මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලංකන් කෙයාර්ස් - සෞඛ්‍ය අභිවෘද්ධිය සඳහා වන සම්මානයෙන් පිදුම් ලබයි

    මාර්තු 27, 2014

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් (SriLankan Cares) ආසියාවේ විශේෂිත ආයතනික සමාජ වගකීම් අංශයේ සෞඛ්‍ය අභිවෘද්ධිය සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබීය.

     

    එම උත්සවය නවදිල්ලියේ ජේ.ඩබ්ලිව්. මැරියට් හෝටලයේ දී පසුගියදා පැවැත්විණි.ආසියාවේ වගකිවයුතු ව්‍යවසායකයින් (Enterprise Asia) යනු කලාපයේ ව්‍යවසායකත්ව සංවර්ධනය තහවුරු කර ගැනීම සඳහා කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයකි.

     

    ආසියාවේ ව්‍යාපාරික හා තිරසාර  සංවර්ධනය, පරිසර හිතකාමී හරිත නායකත්වය, වගකිවයුතු පුද්ගල ආයෝජන, ආයතනික පාලනය, සෞඛ්‍ය අභිවෘද්ධිය, සමාජ සවිබල ගැන්වීම, ආයතනික සමාජ වගකීම් යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම සම්මානය ප්‍රදානය කරන ලදී.ශ්‍රීලංකන් කෙයාර්ස් 2003 වසරේ ආරම්භ කිරීමත් සමඟ ළමුන්ගේ සුභසාධනය, ළමා සෞඛ්‍ය හා අධ්‍යාපනය පිළිබඳව පුළුල් අවධානයක් යොමුකර ඇති අතර, පසුගිය දශකය මුළුල්ලේ ම සමාජ සේවා වගකීම් ගණනාවක් දහස් සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් සිදු කරන ලදී.


    2013 වසරේදී ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් ළමා සෞඛ්‍ය සංවර්ධන වසර ලෙස නම් කිරීමත් සමඟ රජයේ සෞඛ්‍ය අරමුණ සාර්ථක කර ගැනීම සඳහා විශාල සහයෝගයක් ලබාදෙන ලදී. එහිදී ප්‍රධාන වශයෙන් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ අතර, ළමා සෞඛ්‍ය ,සහ  සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම, ළදරු මරණ අවම කිරීම, ළමා හා මාතෘ සෞඛ්‍ය වර්ධනය  සහ අනෙකුත් සමාජ අවශ්‍යතාවයන් වන එනම් විශේෂිත අවශ්‍යතාවන් ඇති දරුවන් සුවපත් කිරීම, හෘද රෝග වැළැක්වීම ආදී  ව්‍යාපෘති රාශියක් සිදුකරන ලදී.

     

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, ජාතික ගුවන් සේවයේ සමාජ සත්කාරක අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් විශේෂිත අවශ්‍යතාවන් ඇති දරුවන් සඳහා දීපව්‍යාප්ත වැඩසටහන් රාශියක් මේ වන විට සිදුකර ඇති බවයි. විවිධ යටිතල පහසුකම්, සංවර්ධන ව්‍යාපෘති, ශිෂ්‍යත්ව වැඩමුළු සහ සම්මන්ත්‍රණ යනාදියට ප්‍රමුඛත්වයක් ලබාදී ළමුන්ගේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා  ද ශ්‍රීලංකන් කෙයාර්ස් කටයුතු කරන බව ඔහු පෙන්වා දුන්නේය. 2003 වසරේ ආරම්භ කරන ලද ශ්‍රීලංකන් කෙයාර්ස් මේ වන විට සිය 10 වෙනි සංවත්සරය සමරන අතර, ඊට සමගාමීව සුවිශේෂී වැඩසටහන් රාශියක් රටපුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

    කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙනුවෙන් බහුවිධ පහසුකම්වලින් සමන්විත ළමා මනෝ චිකිත්සක වාට්ටුවක් ඉදිකිරීම ද මේ වන විට ශ්‍රීලංකන් කෙයාර්ස්  ආරම්භ කර තිබේ. එය 2013 වසරේ මාර්තු මාසයේදී ආරම්භ කළ අතර 2014 වර්ෂයේ මුල් භාගයේදී සම්පූර්ණ ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් යොදා තිබේ.

     

    ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 8කි. මෙය ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද පළමු ළමා මනෝ චිකිත්සක වාට්ටුව ලෙසද ඉතිහාසයට එක්වනු ඇත.ශ්‍රීලංකන් කෙයාර්ස්  විශේෂිත ශෛල්‍යකර්ම සඳහා අවශ්‍යතාවන් ඇති රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමේ දී නොමිලේ ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදීම්වලට අමතරව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී විශේෂිත ආසන පහසුකම්, රෝද පුටු සහ සුවපහසු ආසන ලබාදේ. ඊට අමතරව ඔවුන්ගේ විගණන කටයුතු සිදුකිරීම සඳහා ද සහයෝගය ලබාදෙනු ලැබේ.

     

    විවිධ රෝග සහ  විශේෂ අවශ්‍යතාවන් ඇති දරුවන් වෙනුවෙන් වැයවන රෝහල් ගාස්තු සඳහා මූල්‍යමය සහයෝගය හා ඔවුන්ව දේශීය රෝහල් සඳහා යොමු කිරීම සඳහා ද ශ්‍රී ලංකන් කෙයාර්ස් කටයුතු කරයි.ශ්‍රී ලංකන් කෙයාර්ස් දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් CSR ව්‍යාපෘති  රාශියක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති අතර, සමාජයේ ඇති ආකල්ප වෙනස් කිරීම උදෙසා උපතේදී හා ඊට පසු අවස්ථාවන්වලදී පාලනය කළ නොහැකි ලෙස ආබාධිතවන පුද්ගලයන් කෙරෙහි ඇති සමාජ ආකල්ප වෙනස් කිරීමට ද කටයුතු කරයි.

     

    මෙහි පළමු දැනුවත් කිරීමේ වැඩසටහන පියාසර සේවා පුහුණු ශ්‍රවණාගාරයේදී පියාසර සේවා කළමනාකරණ මණ්ඩලය, උපදේශකවරුන්, කාර්යමණ්ඩලය සහ ගුවන් මැදිරි සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.තවද ශ්‍රී ලංකන් කෙයාර්ස් ගුවන් මැදිරි කාර්යමණ්ඩලය සඳහා සමාජ සත්කාරක පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් උපදෙස් හා මඟ පෙන්වීම් ලබාදෙන ලදී.

     

    රෝගි දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයන් සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් පිළිබඳව සහ කම්පනයක් ඇති කිරීම සහ ඔවුන් පිළිබඳව ධනාත්මක ආකල්ප වර්ධනය කිරීම මෙම සමස්ත වැඩපිළිවෙළේ අරමුණයි. මෙරට විශේෂිත අවශ්‍යතා‍වන් ඇති දරුවන්ගේ ව්‍යාපෘති සඳහා ආධාර වශයෙන් 2013 වර්ෂයේදී ලෝක ප්‍රසිද්ධ ගායකයෙකු වූ Emmanule Kelly ගේ සංගීත සංදර්ශනයක්ද කොළඹ දී පවත්වන ලදී.අනාගතයේදී ශ්‍රීලංකන් කෙයාර්ස් දරුවන්ගේ සුභසාධනය පිණිස වැඩසටහන් රාශියක් ආරම්භ කර ඇති අතර, ඒ අනුව මහරගම පිළිකා රෝහලේ බහුවිධ මාධ්‍ය පහසුකම්වලින් සමන්විත අංශයක් ඉදිකිරීමට නියමිතය. තවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා එක්ව දරුවන් වෙනුවෙන් සෞඛ්‍ය කටයුතු හා ලිංගික අපයෝජනයන් පිටු දැකීම සඳහා වන ව්‍යාපෘති රාශියක් ක්‍රියාවට නැංවීමට සැලසුම්කර තිබේ.

     


    එමෙන්ම පාසල් ළමුන් සඳහා වෛද්‍ය සහ සෞඛ්‍ය වැඩමුළු පවත්වමින් ඔවුන්ට අධ්‍යාපනයක් ලබාදීමට ද කටයුතු යොදා තිබේ. එසේම ළමා චිකිත්සක හා සෞඛ්‍ය කටයුතු සඳහා විදේශීය විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධ කිරීමටද ශ්‍රීලංකන් කෙයාර්ස් කැපවී සිටියි.ශ්‍රීලංකන් කෙයාර්ස් ජාතික මෙහෙවරක් ලෙස සලකා උතුම් සමාජ සත්කාර වැඩසටහන් රාශියක් ද මේ වන විට ක්‍රියාත්මක කර ඇති අතර, දරුවන්ගේ සිහින සැබෑ කරමින් සිදුකරනු ලබන මෙම වැඩසටහන් හරහා බලසම්පන්න අනාගත පරපුරක් බිහිවනු දැකීම එහි බලාපොරොත්තුව බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි.

     


    එනූෂා බණ්ඩාර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya