අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශාක නිරෝධායනය - පිටරට සමඟ ගනුදෙනු කරන හැටි හරියටම දැනගමු

    මාර්තු 27, 2015
     

    aggryඈත අතීතයේ සිටම ලෝකයේ රටවල් අතර විවිධ ගනුදෙනු සහ සම්බන්ධකම් පැවති තිබෙනවා. මුහුදු මාර්ග සහ ගොඩබිම් මාර්ග එම සම්බන්ධකම් වර්ධනය වීම කෙරෙහි යහපත් බලපෑමක් ඇති කළා.

     

     

    සේද මාවත ඔස්සේ පෙරදිගට සංක‍්‍රමණය වූ පිරිස් වලට අපේ රට සුවිශේෂී වෙළඳ මධ්‍යස්ථානයක් වී තිබුණා. මුතු මැණික් ඇත්දල වැනි වටිනා වෙළඳ භාණ්ඩත් කුරුඳු වැනි අපනයන බෝගත් අලි ඇතුනුත් එදා අපේ අපනයන භාණ්ඩ ලෙස ප‍්‍රචලිතව පැවතුණා. රෙදිපිළිපෝසිලේන්මැටි බඳුන් ලෝහ භාණ්ඩ සහ අශ්වයින් විදේශ රටවලින් අපට ලැබුණා.

     

    airplneලෝකය විශ්ව ගම්මානයක් සේ සැළකෙන වර්තමානයේ රටවල් අතර ගනුදෙනු සීඝ‍්‍රලෙස වැඩි වී තිබුණත් ඒ සියල්ලම සිදුවන්නේ ජාත්‍යන්තරව පිළිගත් නීති රෙගුලාසි සහ ක‍්‍රමවේදයන්ට අනුකූලවයි.

    ඒ අනුව අපේ රටේ ශාක ද්‍රව්‍ය ආනයනය සහ අපනයනය සිදුකෙරෙන්නේ 1999 අංක 35 දරණ ශාක ආරක්ෂණ පනතේ සඳහන් විධිවිධානයන්ට අනුවයි

    මේ පිළිබඳව සිදුකෙරෙන ක‍්‍රියාවළිය ශාක නිරෝධායනය යනුවෙන් හඳුන්වනු ලබනවා. මීට අදාළව කටයුතු කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ජාතික ශාක නිරෝධායන සේවාව නමින් ආයතනයක් පිහිටුවා තිබෙන අතර එම ආයතනය යටතේ පහත සඳහන් උප ආයතන පිහිටුවා තිබෙනවා,

    *කටුනායක ගුවන්තොටුපලේ ශාක නිරෝධායන ඒකකය

    *කොළඹ වරාය ශාක නිරෝධායන ඒකකය

    *ගන්නොරුව ශාක නිරෝධායන ඒකකය

    *මත්තල ගුවන්තොටුපලේ ශාක නිරෝධායන ඒකකය (යෝජිත)

     

    aggry labජාතික ශාක නිරෝධායනය මගින් :

     

    නීත්‍යානුකූල පදනමක් යටතේ ආරක්ෂාකාරී ලෙස ආක‍්‍රමණශීලි හෝ ආගන්තුක ශාක සහ ශාක ද්‍රව්‍ය මෙන්ම ශාක පලිබෝධ මෙරටට පැමිණීම වැලැක්වීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනු ලබනවා.

    එහිදී ශාක වලට හානිකළ හැකි ශාක පලිබෝධ යම් රටකට අළුතෙන් ඇතුළුවුවහොත් ඔවුන්ට අදාල ස්වභාවික සතුරන් තම පරිසරයේ නොමැති වීමට ඉඩ ඇති නිසා පහසුවෙන් පරිසරයට අනුවර්තනය වී දරුණු ලෙස වගාවන්ට සහ පරිසරයට  හානිකර තත්වයක් උදාකිරීමට ඉඩ තිබෙනවා. එම නිසා නීත්‍යානුකූලපදනමක් මත ආක‍්‍රමණශීලී ආගන්තුක ශාක හෝ ශාක ද්‍රව්‍ය සහ ශාක පලිබෝධ රටට ඇතුල්වීම වලක්වනු ලබනවා.

    ශාක සහ ශාක ද්‍රව්‍ය අපනයනය කරන අවස්ථාවල අපනයනය කරන රටෙහි නිරෝධායන අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි ඒවා අපනයනය සඳහා සූදානම් කිරීම සිදුකරනු ලබනවා.

     

    ශාක නිරෝධායන සේවාව නිසා සැලසෙන වාසි :

    • පලිබෝධ හා රෝග වලින් තොර ශාක හෝ ශාක ද්‍රව්‍ය අපනයනය කිරීමට හැකිවීම තුලින් වැඩි විදේශ විනිමය ප‍්‍රමාණයක් උපයාගැනීමට හැකිවීම.
    • පලිබෝධ වලන් තොර අත්‍යාවශ්‍ය වූ ශාක ද්‍රව්‍ය පමණක් ආනයනය කිරීමට ඉඩ සැලසෙන නිසා අප රටේ වගාවන් රෝග හා පලිබෝධ වලින් ආරක්ෂාවීම.
    • අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පමණක් ආනයනය කිරීම නිසා දේශීය ගොවියා ආරක්ෂා වීම.
    • තෝරාගත් ශාක සහ ශාක ද්‍රව්‍ය පමණක් අපනයනය කිරීම නිසා අපරටේ වදවීයන ශාක සහ ශාක ද්‍රව්‍ය  රැක ගැනීමට හැකිවීමත් ජෛව විවිධත්වය ආරක්ෂා වීමත් සිදු වීම.

     

    කෘෂි නිෂ්පාදන අපනයනය කිරීම :

    ඔබ විසින් නිපදවන කෘෂි නිෂ්පාදන අපනයනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ශාක ස්වස්ථතා ස්වස්ථතා සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය වේ. ඒ සඳහා ජාතික නිරෝධායන සේවය මගින් නිකුත් කන ලද අයදුම්පත‍්‍රයක් සම්පූර්ණකොට ඉදිරිපත් කළ යුතුයි. කටුනායක ජාතික ශාක නිරෝධායන සේවයෙන් හෝ එහි උප ඒකක වලින් එම අයදුම්පත් ලබා ගත හැකියි.

    අපනයනය කිරීමට අදාල ශාක වර්ගය හෝ ශාක ද්‍රව්‍ය වලට අදාල වන රාජ්‍ය ආයතනයෙන් ලබා ගත් ලිපියක් අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතුයි. උදාහරණ ලෙස එළවළු සහ පලතුරු සහ රෝපණ ද්‍රව්‍ය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ද තේ සඳහා තේ පර්යේෂණ ආයතනය මගින් ද ජලජ ශාක හා දැව වර්ග සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද ෙඖෂධ ශාක සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින්ද ආදී වශයෙනි.අපනයනය කිරීම සඳහා යෝජිත ශාක හෝ ශාක කොටස් වල ශාක පලිබෝධ කිසිවක් නොතිබිය යුතු අතර ඒ පිලිබඳව ශාක නිරෝධායන සේවයේ නිලධාරින් විසින් පරීක්ෂණ කිරීම තුලින් ඒවා රෝග හා පළිබෝධ වලින් තොර බවට තහවුරු කිරීම සිදුකෙරෙනවා. ශාක පලිබෝධ සහිත අපනයන ද්‍රව්‍ය ප‍්‍රතික්ෂේප කිරීම සිදුකෙරෙනවා.

     

    විසිතුරු පැළෑටි හා කැපූ මල් අපනයනයේදී නිළධාරින් ක්ෂේත‍්‍ර වලට පැමිණ පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබනවා. අපනයනය කරනු ලබන රටවල අවශ්‍යතාවන් මත අපනයනය කරන ශාක ද්‍රව්‍ය ධූමකරණයටද ලක්කෙරෙනවා.apple

     

    අපනයන ද්‍රව්‍ය ඇසුරුම් ද අපනයනය සිදුකරන රටෙහි අවශ්‍යතාවන්ට අනුව සූදානම් කළ යුතුයි. කෙසේවෙතත් අපනයනය කරන ශාක හෝ ශාක ද්‍රව්‍ය වල පස් අඩංගු නොවිය යුතුය.

     

    අපනයනය කරන කෘෂි නිෂ්පාදන රෝග හා පලිබෝධ වලින් තොර බවත් අපනයනය කරන රටෙහි ආනයනය නීතිරීති වලට අනුව අපනයනය කෙරෙන බවටත් සහතික කිරීමත් අනතුරුව ස්වස්ථතා සහතිකය නිකුත් කිරීමත් සිදුවෙනවා.සහතිකය නිකුත් කළ දින සිට දින 14 ක් ඇතුලත කෘෂි නිෂ්පාදන අපනයනය කිරීමට කටයුතු කළ යුතු වෙනවා.

     

    යම්කිසි පලතුරු වර්ගයක් හෝ වෙනත් ශාක හෝ ශාක ද්‍රව්‍යයක් ශ‍්‍රී ලංකාවට ගෙන්වීම සඳහා අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග :

    ජාතික ශාක නිරෝධායන සේවය මගින් නිකුත් කරනු ලබන ආනයන බලපත‍්‍රයක් නොමැතිව කිසිදු ශාකයක් හෝ ශාක ද්‍රව්‍යයක් ආනයනය කිරීම සපුරා තහනම් වේ.

    1999 අංක 35 දරණ ශාක ආරක්ෂණ පනතේ විධිවිධානයන්ට අනුව අවසර  දී ඇති ශාක වර්ග හෝ ශාක ද්‍රව්‍ය වලට පමණක් ආනයන බලපත‍්‍ර නිකුත්කරනු ලැබේ.

    ආනයනය කිරීමට යෝජිත ශාක හෝ ශාක ද්‍රව්‍යයේ පස් අඩංගු  නොවිය යුතුය.

    දකුණු ඇමෙරිකානු නිවර්තන කලාපීය ප‍්‍රදේශ වල පිහිටි රටවලින් ශාක හෝ ශාක ද්‍රව්‍ය ආනයනය කිරීම අත්හිටුවා ඇත.

    ශ‍්‍රී ලංකාවේ නිරෝධායන ප‍්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස ආනයනය කරන සියළු ශාක හෝ ශාක ද්‍රව්‍යයන් ආනයනයට අවසර දෙනු නොලැබේ.

    ආනයන බලපත‍්‍රයන් ලබාගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික ශාක නිරෝධායන සේවයෙන් සහතික අයදුම්පතක් සම්පූර්ණ කිරීමට කටයුතු කළ යුතුය.

    මීට අමතරව පිටරට සිට පැමිණෙන

    අයගේ ගමන් මළු තුළ,ශාක හෝ ශාක ද්‍රව්‍යබීජ හෝ රෝපන ද්‍රව්‍යනැවුම් පලතුරු,නැවුම් එළවළු රැගෙන ඒම සපුරා තහනම් වේ.

     

    annasiමෙම පලතුරු වර්ග ආනයනය කිරීම ද සපුරා තහනම් වේ,

     

    අලිපේරබෙලිඅඹපැපොල්දිවුල්,  කෙසෙල්අන්නාසිඩ‍්‍රැගන්ෆෘට්දූරියන්පේර

    මෙම පලතුරු වර්ග ආනයනය කිරීම සීමා කර තිබේ.

     

    ඇපල්දොඩම්පෙයාර්ස්දෙළුම්මිදිනාරංප්ලම්ස්චෙරිනෙක්ටරින්කිවි ෆෘට්

    ශ‍්‍රී ලංකාවට නැවුම් එළවළු හෝ නැවුම් පළතුරු ආනයනය කළ හැක්කේ නැව් මගින් පමණි.

    කෙසේ වෙතත් කෘෂිකාර්මික අපනයන බෝග නිෂ්පාදනය සීඝ‍්‍රයෙන් වර්ධනය වන වර්තමානයේදී අපනයන බෝග සඳහා ඉහළ විභවයක් පවතින ප‍්‍රදේශවල නිරෝධායන ඒකක ඇති කිරීම මගින් එම බෝග අපනයනය සඳහා උනන්දු වන අයගේ කටයුතු වලට මහත් රුකුලක් වනු ඇත.

    ඔබටත් යම්කිසි ශාක වර්ගයක් හෝ ශාක ද්‍රව්‍යයක් පිටරටින් ගෙන්වීමට හෝ පිටරට යැවීමට අවශ්‍ය වේ නම් එම කටයුත්ත 1999අංක 35 දරණ ශාක ආරක්ෂණ පනතේ විධිවිධානයන්ට අනුකූලව සිදුකර ගත යුතුව ඇත. 

     

    ආචාර්ය එම්.ටී.එම්.ඞී.ආර්. පෙරේරා,

    ස්ථානභාර පර්යේෂණ නිළධාරිනී,

    ශාක නිරෝධායන ඒකකය,

    ගන්නොරුව

    සටහන- ප්‍රභාත් රත්නායක

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya