අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලේ ග්‍රාම නිලධාරි වසම් 567ක ජංගම සේවා දැනුවත් කිරීම්

    මැයි 25, 2014

    ලබන ජුනි මස බදුල්ල දිස්ත්‍රික්කයේ ගමකින් ගමකට ගෙයකින් ගෙයකට ප්‍රජා අවශ්‍යතා සපුරාලීම සඳහා පැවැත්වෙන ග්‍රාමීය ප්‍රජා සත්කාර සේවා 567ක පිළිබඳව එම ප්‍රජා අවශ්‍යතා විසඳීම සහ ජනබලගැන්වීම වෙනුවෙන් මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් ආසන මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ‍8ක් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) සහ අද (25) බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන 08ක ඉතා සාර්ථකව පවත්වනු ලබයි.


    ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස නවයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක ග්‍රාම නිලධාරි වසම් 567ක ප්‍රජා අවශ්‍යතා හඳුනාගැනීමේ ජනතා සත්කාරය සහ ජංගම සේවා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පැමිණ සිටි පිරිස් මෙහිදී දැනුවත් කරන ලදී. බදුලු දිස්ත්‍රික්කය තුළ ලක්ෂ 09කට අසාන්න ජනතාවක් ජීවත්වන අතර ඉන් බහුතරයකට මේ යටතේ සෙත සැලසෙනු ඇත.


    බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, හල්දුම්මුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල, ඌව පරණගම, වැලිමඩ, මහියංගනය, රිදීමාලියද්ද, ලුණුගල, පස්සර, බදුල්ල සහ හාලිඇළ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින්, ප්‍රජා නායකයින් මෙම රැස්වීම්වලට එක්ව සිටියහ. එක් දැනුවත් කිරීමේ රැස්වීමක් සඳහා දහසකට ආසන්න පිරිසක් සහභාගි වූ අතර රැස්වීම් පැවතියේ දියතලාව සංස්කෘතික ශාලාව, බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලය, අඹගස්දෝව ජනාධිපති විද්‍යාලය, වැලිමඩ ඉන්ද්‍රානි ශාලාව, මහියංගනය ජනාධිපති සංස්කෘතික මධ්‍යස්ථානය, පස්සර මධ්‍ය මහ විද්‍යාලය, බදුල්ල සයිමන් පීරිස් ශාලාව සහ හාලිඇළ ජාතික පාසලේ ශ්‍රවණාගාරයේදීය.


    ප්‍රජා අවශ්‍යතා හඳුනාගැනීමේදී, ප්‍රමුඛතා ගත කිරීමේදී, සැලසුම් කිරීමේදී, ක්‍රියාත්මක කිරීමේදී සහ පසු විපරම් කිරීමේදී රජයේ නව සංවර්ධන ප්‍රවේශය වන ප්‍රජාව, මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් සාමුහිකව ක්‍රියා කිරීම පිළිබඳව මෙහිදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැනුවත් කිරීමේ රැස්වීම්වලට සහභාගිවන්නන්ට කරුණු දැක්වූහ. ජංගම සත්කාර සේවාවලදී මතුවන ගැටලු පොදු සහ පෞද්ගලික වශයෙන් කොටස් දෙකක් යටතේ හඳුනාගැනේ.


    මෙම රැස්වීම් සඳහා අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදිත් ලොකුබණ්ඩාර, රෝහණ පුෂ්පකුමාර, චාමික බුද්ධදාස, පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, පළාත් අමාත්‍ය එස්. තොන්ඩමන්, බදුල්ල දිසා ලේකම් රෝහන දිසානායක යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින්ද දිසාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින් විශාල පිරිසක් ද සහභාගි වූහ.


    ග්‍රාමීය ජංගම සේවාවලදී සහතික සහ බලපත්‍ර ලබාගැනීම, සමාජ ආරක්ෂණය, සෞඛ්‍ය, දිවි නැගුම, නිවාස සහ ඉඩම්, පොදු පහසුකම්, තරුණ සහ කාන්තා කටයුතු, අධ්‍යාපනය, වාරිමාර්ග, ආගමික කටයුතු ඇතුළු විවිධ ගැටලු ඉදිරිපත්වන අතර ඒවාට විසඳුම් ලබාදේ. ඉදිරිපත් වූ ප්‍රජා අවශ්‍යතා පිළිබඳ විසඳුම් ලබාදීම හැකිතාක් දුරට එදිනම ඉටුකරනු ලබන අතර ඒ යටතේ රෝද පුටු, අත්වාරු, ඇස් කණ්ණාඩි, ක්‍රීඩා භාණ්ඩ, ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ ලබාදිය හැකි යෙදවුම්, වැසිකිළි උපකරණ, පැළ වර්ග, සතුන් සහ වෙනත් උපකරණ බෙදා දෙනු ලබයි.


    ජනතා අවශ්‍යතා ඍජුවම හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමේ අපේක්ෂාවෙන් ජංගම සේවා ජාතික වැඩසටහන යටතේ කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි ඉකුත් වසරේ ජුලි 01වැනිදා සිට දෙසැම්බර් දක්වා ග්‍රාමීය ජනහමු සහ ජංගම සහන සේවා 2731ද  මැතිවරණ කොට්ඨාස මට්ටමෙන්  ජංගම සේවා 28ක්ද පැවැත්වූ අතර එහි ඉහළ සාර්ථකත්වය හේතුවෙන් මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබාදුන් උපදෙස් අනුව මෙය ක්‍රියාත්මක වේ. එම දිස්ත්‍රික්ක තුන තුළ ක්‍රියාත්මකවූ ජංගම සේවා මගින් එම මොහොතේම ගැටලු විසඳීමේ ප්‍රතිශතය සියයට 62ක් විය.


    මෙයට අමතරව ඉදිරි මාස තුන තුළදී රත්නපුර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි මැතිවරණ කොට්ඨාස 29කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 64ක ග්‍රාම නිලධාරි වසම්වල ජනතා සත්කාර ජංගම‍ සේවා වැඩසටහන් 2696ක් පැවැත්වීමටද රජය මේ වන විටත් සියලු කටයුතු සංවිධානය කර ඇත.   


    HC/DW_med

    mobile services in Badulla 1

    mobile services in Badulla 2

    mobile services in Badulla 3

    mobile services in Badulla 4

    mobile services in Badulla 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya