අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සංහිදියා පිළිවෙත ශක්තිමත් කරමින්,සමෘද්ධිමත් ආර්ථිකයක් සමඟ නිදහස් රටක් ගොඩනගනවා

    දෙසැම්බර් 03, 2015

    බලය බෙදීමේ පූර්ණ සංකල්පය මත ජාතීන් අතර මිත්‍රත්වය සහයෝගීතාවය ගොඩනගමින්, ජාතික සංහිදියා පිළිවෙත ශක්තිමත් කරමින් ඉදිරියේ දී මේ රටේ යුද්ධයක් ඇති වීම වළක්වමින් මේ රට සමෘද්ධිමත් ආර්ථිකයක් සමඟ නිදහස් රටක් ගොඩනගන්න මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අද සිටින ජනතාව වගේම හෙට උපදින දරුවා වෙනුවෙන් ඒ වගකීම හා යුතුකම අවංකව ඉටුකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ විසර්ජන පනත් කෙටුම්පත 2016 කාරක සභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    2016 ඉදිරි වර්ෂය සඳහා අයවැය යෝජන සම්මත වන අවස්ථාවක ජනාධිපති වැයශීර්ෂයත් ඒ වගේම අමාත්‍යාංශයකට අයත් නොවන
    අයතනවල අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා වන අවස්ථාවක කතා කිරීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක්.

     

    මේ වසරේ ජනවාරි 8 වෙනිදා ජනතාවගේ වරමින් එක්සත් ජාතික පක්ෂයත් තවත් පක්ෂ සංවිධාන රාශියකගේ ආශිර්වාදයෙන් ශ්‍රී
    ලංකා නිදහස් පාක්ෂිකයනුත් ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව මූලික වශයෙන් මේ රටේ බලාපොරොත්තු වූ වෙනස්කම් සමඟ රටේ අනාගතය සඳහා, ඉදිරි අපේ අණ්ඩුවේ දැක්ම සහ ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව පැහැදිළි අවබෝධයකින්, ඉතාමත්ම පවිත්‍රශීලි,
    නිර්මල,අධිෂ්ඨානශීලීභාවයකින් කටයුතු කරන අවස්ථවක්.

     

    මූලික වශයෙන් ජනවාරි අටවෙනිදා මේ රටේ ජනාධිපතිධූරයට මා පත්කරගන්නා විට ජනාධිපතිධූරයේ බලතල ඉවත් කිරීම, අවම
    කිරීම,එසේ නැත්නම් තනතුරේ බලතල සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම.මේ වනවිට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ 19 වැනි
    සංශෝධනය තුළ බලාපොරොත්තු වූ යෝජනා අපි සකස් කර ඉදිරිපත් කළත් ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුව වූයේ ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිධූරයේ බලතල ඉවත් කළ හැකි ප්‍රමාණය මෙපමණ යැයි කියා,ශ්‍රේෂ්ඨාධිකරණය අපට දැනුම් දීමයි.


    ඒ අනුව මෙම උත්තරීතර සභාව කළ හැකි උපරිම ලෙස ඒ කාර්යය ඉටු කරනු ලැබුවා.2010 සිට 2015 දක්වා පැවැති පාර්ලිමේන්තුවේ,
    නැත්නම් අගෝස්තු මස මැතිවරයට පෙර පැවැති පාර්ලිමේන්තුවේ, තුනෙන් දෙකක බලයක් තිබුණත් එදා පැවැති අපේ
    ආණ්ඩුවට, තුනෙන් දෙකක බලයක් අවශ්‍ය ජනතාවාදී පනතක මේ පාර්ලිමේන්තුවේ සම්මත වුණා කියලා කියන්න පුළුවන් කමක් නෑ.


    තුනෙන් දෙකෙ බලය පාවිච්චි වුණේ,18 සංශෝධනය තුළ ජනපති සතු අසීමිත බලතල ලෝකයේ කිසිම ජනාධිපතිවරයකුට නොමැති
    බලතල තවත් ශක්තිමත් කරගැනීම සඳහායි. නමුත් සතුටු වෙනව, ඒ පාර්ලිමේන්තුවම 19 සංශෝධනය කරල ජනාධිපතිවරයා සතු
    බලතල ශ්‍රේෂ්ඨාධිකරණ උපදෙස් අනුව කළ හැකි උපරිම ලෙස ඉෂ්ඨ කිරීම සඳහා හැකියාව ලැබුණා.


    ඒ තුළ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස සහතික කිරීමට හැකියාව ලැබුණ.වසර 40කට වැඩි කාලයක්,දේශපාලන පක්ෂ භේදයෙන්
    තොරව රටේ මාධ්‍ය තුළත් පොදු ජනතාව තුළත් දැඩි ලෙස සාකච්ඡාවට භාජනය වුණා,ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක්
    පිළිබඳව.

    පොදු ජනතාවගේත් දේශපාලන ක්ෂේත්‍රයෙත් ඉල්ලීම මීට පෙර කිසිදු ආණ්ඩුවකට කළ නොහැකි වුවත් මීට සති තුනකට පෙර අපිට
    පුළුවන්කම ලැබුණා,සම්මත කරන ලද 19 වන සංශෝධනය තුළ,ස්වාධීන මැතිවරණ කොමිෂන් සභව පිහිටුවන්නට.


    එය මේ රටේ ජනතාවගේ නිදහස් ඡන්ද බලය,ඉතාම විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙසයි අපි දකින්නේ.මැතිවරණ දූෂණ පිළිබඳව
    මැතිවරණ අක්‍රමිකතා පිළිබඳව මැතිවරනවලදී සිදුවන බරපතල නීතිවිරෝධී ක්‍රියා පිළිබඳව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම
    ඉතිහාසයේ කළු ලප තිබෙනවා.


    ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම,ඇතැම් මැතිවරනවල කටයුතු කළ ආකාරය,ඇතැම් අවස්ථාවන් පිළිබඳව අපකීර්තියක් තිබෙනවා.එවැනි
    අත්දැකීම් තුළත් ඒ කිරීමට නොහැකි වූ මැතිවරණ කොමිෂන් සභා පිහිටුවීම,අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවුරු කළා වගේ ම,අවුරුදූ
    40කට වැඩිය ජනතා ඉල්ලීමක් ඉටු කළා වගේ ම අපේ රටටත් ලෝකයාටත් ජාත්‍යන්තරයටත් කියන්න පුළුවන් වෙල තිබෙනවා,ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීම තුළ ජනතාවගේ ඡන්ද බලය ,නිදහස් සාධරණ ලෙස සහතික කිරීමත් අපේ ආණ්ඩුව තුළ එම කාර්යභාරය ඉටු කළා.

     

    එවැනි මැතිවරණ කොමිෂන් සභා වගේ ම අනෙකුත් කොමිෂන් සභ නවයක් අපි පිහිටුවා තිබෙනවා.ඒ කොමිෂන් සභා තුළ ස්වාධීනව
    කෙරෙන කාර්යයන් අපි සහතික කර තිබෙනවා.අධිකරණ ක්ෂේත්‍රය තුළ තිබූ තත්ත්වය පැහැදිළි කිරීම අවශ්‍ය වන්නේ නෑ.අද අධිකරණ
    ක්ෂේත්‍රයේ තිබෙන ස්වාධීනත්වය පිළිබඳව, මේ රටේ පොදු ජනතාව තුළත් ඉතාම පැහැදීමක් තිබෙනවා.

     

    දේශපාලන බලපෑමකින් තොරව අධිකරණ ක්ෂේත්‍රයේ විශේෂයෙන් ම විනිසුරන් ප්‍රධාන සෑම කෙනෙකුටම තම තීන්දු ප්‍රකාශ කරමින්
    කටයුතු කිරීමේ ස්වාධීන අයිතිය අපි ලබාදී තිබෙනවා.

    අපිට රට තුළ ජයග්‍රහණය කරන්නත්,අපි රටක් ලෙස ශ්‍රේෂ්ඨ ලෙස නැගී සිටීමටත් ලෝකයේ ජතීන් අතර ප්‍රබල ජාතියක් ලෙස නැගී
    සිටීමටත් ශ්‍රී ලාංකිකයන් ගොඩනැගීමටත්, ලෝකයේ සංවර්ධනය වන දියුණු වූ රටවල් සමඟ කරට කර සිටිමින් ඉදිරියට යන්නත් මේ
    විශ්ව සමාජය තුළ ශ්‍රී ලාංකික ජනතාවගේ හෙට උපදින දරුවන්ගේ අනාගතය සඳහා හොඳ රටක් ගොඩනගන්න,සුබවාදී රටක්
    ගොඩනගන්න,යහපත් රටක් ගොඩනගන්න,අපිට ජාතික වශයෙන් තිබෙන වගකීම් ඉටු කරන්න,මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවගේ
    අශිර්වාදය සහ සහයෝගය අවශ්‍යයි වගේ ම ජාත්‍යන්තර සහයෝගය ඉතාම අත්‍යවශ්‍යයි.

     

    පසුගිය කාලය තුළ අපට තිබුණ ප්‍රශ්නය තමයි,අප රට ගොඩනැගීමට ඉදිරියට යෑමේ දී මූලීක වශයෙන් ම ජාත්‍යන්තර
    වශයෙන් සිදු ව තිබූ බෙදීම.අපි නිසා ලෝකය බෙදුණා.අපි නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය බෙදුණා.අපි නිසා එක්සත් ජාතීන්ගේ
    මානව හිමිකම් කොමිෂන් සභාව බෙදුණා.අපි නිසා අපට සිටි දීර්ග කලීන මිතුරන් අපෙන් ඈත් වුණා.අපේ රටේ සංවර්ධනයට අත දුන්
    පසුගිය දශක කීපයේ සිටි අපේ සංවර්ධනයට් පුළුල් දායකත්වයක් ලබාදුන් ලෝකයේ ප්‍රබල රාජ්‍යයන් හා ප්‍රබල ජාතීන් අපි අතරින් වෙන්
    වුණා.

     

    ජනවාරි අටවැනිදා මේ රටේ ජනතාව කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය තුළ, අපේ පෞද්ගලිකත්වය තුළ නොව,අපේ වැඩපිළිවෙළ
    අපේ දැක් ම තුළ අපිට රටක් ලෙස පසුගිය දශක කීපය තුළ තිබූ තත්ත්වය සංසන්දනය කරන විට අද ලෝකයේ කිසිදු භේදයකින්
    තොරව කිසිදු සතුරු කඳවුරක් නොමැතිව,කිසිදු රාජ්‍ය කඳවුරක් නොමැතිව,කිස්දු ජත්‍යන්තර සංවිධානයක් නොමැතිව,සියලු
    ජාත්‍යන්තර සංවිධාන සහ සියලු ජාතීන්ගේ අවංක මිත්‍රයෙක් ලෙස පිළිගැනීම පැහැදිළිව පෙනී යන කාරණයක්.

     


    පොදු රාජ්‍ය මණ්ඩලය තුළ නායකත්වය ගන්න මහා බ්‍රිතාන්‍යයෙත්, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල ලංකාවේ රාජ්‍ය නායකයකුට
    මුණගැසීමේ ඉඩකඩ ඇහිරී තිබුණා.නමුත් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභගී වූ අවස්ථාවේ පැය කීපයක් තුළ මා හට හැකි
    වුණා,ප්‍රධාන රාජ්‍ය තුනේ ම නායකයන් හමු වී මිත්‍රශීලී ස භතාවක් ශක්තිමත් කර ගන්න.

     


    පසුගිය සතියේ සහභාගී වූ එක්සත් ජාතීන් සංවිධානය කළ කාලගුණ දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගී
    වීම පිළිබඳව. ඒ සමුළුවේ වගකීම් ඉටුකිරීම පිළිබඳව ශ්‍රී ලංකාවක් හැටියට කටයුතු කිරීම වෙනුවෙන් පෙනී සියා වගේම,අපේ මතය හා
    දැක්ම ඉදිරිපත් කළා වගේම එම රාජ්‍ය නායකයින් මේ රටේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් මා වෙත දැක් වූ
    කෘතඥතාවය,මිත්‍රශීලීභාවය මතක් කළ යුතුයි.

     


    යුරෝපා මාළු අලෙවිය පිළිබඳව කියා සිටියා GSP+ පිළිබඳ ප්‍රශ්නය ගැන කියා සිටියා.ඒ ප්‍රශ්නය ඉතා කඩිනමින් අවසන් කිරීමට ඩේවිඩ්කැමරන් මහතා ඉදිරිපත් වන බව ප්‍රකාශ කළා.

     

    අපේ රට දියුණු කරගන්න ජාත්‍යන්තර ආර්ථික ආධාර අවශ්‍යයි.බිතාන්‍ය අගමැතිතුමා පැහැදිළිව ප්‍රකාශ කළා, ඒ සඳහා ආධාර කරන බව. අසුබවාදී ලෙස සියලු දේ ගැන හිතන්නේ නැතිව, අසුබවාදීව කණ්නඩියකින් බලන්නේ නැතිව,රටේ අනාගතය සඳහා සුබවාදීව
    බැලිය යුතුයි. අලුත් ආණ්ඩුවක් ලෙස කටයුතු කරන විට මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය වූ අපි පීඩනයට පත් වී තිබුණ,දීර්ග කලයක් තිබූ
    යුද්ධය අවසන් කරල,පශ්චාත් යුද සමය තුළ කළ යුතු කාර්යන් හා වගකීම් අප ඉටු නොකළ නිසා නැවත මේ රටේ උද්ධයක් ඇති වීම
    වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමේ දී මේ රට තුළ සිටින සියලු ජාතීන් අතර ජාතික සංහිදියාව, මිත්‍රත්වය සහෝදරත්වය
    ඇතිකිරීමට සඳහා ආණ්ඩුවක් ලෙස පූර්ණ කැපවීම අප කරනවා.

     

    උතුරේ ජනතාව හා දකුණේ ජනතාව අතරේ අවිශ්වාසය තුරන් කිරීම සැකය දුරු කිරීම, මිත්‍රශීලී බව ඇති කිරීම,හදවත් හඳුනාගැනීම,ආගමික,භාෂා වශයෙන්, ජාතීම් වශයෙන් අපේ සංස්කෘතික තත්ත්වයන් තේරුම් ගෙන රටක් ලෙස ඉදිරියට යන්නට
    සහෝදරත්වයෙන් සියලු දෙනා සමඟ කටයුතු කිරීමේ වැදගත් කම පැහැදිළිව අවධාරණය කරනවා.


    රටක් විදියට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළට අවංක සහයෝගය ලබාදෙන්න.ජනාධිපතිධූරයේ බලතල ඉවත් කිරීම සඳහා ඉදිරියේ දී
    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරමින් ඒ සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා.පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා.ඒ
    සඳහා ඉදිරියේ දී කටයුතු කිරීමේ දී සියලු දෙනාගේ සහයෝගය ඉල්ලා සිටිනවා.

     

    ප්‍රධාන වශයෙන් සඳහන් කළ යුතුයි,මැතිවරණයට පෙර දුන් පොරොන්දු ඉටු කර මේ දක්වා කටයුතු කිරීම තුළත් විදේශ
    සංචාරවලදී මීට පෙර තිබූ පූර්වාදර්ශ සහමුලින් ම ඉවත් කරලා,මම සම්පූර්නයෙන් ම විදේශ සංචාරවල දී ඉතාම සීමිත පිරිසයි විදේශ
    සංචාරවල නිරත වුණේ.

     


    ශ්‍රී ලංකා ගුවන් යානා අරගෙන මම ගුවන් ගමන් ගියේ නෑ.ගුවන් යානා අරගෙන තියාගෙන හිටියේ නෑ.මේ රටේ ආර්ථිකයට කරන ලද
    බලපෑම පිළිබඳව කණගාටු වෙනවා.මම යන නිල ගමනක් හැරෙන්නට චොපර් පාවිච්චි කරන්නේ නෑ.මගේ බිරිඳ හෝ දරුවන්
    වෙන් වෙන් ම යන්න ඉඩ නෑ. මම එය අදත් සත්‍ය ලෙස ම ඉටු කර තිබෙනවා.ඉදිරියටත් එය එසේම ඉටු කරනවා.

     


    ගුවන් යානා පාවිච්චි කිරීම තුළ පසුගිය දසකයේ රටේ ආර්ථිකයට ඇති වූ බලපෑම, වාර්ෂිකව කර තිබෙන වැය කිරීම, ඒ අසීමිත
    තත්ත්වය රටේ ජාතික ආර්ථිකයට උසුලන්නට බැරි ආකාරයකට සිදු වී තිබුණේ.

     

    ඒ තත්ත්වයන් අපි වෙනස් කර තිබෙනවා.ඒ ආදර්ශය ගෙනැත් තිබෙනවා.ජනාධිපති ලේකම් කාර්යාලයේ 1700ක් හිටපු
    කාර්යමණ්ඩලය අඩු කර තිබෙනවා.වියදම් අඩු කර තිබෙනවා.අවමංල්‍යයටත් වියදම් කිරීමත් ගසා කෑමක්
    කරගත්තා.මල් වඩමෙනුත් ගසා කාලා තියෙනවා.අපි ඒ තත්ත්වය වෙනස් කළා.මම හිටපු ජනාධිපතිතුමාට දොස් කියන්නේ
    නෑ.කාර්යමණ්ඩල කළමනාකරණය කිරීමේ දී ඔවුන් කරන්නේ කුමක් ද? කළේ කුමක්ද?සොයා නොබැලීම නිසා මල් වඩමෙනුත් ගසා
    කෑවා.

     

    ඒ නිසා දේශපාලන වශයෙන් පවිත්‍රභාවයකින්,බලය බෙදීමේ පූර්ණ සංකල්පය මත ජාතීන් අතර මිත්‍රත්වය සහයෝගීතාවය ගොඩනගමින්, ජාතික සංහිදියා පිළිවෙත ශක්තිමත් කරමින් ඉදිරියේ දී මේ රටේ යුද්ධයක් ඇති වීම වළක්වමින් මේ රට සමෘද්ධිමත් ආර්ථිකයක් සමඟ නිදහස් රටක් ගොඩනගන්න මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අද සිටින ජනතාව වගේම හෙට උපදින දරුවා වෙනුවෙන් ඒ වගකීම හා යුතුකම අවංකව ඉටු කරනවා යැයි ද ජනධිපතිතුමා ප්‍රකාශ කළේ ය.

     

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya