අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  පිබිදීම කොතැන ද?

    නොවැම්බර් 08, 2019

    ආණ්ඩුවේ රෝහල්වලට යන්න පුළුවන් දරෝහලකට ගිහිල්ලා ඉන්න හිතෙනවා දමේ එදා ජනතාව අතර පැවැති කතාබහ ය.

    රජයේ රෝහල්වල එදා පැවැති එම අප්‍රසන්න තත්ත්වයහතු පිපෙන්නා සේ පෞද්ගලික රෝහල් බිහිවීමට හේතු පාදක විය. කොපමණ මුල්‍ය අපහසුතා පැවැතියත් ආණ්ඩුවේ රෝහල්වල එදා පැවැති මෙම අයහපත් තත්ත්වය හේතුවෙන් බොහෝමයක් ජනතාව පෞද්ගලික රෝහල් කරා පිය නැගූහ.

     

    නමුත් අද තත්ත්වය ඊට ඉදුරාම වෙනස් ය. රෝහල් සීග්‍රයෙන් නවීකරණය වී තිබේ. පෞද්ගලික රෝහල් තත්ත්වයටම රජයේ රෝහල් සංවර්ධනය වී තිබේ. භෞතික හා මානව සම්පත් සංවර්ධනය හේතුවෙන් රජයේ රෝහල් අද ඉදිරියට පැමිණ තිබේ.

    එදා කොළඹින් පමණක් කරගන්නට හැකිව තිබු පරික්ෂණ අද ගමට ද ගොස් තිබේ. එදා කෙළඹට පමණක් සීමා වී තිබු විශේෂඥ පහසුකම් ගමේ රෝහලට ද ගෙන ගොස් තිබේ. මෙම සීග්‍ර වර්ධනය ඇති වූවේ 2015 න් පසුවය. දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩබාරගැනීමෙන් පසුව ගත් නිර්භීත තීරණ සහ ක්‍රියාමාර්ග මෙයට හේතු සාධක විය. මේ අනුව රෝහල් ගොඩනැගිලි ඉදිවීම මෙන්ම නවීන වෛද්‍ය උපකරණ ගෙන්වීමේ ක්‍රියාවලියේ  සීඝ්‍ර වර්ධනයක් සිදු වී තිබේ.

    ජීව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනප්‍රිය කරුණාරත්න මහතා ප්‍රකාශ කරන අන්දමට වෛද්‍ය උපකරණ ගෙන්විම ගත් කළ ඉතිහාසයේ වැඩිම වෛද්‍ය උපකරණ ප්‍රමාණයක් ගෙන්වා ඇත්තේ මෑත කාලයේ දීය.

    විශේෂයෙන්ම ශරීර අභ්‍යන්තරය පරික්ෂා කරන MRI යන්ත්‍ර 2015 ට පෙර තිබුණේ කෙළඹ ජාතික රෝහලේ සහ මහනුවර රෝහලේ පමණකි. එසේම පෞද්ගලික රෝහලකින් MRI පරීක්ෂණයක් කර ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට රෝගියාට සිදුවන්නේ ය. නමුත් අද වන විට එම යන්ත්‍ර සංඛ්‍යාව 10 දක්වා ඉහළ නංවමින් දිවයිනේ ග්‍රාමීය රෝහල්වලට ද එම සේවාවන් ලබාදීමට පියවර ගෙන ඇත. වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා යටතේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලයාපනය මහරෝහලරාගම ශික්ෂණ රෝහලබදුල්ල මහ රෝහල හා රත්නපුර මහ රෝහල වෙත ද MRI යන්ත්‍ර ගෙන්වා ලබා දුන්නේය. මීට අමතරව මහනුවරකළුබෝවිල (දකුණු කොළඹ ශික්ෂණ) රෝහල හා හම්බන්තොට රෝහල සඳහා MRI යන්ත්‍ර ගෙන්විමට අදාල ඇණවුම් බාරදී ඇත. තවත් MRI යන්ත්‍ර 7 ක් ගෙන්වීමට ටෙන්ඩර් කැදවා තිබේ.

    සී.ටි ස්කෑන් (CT Scanner) යන්ත්‍ර ද 5 ක් මේ වන විට ගෙන්වා තිබේ. මෙම යන්ත්‍ර මාතලේ, මන්නාරමවතුපිටිවලගම්පහකල්මුණේ යන රෝහල්වලට ලබාදීමට කටයුතු යොදා ඇත. තවත්  සී.ටි ස්කෑන් යන්ත්‍ර 12 ක් ගෙන ඒම සඳහා ටෙන්ඩර් කැදවා ඇත.

    කොළඹ නයනාරෝග්‍ය ශාලාවට සිමා වූ අක්ෂි ශල්‍ය සැත්කම් මේ වන විට දිස්ත්‍රික් මහ රෝහල් දක්වා ව්‍යාප්තවිමෙන් ජනතාවට මහත් සෙතක් උදාවූවේය. එම සැත්කම් සඳහා රෝහල් ශල්‍යාගාර වෙත අවශ්‍ය අක්ෂි ශල්‍ය යන්ත්‍ර  (Phaelo Machine) 44 ක් ඇණවුම් කර ඇති අතර ඉන් 29 ක් මේ වන විට රෝහල්වල සවි කොට ශල්‍යකර්මද සිදු කරමින් තිබේ. මෙම අක්ෂි ශල්‍ය යන්ත්‍ර මගින් ඇසේ සුදභාවය ඉවත් කර ජනතාවට පෙනිම ලබාදිමට මහත් සේවාවක් සපයනු ලබයි.

    මෙම වසරේ පමණක් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් (Ultrasound Scan Machine) යන්ත්‍ර 10 ක් රජයේ රෝහල් වෙත බෙදා හැරියේය. එන්ඩෝස්කොපි සිස්ටම් (Endoscopy system) 35 ක් ගෙන්වා තිබෙන අතර ඇණවුම් කළ තවත් යන්ත්‍ර 12 ක් මෙම වසර අවසන් වීමට ප්‍රථම පැමිණිමට නියමිතය.

    හයිපෙෂර් ස්ටෙලයිසර් (High Pressure Sterilizer) යන්ත්‍ර හෙවත් වෛද්‍ය උපකරණ ජීවානුහරණය කරනා යන්ත්‍ර 49 ක් මේ වන විට ගෙන්වා තිබෙන අතරඑම යන්ත්‍ර ද ඉදිරි දින කිහිපය තුළ අවශ්‍යතාවය හා ප්‍රමුඛතාවය මත වෛද්‍ය සැපයුම් අංශය මගින් බෙදා හරිනු ඇත. මෙම උපකරණ පළාත් හා රේඛීය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල්වලට ද ලබාදීමට පියවර ගෙන ඇත.

    එකෝ කාර්ඩියෝලොජිග්රැම් (Echocardiogram) හෙවත් හෘද රෝගීන්ගේ හෘද වස්තුව පරික්ෂා කිරීමට ගන්නා උපකරණ 15 ක් පසුගිය දින කිහිපයේ දි බෙදා හැරියේය.

    ඇනස්තටික් මැෂින් (Anaesthetic machine) හෙවත් නිර්වින්දන යන්ත්‍ර 100 ක් මෙම සතියේදි ලැබීමට නියමිත අතර අවශ්‍යතාවය හා ප්‍රමුඛතාවය මත එම යන්ත්‍ර ද බෙදා හරිනු ඇත.

    වෙන්ටිලේටර් (ventilator)  හෙවත් කෘතිම ස්වශන යන්ත්‍ර 200 ක් ඇනවුම් කර ඇති අතර මෙම මස අවසන්වීමට ප්‍රථම එම යන්ත්‍ර ද මෙරටට පැමිණෙන අතර පැමිණි විගස ඒවා රෝහල් වෙත බෙදා හැරීමට නියමිතය. ශල්‍යාගාරයන්හි භාවිතය සඳහා ඩයතමි මැෂින්(diathermy machines) 49 ක් ගෙන්වා රෝහල් වෙත යොමු කර තිබේ.

    තියටර් ටේබල් (Theater Table) හෙවත් ශල්‍යාගාරවල තිබෙන රෝගියා ශල්‍යකර්මය භාජනය කිරිම සඳහා තබා තිබෙන මේස 100 ක්ද තියටර් ලෑම්ප් (Theater Lamp) හෙවත් ශල්‍යාගාර විදුලි ලාම්පු 100 ක් පමණ ද ගෙන්වා බෙදාහැරිමට ද නියමිතය.

    මැමෝග්‍රැෆි මැෂින් (Mammography machines) හෙවත් පිළිකා රෝග හදුනා ගන්නා යන්ත්‍ර 5 ක් ගෙන්වා මහරගම පිළිකා රෝහලට යොමු කර තිබේ.

    වසර ගණනාවක සිට රෝහල්වල පැවැති උග්‍ර නවීන තාක්ෂණික යන්ත්‍ර හිඟය මගහරවමින් මීට අමතරව මල්ටිපැරා මොනිටර් (Multipara Monitor) 1200 ක් ඇණවුම් කර ඇති අතර එම යන්ත්‍ර ද මෙම මස අවසන්වීමට පෙර ලැබීමට නියමිතය.

    ඉහතසඳහන් කරන ලද්දේ මෙම වසර තුළ මෙරටට ගෙන්වන ලද හා වසර අවසන් වීමට ප්‍රථම ගෙන්වීමට නියමිතඋපකරණයන්ගේ විස්තරයන් ය. 2015 සිට මේ දක්වා ගෙන්වා රෝහල්වල සවිකරණ ලඳ උපකරණලැයිස්තුව ඉදිරිපත් කරන්නට ගියහොත් එය මේ ලිපිය තුළ පළ කිරීමට ඉඩ පහසුව සලසා ගතනොහැකි තරම්ය.

    රෝහල් වෙත සවිකරණ ලද උපකරණ සංඛ්‍යාව ගතහොත් තිබුණා මෙන් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ජීව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනප්‍රිය කරුණාරත්න මහතා සඳහන් කළේය. වියදම් ඇස්තමේන්තුව තාක්ෂණික අංශයෙන් ගතහොත් එය ද දෙගුණයකින් ඉහල ගොස් තිබේ. රෝහලහි තිබු පැරණි උපකරණ ඉවත් කොට නව තාක්ෂණයෙන් යුතු උපකරණ සිවි කිරීමට පියවර ගැනුනි.

    රෝහල්හි තත්ත්වය ද ප්‍රසාරණය වී තිබේ. දිස්ත්‍රික් රෝහල් මූලික රෝහල් බවට සීග්‍රයෙන් පරිවර්ථනය වූවේය. ග්‍රාමීය රෝහල් දිස්ත්‍රික් රෝහල ලෙස ප්‍රසාරණය වූවේය. එලෙස ප්‍රසාරණය වෙද්දි ඊට අවශ්‍ය ලෙස පහසුකම් ද ඉහළ දැමිය යුතුය. ඒ අනුව ගෙන්වන ලද වෛද්‍ය උපකරණ සංඛ්‍යාව ද ඉහළ ගියේය. මෙම සියළු නවීන පන්නයේ වෛද්‍ය උපකරණ මුළු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීයපළාත් රෝහල්දිස්ත්‍රික් රෝහල් ඇතුලු සියලුම රෝහල් වෙත ලබාදීමට වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරනු ලැබීය. ඒ සියලු ජනතාවටඑක හා සමාන ගුණාත්මක සෞඛ්‍ය සේවාවක්  ලබාදීමේ අරමුණිනි. කොළඹින් පිට රජයේ රෝහල්වල ද හෘද සැත්කම් කර ගැනීමේ හැකියාව මේ වන විට වත්මන් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා උදාකර දී ඇත.

    අතීතයේ දී කොළඹ හා ගාල්ල රෝහලට පමණක් සීමා වී තිබු හෘද සැත්කම් කිරීම අද වන විට අනෙකුත් රෝහල් වෙත ද යොමුව තිබේ. මේවන විට කොළඹ හා ගාල්ලට අමතරව කුරූණෑගල, අනුරාධපූර හා බදුල්ල යන රෝහල්වල ද හෘද සැත්කම් සිදු කරනු ලබයි. ඒවාට අවශ්‍ය උපකරණ ගෙන්වා බෙදා දෙන ලදි. මෙම වසරේ දි කළුතර හා මඩකලපුවේ ද හෘද රෝග සැත්කම් ඒකක විවෘත වීමට නියමිතය.

    උපකරණවල අවශ්‍යතාවය මත වෛද්‍ය සැපයුම් අංශය විසින් එම උපකරණ ගෙන්වා රෝහල් වෙත කඩිනමින් බෙදා හරිනු ලබයි. මෙම වසරේ පමණක් රුපියල් බිලියන 20 ක වෛද්‍ය උපකරණ ගෙන්වා බෙදා හැර ඇත. තවත් බිලියන 20 ක රෝහල් සංවර්ධන ව්‍යාපෘති ද මෙරටට ලැබීමට නියමිතය.

    රජයේ රෝහල්වල අවශ්‍යතා සම්පූර්ණ කිරීම යටතේ අවශ්‍ය සියලු පහසුකම් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මග පෙන්වීම ඔස්සේ ලබාදී ඇත. නවීන පහසුකම් මෙන්ම නව තාක්ෂණය ද රජයේ රෝහල් වෙත අද වන විට ලබාදී තිබේ. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ඉල්ලිමකට අනුව ජනාධිපති අරමුදලින් මාතලේ රෝහලේ හෘද රෝග ඒකකය සදහා රුපියල් මිලියන 100 ක නවීන උපකරණ ලබාදීමට ද නියමිත අතර තවත් රුපියල් මිලියන 150 ක නවීන වෛද්‍ය තාක්ෂණික උපකරණ දිවයිනේ  රෝහල් 13 කට ලබාදෙනු ඇත.

    ඉතා උසස් නිදහස් සෞඛ්‍ය සේවාවක් සැපයීම සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ඒ්කායන අරමුණ වී තිබේ. 2015 පෙර නිදහස් සෞඛ්‍ය සේවාවක් පැවැතියත් එය හුදෙක් නමට පමණක් සීමා වූ නිදහස් සෞඛ්‍ය සේවාවක් විය. දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ආගමනයත් සමග මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් යුරෝපීය ප්‍රමිතියෙන් යුතු ව මානව සම්පත හා භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගනු ලැබීය. එමගින් යුරෝපීය රෝහලක දී ලබාගත හැකි සියලු වෛද්‍ය පහසුකම් මෙරට රෝහල් වලදී ලබාගැනීමේ හැකියාව මෙරට ජනතාවට උදාකර දී ඇත.

    පෞද්ගලික රෝහල් මට්ටමටම අද ආණ්ඩුවේ රෝහල් ද දියුණු වී සම තත්ත්වයට පත්ව ඇත. කොපමණ රෝහල් දියුණු කර කොපමණ වෛද්‍ය උපකරණ ලබාදුන්න ද රෝගීන්ට එම පහසුකම් ලබානොදීමට කටයුතු කරණ පිරිසක් සිටිනා බව සදහන් කිරීමට සිදුවීම කණගාටුවට කරුණකි. දේශපාලන කෝණයෙන් බලා වැඩකරන පිරිසක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ද නැතුවාම නොවේ. එම නිසා අප රෝහල් කොපමණ ගොඩනැගුවත් කොපමණ උපකරණ ලබා දුන්නත් එය ජනතාවගේ යහපත වෙනුවෙන් යොදවන්නට වෛද්‍යවරුන් හෙදියන් කටයුතු නොකරන්නේ නම් එය අවාසනාවකි.

    සියලු වෛද්‍යවරුන් සියලු හෙදියන් එම කොට්ඨාශයට අයත් නොවන බව ද කිව යුතුය. නමුත් සුළු පිරිසක් පටු අරමුණු අනුව ක්‍රියාකරන බැවින් රෝගීන්ට අමාත්‍යාංශය ඔස්සේ සැපයෙන පහසුකම් භුක්ති විදින්ට ඉඩ සැලසෙන්නේ නැත.

    එම නිසා විපක්ෂයේ පිරිස් අසන පොදු ප්‍රශ්නය වී තිබෙන්නේ මේ ආණ්ඩුව කළේ මොනවා ද යන ප්‍රශ්නය ය. ඉහත ඉදිරිපත් කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් පසුගිය මාස කිහිපය තුල සිදු කරන ලද සංවර්ධන කාර්යයන්ගෙන් කොටසක් පමණකි. එසේ නම් මේ ආණ්ඩුව කිසිවක් කරලාම නැති ද.

     

    එම්.අයි.ඡේ. විඡේනායක

    මාධ්‍ය ලේකම්

    සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍යඅමාත්‍යංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya