අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔස්ටි‍්‍රයාව නම් මිත‍්‍රශීලි රාජ්‍යය සමග එක්ව දිගු ගමනක් යාම ශ‍්‍රී ලංකාවේ අපේක්ෂාවයි – ජනපති ඔස්ටි‍්‍රයාවේ පවසයි

    පෙබරවාරි 21, 2016

    ශ‍්‍රී ලංකාව සහ ඔස්ටි‍්‍රයාව අතර වූ මිත‍්‍රශීලි රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවන්ට දශක 06කට වැඩි ඉතිහාසයක් ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඔස්ටි‍්‍රයාවේ හොෆ්බර්ග් ජනාධිපති මන්දිරයේ  (19) දින පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

    දෙරට අතර සබඳතා තව තවත් ශක්තිමත් කරගැනීමේ අවස්ථා හා ද්විපාර්ශ්වීය සබඳතා, සංස්කෘතික, අධ්‍යාපන හා ක්‍රීඩා යන ක්ශේත්‍රයන් හි සහයෝගීතාව  පුළුල් කිරීමට උපකාර වන වෙළෙදාම සහ අන්‍යෝන්‍ය වෙළෙඳ කටයුතු පිළිබඳ පූර්ණ අවධානය යොමු කළ බව ජනාධිපති සිරිසේන මැතිතුමා මෙහිදි සදහන් කළේය.


    ඔස්ටිරමා යාව, ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අංශයේ සංවර්ධනයට දායක වෙමින්  ශ්‍රී ලාංකීය සිසුසිසුවියන්ට ශිෂ්‍යත්ව ගණනාවක් පිරිනමා ඇති බව ‍සඳහන් කළ ජනාධිපති සිරිසේන මැතිතුමා ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාව ගත්කල ඔස්ට්‍රියානු ආයතන ගණනාවක් ව්‍යාපෘති රැසක් සමගින් ශ්‍රී ලංකාවේ බොහෝ ක්ශේත්‍රයන් හි ක්‍රියාකාරී වී සිටීම තම සතුටට කරුණක් බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


    (ඔස්ටි‍්‍රයාවේ හොෆ්බර්ග් ජනාධිපති මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සිදුකළ කතාව)

    මෙම ප‍්‍රතාපවත්, ඓතිහාසික රාජකීය හොෆ්බර්ග් මාළිගාවේදී ඔබ අමතන්නට හැකිවීම පිළිබදව මම ඉතාමත් සතුටුවෙමි. ඔබේ සුන්දර රටේ සංචාරය කිරීමට ලැබුණු මේ අවස්ථාව මම ඉතා අගය කොට සලකමි. මා සහ මාගේ නියෝජිත පිරිසට පිරිනමන ලද උණුසුම් පිළිගැනීම වෙනුවෙන් මම ඔස්ටි‍්‍රයානු රජයටත් එහි ජනතාවටත් ස්තුතිවන්ත වෙමි.


    ශ‍්‍රී ලංකාව සහ ඔස්ටි‍්‍රයාව අතර වූ මිත‍්‍රශීලි රාජ්‍ය තාන්ත‍්‍රික සබදතාවන්ට දශක 06කට වැඩි ඉතිහාසයක් ඇත. ඔස්ටි‍්‍රයානු ජනාධිපතිතුමා සමග මම ඉතා ඵලදායී සාකච්ඡාවක් පැවැත්වුවෙමි. අපේ සබදතා තවතවත් ශක්තිමත් කරගැනීමේ අවස්ථා පිළිබද මෙහිදි සාකච්ඡා කෙරිණි. අපේ පූර්ණ අවධානය යොමුවූයේ සාර්ථක ද්විපාර්ශ්වීය සබදතා, සංස්කෘතික, අධ්‍යාපන හා ක‍්‍රීඩා යන ක්ෂේත‍්‍රයන් හි සහයෝගීතාව පුළුල් කිරීමට උපකාරී වන වෙළෙදාම සහ අන්‍යෙන්‍ය වෙළෙද කටයුතු කෙරෙහිය.


    ඔස්ටි‍්‍රයාව, ශ‍්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අංශයේ සංවර්ධනයට දායක වෙමින් ශ‍්‍රී ලාංකීය සිසුසිසුවියන්ට ශිෂ්‍යත්ව ගණනාවක් පිරිනමා ඇත.


    ආර්ථික හා වෙළෙද සහයෝගීතාව ගත්කල ඔස්ටි‍්‍රයානු ආයතන ගණනාවක් ව්‍යාපෘති රැසක් සමගින් ශ‍්‍රී ලංකාවේ බොහෝ ක්ෂේත‍්‍රයන් හි ක‍්‍රියාකාරී වී සිටීම මගේ සතුටට කරුණකි.


    ඒකාබද්ධ ආයතන හා වෙළෙදපොළ ප‍්‍රවේශය ඉහළ නැංවීමේ අවස්ථා වැනි අන්‍යෙන්‍ය සබදතා පිළිබදව ද අපි සාකච්ඡුා කළෙමු. ශ‍්‍රී ලංකාවේ සාමය හේතුකොට දැන් සිදුවෙමින් පවතින වෙනස්කම් තුළින් අපේ රටවල් දෙකටම ප‍්‍රයෝජන ගතහැකි වීම සහතික කිරීමට අපි සමීපව එක් වී වැඩ කරන්නෙමු. දෙරට අතර ඇති වෙළෙද හා ආයෝජනය සුවිශේෂි මෙන්ම ධනාත්මක ලක්ෂණ විදහාපායි.


    අපේ වෙළෙද පිරිවැටුම් ප‍්‍රමාණය එළැඹෙන වසර වල ප‍්‍රවර්ධනය වනු දැකීම අපේ පූර්ණ අපේක්ෂාවයි. ශ‍්‍රී ලංකාවේ තේ ඔස්ටි‍්‍රයාවේ ජනප‍්‍රිය වෙමින් පවතින බවත්, ආයුර්වේදය ඔස්ටි‍්‍රයානු සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ඇති බවත් මට දැනගන්නට ලැබුණි.

    මිත‍්‍රවරුනි, අවසන් වශයෙන් ඔස්ටි‍්‍රයාවේ නිරන්තර අභිවෘද්ධියත්, එහි ජනතාව සදහා සෞභාග්‍යයත් පතන මම අප දෙරට අතර මිත‍්‍රත්වය දිගුකල් පවතීවා යි ප‍්‍රාර්ථනා කරමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya