මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුර -දකුණ යා කෙරෙන යාපනයේ සියවස් බාල දක්‍ෂ ජම්බෝරිය

    පෙබරවාරි 23, 2016
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා යාපනයේ සියවස් බාල දක්‍ෂ ජම්බෝරිය හා 9 වෙනි ජාතික බාලදක්‍ෂ ජම්බෝරිය පැවැත්විණි.
    ලෝක බාලදක්‍ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වන්නේබේඞ්න් පවෙල් සාමිවරයායි. 1907 වර්ෂයේ එංගලන්තයේ බ‍්‍රවුන්සී 
    ප‍්‍රදේශයෙන් මෙම සත් ව්‍යාපාරය ආරම්භ විය.ආරම්භයේදී ඉතාමත් කුඩාවට නමුත් ඉතාමත් ශක්තිමත්ව මෙම ව්‍යාපාරය 
    ආරම්භ විය.
     
     
    2016 වර්ෂය වනවිට ශී‍්‍ර ලංකාව තුළ බාලදක්‍ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර 104 ක් පිරේ. මේ වන විට බාලදක්‍ෂ ව්‍යාපාරය අප රට තුළ ඉතාමත් ශක්තිමත් ව්‍යාපාරයක් බවටපත්ව තිබේ. ශී‍්‍ර ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරයට වසර 104 ක් වනවිට 2016-02-23 
    දිනය වන විට යාපනය බාලදක්‍ෂ ව්‍යාපාරයද සිය අවුරුදු සියය සමරනු ලබන්නේ මහත් අභිමානයෙනි.2
     
     
    ශී‍්‍ර ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරය ආශ‍්‍රීත විවිධ මට්ටමේ ජාතික හා ජාත්‍යන්තර වැඩ සටහන් මීට ප‍්‍රථම ශී‍්‍ර ලංකාවේ විවිධ ප‍්‍රදේශ ආවරණය වන පරිදි පවත්වා ඇත.නමුත් මෙවැනි වැඩසටහනක් උතුරු පළාත කේන්ද්‍රව කි‍්‍රයාත්මක කිරීමට නොහැකිවීම විශාල අඩුපාඩුවක්ව තිබුනි.මෙය සපුරාලමින් ශී‍්‍ර ලංකාවේ 09 වන ජාතික බාලදක්‍ෂ ජම්බෝරිය යාපනය කේන්ද්‍රව පැවැත්වීම උතුර -දකුණ යාකරන මිත‍්‍රත්ව පාලමක්බදුය.
     
     
    එතුලින් ගොඩනැගෙන සහෝදරත්වය තවත් වසර සිය ගණනක් ඉදිරියට තිබේවි.විශේෂයෙන් රට වටා ඇති බාල දක්‍ෂ දිස්ති‍්‍රක්ක 37 ක සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන් සියළු දෙනා එක්ව සිට විවිධ කි‍්‍රයාකාරකම් කරමින් ප‍්‍රදර්ශණය කරන ලද්දේ ඔවුන්ගේ සුහද බවය.එ තුලින් මතු වන්නේ ඉතාමත් සුභදසුන්ය.එය ජාතික සංහිදියාවට පරමාදර්ශයකි.
     
     
    1916 වර්ෂයේදී යාපනය බාල දක්‍ෂ ව්‍යාපාරය ආරම්භකර ඇත්තේ ගාල්ලේ රිච්මන්ඞ් විදුහලේ ආචාර්ය ජේ.වී. මෙන්ඩිස් මහතාගේ මග පෙන්වීම යටතේය.  1916  ඉතාමත් කුඩාවට ඇරඹි යාපනය බාලදක්‍ෂ ව්‍යාපාරය අද වනවිට මහා වෘක්‍ෂයක් ලෙස ජයග‍්‍රහණ ලබමින් ඉදිරියට යමින් පවතී. ශී‍්‍ර ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරයේ වත්මන් ප‍්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල්ද සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ අද වන විට ශී‍්‍ර ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරය සුවිසල් ජයග‍්‍රහන රැසක් ලබාගෙන ඇත.
    3 
     
    ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන බාලදක්‍ෂ ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා අධ්‍යාපන ඇමති අකිල විරාජ්කාරියවසම්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, උතුරු ප‍්‍රධාන අමාත්‍යසී.වී.විග්නේශ්වරන් මහත්වරුන්ගේ 
    ප‍්‍රධානත්වයෙන්ඇරඹි යාපනයේ සියවස් සැමරුම් බාලදක්‍ෂ ජම්බෝරිය උතුර – දකුණ යාකෙරෙන මිත‍්‍රත්වයේ කැඩපතකි.
     
    තිලකරත්න ලියනපටබැදි - ප‍්‍රවෘත්ති නිලධාරී
    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්ථමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya