වසර 2010 සිට කල්කටාව නගරය පදනම් කරගෙන චිත්‍රාරන්ජන් ජාතික පිළිකා ආයතනය විසින් සිදු කළ පර්යේෂණ වාර්තාවක් මගින් මෙම තත්ත්වය වාර්ත කර ඇත.
මෙම වාර්තාවෙන් තවත් කරුණක් සැළකිල්ලට භාජනය වී තිබේ.එනම්, ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල කාබන් අංශු වාතයට මුදා හැරීම ඉහළ යාම නිසා ඉදිරි දශක කීපයතුල දී ඉන්දීය පරිසර දූෂණය ඉහළ යන බවයි.
තවද, ලෝකයේ විෂදුමරය පවතින නගරය බීජිං නගරය වුවත්,මෙම දත්ත වාර්තාව අනුව බීජිං වායුවේ ඇති කාබන් අංශු ප්‍රචාරණයට වඩා දෙගුණයක් දිල්ලියේ වයුවේ අන්තර්ගතව පවතී.එබැවින් දිල්ලියේ ජීවත්වන ළමුන්ගෙ පෙනහලු අනෙකුත් අයට වඩා තෙගුණයකින් පමණ ආරක්ෂා කිරීමට අදාළ බලධරීන් පියවරගත යුතු බවයි.
එසේ නොවුණ හොත් අනාගතයේ දී ඔවුන්ට විවිධ සෞඛ්‍ය ගැටලුවලට මුහුණපෑමට සිදුවන බව ද මෙම වාර්තාව පෙන්වා දෙයි.එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව ලෝකයේ වඩාත්ම පරිසර දූෂිත නගර 20 අතරින් 13 වන ස්ථනය ඉන්දියාව පත්ව තිබේ.එයට හේතු වී ඇත්තේ වාහන මගින් නිකුත් කරන කාබන් දුමාරය පිළිබඳ අඩු අවධානයක් යොමු කිරීම, කර්මාන්ත ක්ෂේත්‍රය අධික ලෙස වර්ධනය වීම,නගරයේ ජනගහනය අධික ලෙස ඉහළ යාම, අපද්‍රව්‍ය අපරික්ෂාකරී ලෙස දහනය කිරීම ආදී කරුණු නිසා නගරික වායුව දූෂණය වීමට හේතු වී තිබේ.
කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් India's first air-quality Index (පළමු ඉන්දියානු වායු තත්ත්ව දර්ශකය)අප්‍රේල් මාසයේ දී එළිදැක් වීය.එහෙත් ගල් අඟුරු ආශ්‍රිත කර්මාන්ත නිසා ඉන්දියාවේ වාර්තාවන වායූදූෂණය තව තවත් ඉහළ යන බව ටයිම්ස් සඟරාව තවදුරටත් වාර්තා කරයි .
උපුටා ගැනීම- ටයිම්ස් සඟරාව-2015-06-15කලාපය