහත්වීම සම පොලීසියේ විශේෂ කාර්යංශයේ උදව් උපකාර මනා  රුකුලක වනවා. අදාළ සෙබලුන්ගේ සහ ඔවුන්ගේ සමීපතමයන්ගේ සෑම විස්තරයක්ම ලබාගනිමින් ඔවුන් පී.සී.ආර් පරීක්ෂණ වලට යොමුකර නිරෝධායන මධ්‍යස්ථාන වලටද හැකි ඉක්මණින්  යොමු කිරීම නිසා තත්ත්වය මේ අයුරින් පාලනය වෙනවා.

    මෙහිදී නිවාස 800ක් පමණ හදුනාගෙන ත්‍රිවිධ හමුදාවේ සහයෝගය මත අදාල නිරෝධායන කටයුතු දියත් වෙනවා. ප රටේ මේ වන විට 28,746ක් ස්වයං නිරෝධායනයට ලක්වෙනවා. මුළු  ස්වයං නිරෝධායනයට ලක්වූ ගණන 88,273 යි.

    පුද්ගලයන්ගේ තොරතුරු රැස් කිරීමේදී රාජ්‍ය බුද්ධි සේවය කිසිම විටක පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි කිරීමක් සිදුකර නැති අතර ඒසේ බුද්ධි සේවාව ලබාදෙන තොරතුරු මත  නිලධාරීන්ට ක්‍රියාත්මක වීම සිදුවන අතර අදාල තැන් වලට අවශ්‍ය තීරණ ගැනීමට බුද්ධි අංශ අප්‍රමාදව තොරතුරු ලබාදීම සිදු කරනවා. නාවික හමුදාවේ ප්‍රශ්නය සීයට සීයක්ම බුද්ධි සේවාවේ  පාලනයට ‌ෙගන ඇති අතර මේ මොහොතේ රට හමුවේ තියෙන අවදානමද සම්පූර්ණයෙන්ම පාලනයවී පවතිනවා.

    කුමන හෝ ප්‍රදේශයකින් ආසාදිතයින් පොකුරක් වාර්තා වුණොත් ඒය බින්දුවට පාලනය කිරීමට අප බුද්ධි සේවාවට හැකියාව පවතින බව ඔවුන් පවසනවා. ඒ් ඔවුන් සමග අත්වැල් බැදගත්  ක්ෂේත්‍ර ගණනාවක සමස්ථ කණ්ඩායමේ ශක්තියත් සමගයි.

    රටවල් 195 ක පැතිර පවතින කෝවිඩ් 19 වසංගතය අරබයා මෙවැනි බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක වන්නේ අපරටේ හැරුණු කොට ඊශ්‍රායලයේ පමණයි. නමුත් අප රටේ දියත් වන මෙම  මෙහෙයුම ඊට නොදෙවෙනි අපිටම ආවේණික ක්‍රමවේදයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පටකට අනූව දියත් වන මෙම ක්‍රමවේදයට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා  නායකත්වය ලබාදෙනවා.

    මෙම ව්‍යාකූල වෛරසය පාලනය කිරීමේ කර්තව්‍යයට මධ්‍යස්ථාන දෙකක් පිහිටුවා සෑම සිද්ධියක්ම අධ්‍යයනය කරමින් රාජ්‍ය බුද්ධි සේවා කටයුතු කරනවා. මේ සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ,  නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ බුද්ධි බලකා, පොලිස්පතිතුමා ඇකුළු ශ්‍රී ලංකා පොලීසියේ සමස්ථ කාර්යය මණ්ඩලය, පොලීසියේ විශේෂ කාර්යංශය, බුද්ධි අංශයේ බුද්ධි ඒ්කක උනන්දුවෙන්  සහ වගකීමෙන් අදාල කාර්යයන් වල නිරත වෙනවා.

    මෙම ක්‍රියාන්විතයේදී ඉතා සංවේදී අවස්ථාවන් වලට මානුශීයව මුහුණදුන් බව පවසන රාජ්‍ය බුද්ධි සේවාවේ සහකාර අධ්‍යක්ෂවරයා සියලුම මාධ්‍ය, සෞඛ්‍ය ක්ෂේත්‍රය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ  හමුදාව ආදී සියලුම පාර්ශව වල කැපවීම අගය කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ අදහස් වලට ඇහුන්කන්දී ඊට අවනත වෙමින් තවදුරටත් මෙම මෙහෙයුම  ජයගැනීමට සහාය ලබාදෙන ලෙසයි.

     

    සටහන- පූර්ණා නානායක්කාර

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya