අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීනු හඩින් ලොව පිබිදෙනවා - නත්තල දොර ළඟ හිනැහෙනවා

    දෙසැම්බර් 25, 2015

    නත්තල් උත්සවය කිතුනු බැතිමතුන් විසින්පමණක් නොව ලොව පුරා වෙනත් ආගම්වල ප්‍රජාව විසින් ද විශ්වීය සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ.මන්ද එය මුලු ලොව ම සමරන උත්සවයකි.

     

    නත්තල යනු කතෝලික ආගමේ එන ශාස්තෘවරයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය යි. ‍මෙසායා නැතහොත් තෝරාගත් තැනැත්තා යනනමින් හැඳින්වෙන ජේසුස් වහන්සේ, මරියා නමැති කන්‍යාවගෙන් උපත ලැබූ බවකිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි. මෙම අසිරිමත් නත්තල පිළිබඳ ව ශුද්ධ වූබයිබලයේ ලූක් සහ මතෙව් යන කතුවරුන් ලියා ඇත. ජේසුස් වහන්සේ හෙවත්ක්‍රිස්තුන් වහන්සේ බෙත්ලෙහෙම් නුවර දී මරිය තුමියට දාව සුරැකි පියා වනජුසේ තුමාගේ රැකවරණය මැද ඉපදුණු බව එහි සඳහන් වේ.

    ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් සියයට 7ක්පමණ වන කතෝලික බැතිමතුන් රටපුරා පිහිටි කතෝලික දේවස්ථානවලදී දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රී 12ට හා දෙසැම්බර් 25වන දින උදෑසන සිය ආගමික වතාවත්වලයෙදීම සිදු කරයි.

     

    christmasනත්තල් දිනය අද ලොව පුරා රාජ්‍ය නිවාඩු දිනයක් ලෙස සැලකේ. ලොව පළමුවරට නිල වශයෙන් නත්තල් උත්සවයක් පවත්වන ලද්දේ ඇමරිකාවේ ඇල්බාමා නගරයේය. ඒ 1836 වසරේදීය. නත්තල් දිනය   රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත් වූයේ 1870 වසරේදීය. ඒද ඇමෙරිකාවේදීය. 1907 වසරේ ඇමෙරිකාවේඔක්ලාමා නගරය නත්තල්දිනය නීතිමය වශයෙන් නිවාඩුවක් බවට පත් කරන ලදී.

     

    ඉතාලියේ රෝමයේ පිහිටි බැසිලිකා දෙව්මැදුර, ආගමික පිළිවෙත් මධ්‍යස්ථානය වශයෙන් ද සැළකේ. එහි, වතිකානුවේ ශුද්ධෝත්තම පාවුළු පාප්වහන්සේ වැඩවසති. දෙසැම්බර් 24 වැනිදා රාත්‍රී 12 ට පැවැත්වෙන විශේෂ දිව්‍ය පූජා හා 25 වැනි දින පැවැත්වෙන දේව මෙහෙය ද ලොව පුරා රූපවාහිනි මඟින් ප්‍රචාරය කෙරේ. දේවස්ථානයේ නත්තල් මහා දිව්‍ය පූජාව පවත්වනු ලබන්නේ පාප්වහන්සේ විසිනි. පූජාවෙන් අනතුරුව පාප්වහන්සේ, ආශීර්වාද සුබ පණිවිඩය කියවයි.

     

    ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත යනු ලෝ වාසී සැමට සාමය, සතුට ගෙනෙන ශුද්ධවත් කාලයක් ලෙසකතෝලික බැතිමතුන් විසින් සලකනු ලැබේ.

     

    1992 singing christmas treeප්‍රසිද්ධ සම්ප්‍රදායට අනුව මෙම උපත ගවලෙනක දී (stable) සිදු වූ බව කියැවෙන නමුත් බයිබලයේ සඳහන් වන පරිදි එය ගවඔරුවක දී (manger) සිදුවී ඇත. එය අදටත් බෙත්ලෙහෙම් නුවර ජේසුස් වහන්සේ උපතලද ස්ථානයේ ඉදි කර ඇති දේවස්ථානයට පහළින් පිහිටා තිබේ. දේව දූතයකු විසින්මෙම ගවලෙන අසල සිටි එ‍‍ඬේරුන් හට ජේසුස් වහන්සේගේ උපත ගැන පවසා තිබේ.ඉන්පසු ඔවුන් බිළිඳු ජේසුතුමන් බැහැදැකුමට ගොස් ඇති අතර එතුමන් දුටු පළමුකණ්ඩායම ද ඔවුහු වෙති. ජේසුස් වහන්සේගේ උපත තුළින්, එතුමාගේ උපතට වසරගණනාවකට පෙර පවසා තිබූ අනාවැකි සම්පූර්ණ වී ඇති බව ක්‍රිස්තු භක්තිකයෝවිශ්වාස කරති.

     

    ‘සිහිපත් කිරීම‘ කිතුනු බැතිමතුන් නත්තලසමරන ප්‍රධාන මාර්ගයකි. ක්‍රිස්තියානි සභාව ජේසු තුමන්ගේ උපන් දිනය උදා වනතුරු, සූදානම් වීමේ කාලය තුළ, විවිධ ආගමික කටයුතුවල නිරත වේ. කුඩා ළමුන්මෙන් ම වැඩිහිටි කිතුනු ජනතාව ද ක්‍රිස්තු තුමන්ගේ උපත සිහිපත් කෙරෙනනාට්‍ය රඟ දැක්වීමේ සහ නත්තල් කැරොල් ගීත (Christmas Carols) ගායනා කිරීමසිදු කරති. ‍

     

    මේ කාලයට සෑම කිතුණු නිවෙසකම ජේසු තුමන්ඉපදුණු ගවලෙන සහ අදාළ චරිත කලාත්මක ප්‍රතිරූපවලින් නිරූපණය කෙරෙන අතර මෙමප්‍රතිරූප අතරින් ජේසු තුමන් බැලීමට පැමිණි රජ තුන් කට්ටුවට ද වැදගත්ස්ථානයක් හිමි වේ. ඔවුන් ‍බෙත්ලෙහෙමේ තරුව නමින් හැඳින්වෙන වල්ගා තරුවපසුපස පැමිණ, ජේසු තුමන් වෙත රත්තරන්, සුවඳලාටු සහ සුවඳ දුම් පුද කර ඇත.

     

    article එසේම විවිධ සැරසිලි මෙම නත්තල් සමය තුළ දැක ගැනීමට හැකි වේ. ඒ අතරින් නත්තල් ගස ප්‍රධාන ස්ථානයක් ගන්නා අතර නත්තල් ගස්, විදුලි බුබුලු සහවිසිතුරු සැරසිලිවලින් අලංකාර කරනු ලැබේ. බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින සහ ඇල්බට්කුමරු ඔවුන්ගේ වින්ඩ්සර් කාසල් හි ගතකරන නිවාඩුව සැමරීමේ කොටසක් ලෙස ගසක්අලංකාර කිරීමට ආරම්භ කිරීමත් සමඟ 1848 දී නත්තල් ගස ජනයා අතර අපූර්ව නත්තල්සැරසිල්ලක් ලෙස ජනප්‍රිය විය. එතැන් සිට නත්තල් ගසශීත ඍතුවේ සීතලරාත්‍රී කාලයේදී පවා ජීවිතය සශ්‍රීක වීම පෙන්වන නිහඩ හඩක් සහ දීප්තිමත්මතකයන් පෙන්වන සලකුණක් ලෙස, ලොව පුරා නිවෙස් හා නගරවල නත්තලේ පොදු ලාංඡනයක්බවට පත්විය. එය සැරසිල්ලක් පමණක් වන අතර එය කිතුණු ධර්මය හා නොබැඳේ.

     

    නත්තල් සීයා යනු නත්තලේ විශේෂ චරිතය කි. අප අද නත්තලේදී දකින නත්තල් සීයා බිහිවීමට මූලාරම්භය සපයා තිබෙන්නේ කි‍්‍ර. ව. තුන්වන සියවසේදී තුර්කියේ මයිරා නගරයේ විසූ ශාන්ත නිකුලස් තුමාගේ කරුණාවන්ත බව සහ ත්‍යාගශීලි බවයි.එතුමා විසූ ප්‍රදේශයේ සිය ගැහැණු දරුවන් විවාහ කරදීමට මුදල් නොමැතිව අසරණ වූ දිළිඳු මිනිසෙකුට උපකාර කිරීමට ශාන්ත නිකුලස් තුමා රන්කාසි මලු තුනක් රාති‍්‍ර තුනකදි එම දිළිඳු මිනිසාගේ නිවස තුළට චිමිනිය තුළින් දැමුවේය. එම මුදලින් දිළිඳු මිනිසා සිය දියණියන් විවාහ කර දුන් බව ජනප්‍රවාදයේ පැවසෙයි.

     

    නමුත් අද නත්තල් සීයා වෙළඳ භාණ්ඩයක් බවට පත්ව තිබීම කණගාටුවට කරුණකි. ශාන්ත නිකුලස් තුමා යනු ඉතා කරුණාවන්ත හා ත්‍යාගශීලී ශුද්ධවන්තයෙකු බැවින් එවැනි ගරුත්වයට පාත්‍ර වූ චරිතයක් වෙළඳ භාණ්ඩයක් විය යුතු නැත. නත්තල් සීයා චරිතය භාවිතා කිරීමේ දී ව්‍යාපාරිකයන්, වෙළඳ සැල් හිමියන්, සාමාන්‍ය ජනතාව මේ බව තදින් සිහියේ තබාගෙන කටයුතු කරන්නේ නම් යෙහෙකි.

     

    A Christmas Carol 006

    නත්තල් සිරිත් අතර නත්තල් නාට්‍යය රඟ දැක්වීම සුවිශේෂී වේ. මීට වසර තුන්සිය අනූ හතකට පෙර එනම් 1615 දී නත්තල් නාට්‍යයක් රඟදක්වා ඇති බව සඳහන් වේ. සිංහල නාඩගම් ඉතිහාසයේ ප්‍රථම නාඩගම වශයෙන් හැඳින්වෙන්නේ හලාවත මිහිඳුකුලසූරිය ගාබ්‍රියෙල් ප්‍රනාන්දුගේ රජතුන්කට්ටුව නාට්‍යයයි. ඉන් අනතුරුව 1746 දී අතිගරු එඩ්මන් පීරිස් අගරදගුරු හිමිපාණන් ද රජතුන්කට්ටුව නාට්‍ය නිර්මාණය කොට රඟදක්වා ඇත. ඉන්පසු නත්තල් නාට්‍ය රැසක්ම රඟදක්වනු ලැබූ අතර, මේ දක්වාම නත්තල් නාට්‍ය දේවස්ථානවල සහ වෙනත් ස්ථානවල ද රඟදැක්වේ.

     

    නත්තල් කාඩ්පතක් සුබ පැතුමක් ලෙස නිකුත් වූයේ 1843 දීය. 1874 දී ජර්මන් ජාතිත ලුවිස් ෆ‍්‍රෑන්ක් නැමැත්තා නත්තල් කාඩ්පත් අමෙරිකාවේදී මුද්‍රණය කර, ප්‍රසිද්ධ කර තිබේ. නත්තල් මුද්‍රාවක් පළමුවරට 1904 දී ඩෙන්මාර්කයේදී භාවිත වී ඇත. නත්තලට විශේෂිත වූ සුබ පැතුම් කාඩ්පතක් 1840 බ්‍රිතාන්‍ය තැපැල් සේවය ආරම්භ වීමත් සමඟ තැපෑලෙන් යැවීම ද ආරම්භ වී ඇත.

     

    නත්තල් උත්සව දිනයේ දී පවුලේ සාමාජිකයින් අතර සහ යහළුවන්, නෑදෑයින්, අසල්වැසියන් අතර තෑගි හුවමාරු කර ගැනීම දවිශේෂත්වයchristams1222කි. සාමය, සතුට සහ ප්‍රේමය මෙමඟින් නිරූපණය කරයි.

     

    නත්තල් ත්‍යාග පිළිබඳව කතා කිරීමේ අමතක නොවන නත්තල් ත්‍යාග හුවමාරුවක් ඉතිහාසයේ ලියැවී ඇත. එනම් ලොව විශාලතම නත්තල් ත්‍යාගය වන රටවල් 2ක් අතර හුවමාරු වූ ලිබර්ට් ප්‍රතිමාවයි. 1886 වසරේ නත්තලට සමගාමීව මෙම ත්‍යාගය ප්‍රංශය විසින් ඇමරිකා එක්සත් ජනපදයට පරිත්‍යාග කරන ලදී. මීටර් 46.5ක් උසැති මෙම ත්‍යාගයේ බර ටොන් 225කි. එය ද සාමයේ සංකේතයක් වේ.

     

    ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය නම් ප්‍රේමය ය. එම නිසා නත්තල යනු සාමයේ සමය ලෙස ද හැඳින්විය හැකිය. ප්‍රේමය හා සාමය බෙදාගැනීමේ මංගල්‍යය වන නත්තලේ සැබෑ කිතු උපත සිදුවන්නේ නිහතමානි ආදරවන්ත සිත් තුල පමණි.එය එසේ නම් සැමදා අප සමරන්නේ සැබෑ නත්තල් දිනයක් මය. එම නිසා මේ වසරේ නත්තල ජේසු තුමන් හමුවන නත්තලක් කරගනිමු.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya