අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    හානිපූර්ණය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත සම්මතයි

    ඔක්තෝබර් 10, 2018

    හානිපූර්ණය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේ දී  සංශෝධන සහිතව  සම්මත විය.

     හානිපූර්ණය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේ දී විවදයට ගැනිණි.

    දෙවැනි වර කියවීමේ දී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 59 ලබුණු අතර විරුද්ධව ඡන්ද 43ක් ලැබුණි. කාරක සභා අවස්ථාවෙ දී පනත් කෙටුම්පත සළකා බැලීමෙන් අනතුරුව පනත් කෙටුම්පත තෙවැනිවර කියවා සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බව නියෝජ්‍ය කතානායක අනන්ද කුමාරසිරි මහතා නිවේදනය කළේ ය.

    පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමින් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,සියලු ජනතාවගේ අයිතිවසිකම් වෙනුවෙන් පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව කීය.

    උතුරේ පමණක් නොව දකුණේ ද අතුරුදහන්වූවන් වාර්තා වී ඇත. ඒ පිළිබඳව හානිපූර්ණය කළ යුතුව තිබේ. අදාළ පාර්ශව සඳහා සහන සැලසීමට ක්‍රියා කළ යුතුව ඇත. මෙම කාර්යාලය මඟින් ප්‍රතිපත්ති සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම, හා ඒවයේ ප්‍රගතිය වාර්තා කිරීම සිදු කරයි. මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය හතරදෙනෙකුගෙන් සමන්විත වන බවද අග්‍රාමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya