අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු රෝගය තුරන්කිරීමේ ජාතික වැඩපිළිවෙල පිළිබඳව සියලූම මාධ්‍ය ආයතන එක්ව ක‍්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ වැඩසටහන

    ජූලි 10, 2017

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ සියළුම මාධ්‍ය ආයතන, සියළුම ජංගම දුරකථන සමාගම් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය එක්ව ඩෙංගු ව්‍යසනය තුරන්කිරීමේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

    මෙම වැඩසටහනේ පළමු පියවර යටතේ 2017.07.12 වන බදාදා දින පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 දක්වා සියළුම විද්‍යුත් මාධ්‍ය ආයතන අඛණ්ඩව ඩෙංගු ව්‍යාසනය තුරන්කිරීම පිළිබඳ පණිවුඩය ජනතාව අතරට ගෙනයාමට හා නිවාස සහ අවට පරිසරය පිරිසිදු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කෙරෙන දීපව්‍යාප්ත වැඩසටහනක් ක‍්‍රියාත්මක කෙරේ.

    මෙහිදී ශ‍්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සිට සියළුම විද්‍යුත් මාධ්‍ය ආයතන සහභාගිත්වයෙන් සිංහල භාෂා මාධ්‍යයෙන් ද, ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ දමිළ භාෂා මාධ්‍යයෙන් ද ඩෙංගු ව්‍යසනය තුරන්කිරීමේ පණිවුඩය සජීවීව මහජනතාව වෙත ලබාදීමට අපේක්ෂා කෙරේ.

    මෙම වැඩසටහනේ ඉදිරි දිගුවක් ලෙස 2017.07.15 වන සෙනසුරාදා දින පෙ.ව. 10.00 සිට මධ්‍යහන 12.00 දක්වා සියලූම විද්‍යුත් මාධ්‍ය එකම වේදිකාවක සිට තම නිවස හා අවට පරිසරය පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහනක් මෙහෙයවීමට කටයුතු යොදා ඇත.

    මෙහි දෙවන අදියර යටතේ පාසල් හා කාර්යාල පරිශ‍්‍ර පිරිසිදු කිරීම ඉලක්ක කර ගනිමින් 2017.07.19 වන බදාදා දින ඩෙංගු ව්‍යසනය මර්දනය කිරීමේ වැඩසටහනක් සියලූම විද්‍යුත් මාධ්‍යයන්ගේ දායකත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

    මේ පිළිබඳව වැඩි විස්තර සාකච්ඡුා කිරීමේ රැුස්වීමක් මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2017.07.11 වන දින (හෙට) ප.ව. 1.00 ට කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මෙම කටයුතු සම්බන්ධීකරණය සඳහා ඔබ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයකු සහභාගි කරවීමට කටයුතු කරන්නේ නම් මැනවි. එම නිලධාරියාගේ නම සහ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ෆැක්ස් අංක 0112513756 හා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඔස්සේ 2017.07.11 වන දින පෙ.ව.10.00 ට පෙර අප වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු කරන්නේ නම් මැනවි.

    මේ පිළිබඳ වැඩි විස්තර රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්.ජී.ජයතිස්ස මහතාගෙන් (071-8760609) හෝ ප‍්‍රචාරක අංශ ප‍්‍රධානී එල්. පී. තිලකරත්න මහතාගෙන් (077-2603545) ලබාගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya