අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාපය ආණ්ඩුව වැටෙයි කියා දවල් හීන බලනවා

    මැයි 20, 2014

    ආණ්ඩුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ යුත්තේ ඒකාබද්ධ විපක්ෂය වුවද මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පමණක් යැයි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රකාශ කළේය.


    දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ හෝ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ හෝ මන්ත්‍රීවරුන් මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකිරීමෙන් පෙනෙන්නේ ඒකාබද්ධ විපක්ෂය එක් ව රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට එජාප නායකයා අසමත්ව ඇති බවයි.


    අමාත්‍යවරයා එසේ පැවසුවේ අද (20) එජාපය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.


    Mahindananda Aluthgamage mpමීට පෙර පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාවලදී විපක්ෂය ඒකාබද්ධව එය ඉදිරිපත් කර ඇතැයි ද ඉතිහාසය විමසා බලන ලෙස ද අලුත්ගමගේ මහතා ඉල්ලා සිටියේය. අද තියෙන්නේ වඳ බැහැපු යූඇන්පී එකක්. අද තියෙන්නේ නායගියපු යූඇන්පී එකක්. අද තියෙන්නේ සෝදාපාළුවට ලක් වූ එක්සත් ජාතික පක්ෂයක්.


    රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙසේ ද කීය.


    මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා: අඩුගානේ මේ චෝදනා ගේන්න කලින්....අද එජාපයට තියෙන්නේ කුඩු ප්‍රශ්නය නෙවෙයි. අද එජාපයට මේ ආණ්ඩුවත් එක්ක යන්න බෑ. අද තමුන්නාන්සේලාට මාතෘකා නෑ. අද මේ රටේ යුද්ධය ගැන කතා කරන්න නෑ. විදුලිය ගැන පාරවල් ගැන කතා කරන්න නෑ. කුඩා තේවතු හිමියන් ගැන කතා කරන්න නෑ. මිනිස්සුන්ගේ ප්‍රශ්න මේ ආණ්ඩුව විසඳලා. මේ ආණ්ඩුව ජනතාවාදී ආණ්ඩුවක්. මේ ආාණ්ඩුව ජනතාවට වැඩකරලා තියෙන ආණ්ඩුවක්. ඒ නිසා තමයි උතුර නැඟෙනහිර ඉඳලා දකුණ, බස්නාහිරට මේ රටේ සියලු ජනතාව මේ ආණ්ඩුව ශක්තිමත් කරන්න කටයුතු කළේ.


    අද විපක්ෂය කියනවා කුඩු ජාවාරමේ කේන්ද්‍රස්ථානය ලංකාව කියලා. ඉතිහාසය ගත්තොත් මේ රටට කුඩු ගෙනාවේ කවුද? මේ නම්..; ජෝන් අමරතුංග මන්ත්‍රීතුමා දන්නවා ඇති මේ ගොල්ල ගැන. මේ නම් දන්නවද? අහලා තියෛනවාද? රත්ගම විපුල, මොරටුවේ වසන්ත මෙන්ඩිස්, කවුද මේ?. මේ තමයි එජාපය වෙනුවෙන් වැඩිම පාතාලේ වැඩ කරපු, කේම්බ්‍රිජ් එකේ හවසට තේ බොන මිනිස්සු. වැඩියෙන්ම යූඑන්පියට වැඩ කරපු දෙන්නා. අද මොකක්ද වෙලා තියෙන්නේ. කුඩු ගෙනල්ලා අහුවෙලා මේ වෙනකොට මිලියන 8ක දේපොළ තහනම් කරලා තියෙනවා.


    එදා මාතර ඉඳලා ආව පෙළපාළියක්. කවුද ඉස්සරහා හිටියේ. මේ කට්ටිය තමයි ඉස්සරහා හිටියේ. මේ ගොල්ලෝ තමයි කුඩු ගේන්නේ. මේ ගොල්ලෝ තමයි කුඩු ගෙනාවේ. අද කුඩු ගේන එක නවත්තලා. නවත්තපු නිසා යූඑන්පී එකට රිදිලා. ඇයි තමුන්නාන්සේලාගේ පක්ෂෙට සල්ලි දෙන මිනිස්සු මේ. අද විපුලලාට වසන්තලාට කුඩු ගෙන්නන්න බෑ. අද යූඑන්පී එකට සල්ලි දෙන්න බෑ. ඒ නිසා තමයි. අද ජනතා විමුක්ති පෙරමුණ මෙතැන නෑ. ටීඑන්ඒ එක නෑ. අද අර්ජුනලා නෑ. ඇයි? ජෙවීපී එකට ටීඑන්ඒ එකට අර්ජුනට කුඩුකාරයෝ නෑ. අද ඒ ගොල්ලන්ට කුඩුකාරයෝ උදව් කරන්නේ නෑ. කුඩුකාරයින්ට උදව් කරන විපුලලා වසන්තලා රකින යූඑන්පී එකට තමයි මේ මහා කුඩු ජාවාරම ගැන වේදනාවක් ඇති වුණේ. දැන් කවුද කුඩු ගේන්නේ? ඔබතුමා නැගිටලා කියන්න. මම කිව්වා රත්ගම විපුල. මොරටුවේ වසන්ත. ඔබතුමා නැගිටලා කියන්න.

     

    රංග බණ්ඩාර මන්ත්‍රීතුමා: අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා...

     

    මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා: හරි අග්‍රාමාත්‍යතුමාගේ ලේකම් කෙනෙක් ලිපියක් ලබාදීලා තියෙනවා සහනයක් ලබාදෙන්න කියලා. ඒකෙ කිසිම කුඩුවලට සම්බන්ධතාවයක් නැහැ. අගමැතිතුමා දන්නෙත් නැහැ. එතුමා කියලත් නැහැ. අගමැතිතුමා නොදැනුවත්ව එතුමාගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් ලිපියක් දීලා තියෙන්නේ කුඩු නිදහස් කරන්න නෙමෙයි. එතුමාගේ රැඳවුම් ගාස්තුවලට සහනයක් ලබාදෙන්න කියලයි. ඕනෑම කෙනෙකුට චෝදනා එල්ල කරන්න. අගමැතිතුමා වගේ පරිණත දේශපාලඥයෙක් ලියුමක් දෙයිද? ඒ නිසා බොරු චෝදනා එල්ල කරන්න එපා. ඒ පරීක්ෂණයෙන් කිසිම දෙයක් ඔප්පුවෙලා නෑ. මේ ආණ්ඩුව යටතේ කුඩු ගෙන්නපු එක්කෙනෙක්වත් නෑ. අපි පැහැදිලිවම කිව්වා. කේම්බ්‍රිජ් පෙදෙසට ගිහිල්ලා හවසට තේ බොන අයගේ නාමලේඛනය කිව්වා. මිලියන අටක කුඩුවලින් හම්බකරපු දේපොළ රාජසන්තක කරලා තියෙනවා, විපුල සහ වසන්තගේ. කවුද හවසට කේම්බ්‍රිජ් පෙදෙසට ගිහිල්ලා තේ බොන අය. කුරුඳු පොලු අරගෙන මාතර එන අය.


    යූඑන්පී කාරයන්ට අමතරව කවුද මේ කුඩු ගෙන්වන්නේ. කුඩුගෙන්වන්නේ ත්‍රස්තවාදියෝ. කුඩු ගෙන්වන්නේ පාතාලෙන්. මේ ආණ්ඩුව ත්‍රස්තවාදය සහමුලින්ම විනාශ කළා. ටීඑන්ඒ මන්ත්‍රීවරු කතාකරනවා; නවගුණවැල අරගෙන. තමුන්නාන්සේලාගේ එල්ටීටීඊ කාරයෝ තමයි ජාත්‍යන්තරයේ කුඩු ගෙනාවේ. කුඩු වෙළඳාම කළේ කවුද? එල්ටීටීඊ කාරයෝ. වැඩියෙන්ම කුඩු වෙළඳාමට උදව්කරපු ත්‍රස්තවාදය අපි අහෝසි කළා. එතැනින් නැවතුණේ නැහැ. දෙවැනියට කුඩු ගේන්නේ පාතාලයෙන්. අද පාතාලේ හැංගිලා. අද ලංකාවෙම පාතාලය සම්පූර්ණයෙන් අහෝසි කරලා. කුඩු වෙළඳාම මේ ආණ්ඩුවට කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ රටේ පාතාලය ඉන්න ඕන. පාතාලය තමයි කුඩු ජාවාරම කරන්නේ. පාතාලය ඉවර කරා නම් ත්‍රස්තවාදය ඉවර කරා නම් අපි මොකට ද මේ කුඩු ගැන කතා කරන්නේ.


    අද ලංකාවේ කුඩු අත්අඩංගුවට ගන්න ප්‍රමාණය බලන්න. ග්රෑම් 100යි 200යි. යන්න ඉන්දියාවට කිලෝ 3000යි. පකිස්ථානයට යන්න කිලෝ 10000යි. යන්න ඇෆ්ගනිස්ථානයට කිලෝ 20000යි. අනිත් රටවල කිලෝ 10000, 20000 කුඩු ගේන කොට ලංකාවට එන්නේ තාම කුඩු කිලෝ 100යි. මේ වෙනකොට කුඩු විකුණලා වැරදිකරුවන් වෙච්ච 55 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කරලා තියෙනවා මේ අවුරුදු පහට. මේ රටේ 40000ක් 50000ක් මරපු එල්ටීටීඊකාරයෝ 55කට එකවර මරණ දණ්ඩනය දීලා නැහැ. අද කුඩු ග්රෑම් 2ක් ගෙනත් වැරදිකරු වුණොත් දඬුවම මරණය. ඒක තමයි රටේ නීතිය.


    මේ ගොල්ලන්ට තියෙන ප්‍රශ්නය කුඩු නෙමෙයි. කැසිනෝ නෙවෙයි. මේ ගොල්ලන්ට තියෙන ප්‍රශ්නය එදා වේල ටුවර්ස්. විපක්ෂයට යන්න මාතෘකාවක් නෑ. ඔබතුමාලට අද කතා කරන්න මාතෘකාවක් නෑ. තමුන්නාන්සේලා මේ ආණ්ඩුව වැටෙයි වැටෙයි කියලා දවල් හීන බලනවා. තමුන්නාන්සේලාට මේ ආණ්ඩුව වට්ටන්න බැහැ. මේ ආණ්ඩුව මේ රටේ ජනතාව වෙනුවෙන් කළ යුතු සියලු දේ කරලා ඉවරයි.


    හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි/ නිරංජලා දිල්රුක්ෂි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya