අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකාවේ සංචාරක සිතියම වෙනස් වෙයි

    මැයි 26, 2015
    සත්වෝද්‍යානයක් කියූ සැනින් අපට මතක් වන්නේ කූඩුවක සිරකොට ඇති සතුන් ඇති දෙහිවල සත්තු වත්තයි. ඒ වෙනයමක් නිසා නොව ලංකාවේ අපට සියලු සතුන් එකවර නැරඹිය හැකි ආකාරයෙන් පවතින එකම ස්ථානය වන්නේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය බැවින් නිසා එය එසේ වීම අරුමයක් නොවේ. එහෙත් ඒ අරමු පුදුම කතාව දැන් අතීතයට එකතු වී ඇත. වර්තමානයට අලුත් කතාවක් අලුත් අත්දැකීමක් එක් වී ඇත. ඒ විවෘත සත්වෝද්‍යාන සංකල්පයයි. එය ශ්‍රී ලාංකිකයන්ට නම් තරම් අමුතු ආකාරයේ අත්දැකීමක් වුවත් එවැනි සංකල්පයන් පවතින රටවල සංචාරකයන්ට නම් එම ක්‍රමය පුදුම එළවන කරුණක් නොවුනත් මේ හරහා ලැබෙන අත්දැකීමනම් අලුත්ම ආකාරයේ එකක් වනු නොඅනුමානය. 
     
    කෑගල්ල දිස්ත්‍රික්කයේ පින්නවල කියූ සැනින් මතක් වන්නේ දිවයිනේ නොයෙක් ප්‍ර දේශවල වනාන්තර තුළ ජීවත්වන එහෙත් තම මව අහිමි ව වනයේ අතරමං වන පුංචි වන අලි පැටුවුන්ට සෙවණ සලසන පින්නවල අලි අනාථාගාරයයි. 
     
    එහෙත් අද පින්නවල සංචාරයක යෙදෙන්නෙකුට වනයේ අතරමංව කිසිඳු සරණක් නොමැති ව මිනිස් සරණ බලාපොරොත්තු වන අහිංසක පුංචි අලි පැටවුන්ට අමතර ව තවත් සෙසු සමාජිකයන් නැරඹීමේ අවස්ථාව හිමි වී ඇත. ඒ පින්නවල පින්නලන්ද වත්තට ආසන්න අක්කර 47ක් පුරාවට ඉදිකොට ඇති එහෙත් සම්පූර්ණයෙන් සියලු සංවර්ධන කටයුතු නිමා කොට නොමැති විවෘත සත්වෝද්‍යානය හරහාය. මෙය ශ්‍රී ලංකාවට අලුත් අත්දැකීමකි. මේ නවමු අත්දැකීම ජාතියට තිළිණ වන්නේ 1995 වසරේ එවක හිටපු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය
    දිවංගත ධර්මසිරි සේනානායක මහතාගේ සංකල්පයක් අනුවය. 
     
    pinnawala006gossiplankanews
    මූලික අදියර යටතේ මෙම සත්වෝද්‍යානය ඉදිකොට ඇත්තේ එවකට පැවැති වාගොල්ල ගොවිපොළ භූමියෙන් ලබාගත් අක්කර 47ක් කේන්ද්‍රකරගනිමින් වුවත් මෙම සත්වෝද්‍යානයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය අක්කර 140කින් පමණ සමන්විත වේ.  මෙහි පළමු අදියර යටතේ යටතේ ඉදිකොට ඇති භූමි ප්‍රමාණය දෙහිවල සත්වෝද්‍යානය තරම් දෙගුණයක් විශාලය. ඒ සඳහා රජය රුපියල් මිලියන 800කට අධික මුදලක් වැය කොට තිබේ. මේ වන විට සත්ව විශේෂ කිහිපයකගෙන් යුතුව විවෘත කොට ඇති මෙම සත්වෝද්‍යාන තවමත් ඉදිවෙමින් පවතින බව නොකියා බැරිය. 
     
    එනිසා වෙන් ම ශ්‍රී ලංකාවේ වනාන්තර තුළින් දැකගැනීමට අවස්ථාව ලැබෙන සියලු සතුන් මෙම සත්වෝද්‍යානයේ දී දැකබලා ගැනීමේ අවස්ථාව තවමත් නොපවතින අතර එසේ බලාපොරොත්තුවීම නොකළ යුතුය. 
     
    මෙවැනි සත්වෝද්‍යානයක් ඉදිකිරීමේ අරමුණ වන්නේ වඩා පහසුවෙන් සතුන් මෙන් ම සතුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව සංචාරකයන් වෙත ලබාදීමටයි. මෙහිදී සතුන් වනාන්තරයක දී මෙන් නොව ඉතා පහසුවෙන් නැරඹිය හැකි වුවත් සතුන් දැකගැනීම සඳහා ඉවසිලිවන්න විය යුතුය. වනාන්තරයක සෆාරි චාරිකාවක දී එම වනාන්තරයේ සිටින සතුන් කිහිපදෙනෙකු නැරඹීමට නම් ඉවසිලි විය යුතුය. නොඑසේ නම් සතුන් මෙන් ම සතුන්ගේ චර්යාවන් ද නිරීක්ෂණය කළ නොහැකිවේ. ඒ තරම් ම අපහසුවකින් තොරව සතුන් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව මෙම එළිමහන් සත්වෝද්‍යාන සංකල්පය හරහා ලැබෙන නමුත් එය දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් නැරඹීම තරම් පහසු කාර්යයක් නොවේ.
     
    වඩා වැඩි භූමි ප්‍රදේශයක නිදහසේ හැසිරීමට සතුන්ට මෙමගින් අවස්ථාව ලැබෙන අතර වඩා ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ මහජනතාවට සතුන් නිරීක්ෂණය කිරීමට ඉඩ අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාවේ දිවියන් සඳහා වූ “දිවි අරණ” ශ්‍රී ලංකාවේ මුවන් සඳහා වූ “මුව අරණ” මෙන්ම “කිඹුල් අරණ” හා “වලස් අරණ” මුල් අදියර යටතේ මෙහි ආරම්භ කිරීමට යෝජනා වූ අතර දැනට ‘දිවි අරණ’ හා ‘මුව අරණ’ සංචාරකයන් සඳහා ඉදිකර අවසන්ය. එහි ශ්‍රී ලංකාවේ දිවියන් හා මුව වර්ග හතරක් ප්‍රදර්ශනයට කටයුතු යොදා තිබෙනවා. තිත් මුවා, ඕලු මුවා, ගෝනා හා මීමින්නාගේ ජීවන රටාවන් මෙහිදී නිරීක්ෂණය කළ හැකියි.18112 988265851206522 8722572914628237348 n
     
    දැනට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් අතරින් 70%ක් පමණ පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණෙන බවට තොරතුරු අනාවරණය වී ඇත. අලි අනාථාගාරය සමීපයේ පිහිටා ඇති මෙම පින්නවල එළිමහන් සත්වෝද්‍යානය නිසා දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම තවත් වර්ධනය වීමෙන් මෙම ප්‍රදේශය අනාගතයේ දී දිවයිනේ ප්‍රමුඛත ම ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වෙනු ඇත.
     
    නව එළිමහන් සතුන් වත්ත නැරැඹීම සඳහා ද විද්‍යුත් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර තිබෙන අතර දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා සත්වෝද්‍යානයට ඇතුළුවීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරන අතර පස්වරු 6.00 දක්වා සතුන් නැරඹීමට අවස්ථාව සලසා දී ඇත.
     
    ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක සිතියමේ වෙනසක් කරමින් අලුතින්ම එක්වුණු මෙම එළිමහන් සත්වෝද්‍යාන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකට ශක්තික් වෙනු ඇත.
     
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya