අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති නිවේදනය- ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ සභාපති සහ මහලේකම් පත් කෙරේ

    අප්‍රේල් 03, 2018

    ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ සභාපති ලෙස කථානායක කරු ජයසූරිය මැතිතුමා සහ මහලේකම් ලෙස නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා පත් කෙරේ.

     

    ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ සභාපති ලෙස ගරු කථානායක දේශබන්දු කරු ජයසූරිය මැතිතුමා සහ මහලේකම් ලෙස ගරු මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා පත් කෙරේ.


    ගරු දේශබන්දු කරු ජයසූරිය මැතිතුමා 2006 වසරේ සිටම ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ සභාපති ලෙස කටයුතු කර ඇති අතර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා 2006 වසරේ සිටම එම නිකායාරක්ෂක සභාවේ ජාතික සංවිධායක සහ නියෝජ්‍ය සභාපති ලෙස කටයුතු කරනු ලැබීය.


    2018.04.03 වන දින කොළඹ 05, නාරහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානයේ පැවති නිකායාරක්ෂක සභාවේ විශේෂ සංවත්සර මහා සම්මේලනයේ දී ඉදිරි කාලසීමාව සඳහා ගරු දේශබන්දු කරු ජයසූරිය මැතිතුමා සභාපති වශයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා මහලේකම් ලෙස පත්වූයේ ඒකච්ඡන්දයෙනි.


    ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩසටහන් රැසක් ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට නිකායාරක්ෂක සභාවේ අභිනව නිලධාරී මණ්ඩලය විසින් කටයුතු යොදා ඇතිබව එහි මහලේකම් ගරු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා පැවසීය.


    එම්.ජී.ජයතිස්ස
    ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ
    රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙනුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya